මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයේ සිට පවුලේ සමාජිකයන් සමග ඉකුත් මස (23) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ අතරමං වි සිටි ජි.මෙකෝ නෝනා නම් මෙම කාන්තාව ඉකුත් මස (29) දින රත්නපුර එරත්න මාර්ගයේදි එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට හමු වූ බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට (23) දින හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම හේතුවෙන් ඉදිකටුපහණ ප්‍රදේශයේදි සිය ඥාතින්ට මෙම කාන්තාව අතහැරි ඇති අතර පසුව ඥාතින් විසින් අතුරුදහන් වු කාන්තාව සොයා ඇතත් ඇය හමු නොවු නිසා යලිත් මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයට ගොස් ඒ පිලිබදව මැල්සිරිපුර පොලිසිය වෙත පැමිණිලිකර තිබෙනවා.
පැමිණිලි කිරිමෙන් පසු මැල්සිරිපුර පොලිසිය විසින් ඒ පිලිබදව නල්ලතන්නිය පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු නල්ලතන්නිය පොලිසිය නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සහ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගයේ පිහිටා ඇති සියළුම පොලිස් මුරපොල වල් වෙත දැනුම් දි ඇති බවයි වාර්තා වෙන්නේ.
එදින ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණ සිටි විශාල වන්දනාකරුවන් පිරිස හමුවේ ඉදිකටුපහණෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයට පිවිසිමට ඇති මාර්ගය ඔස්සේ ගමන් කර ඇති ඇය ශ්‍රි පාද මළුව වෙත නොගොස් යලිත් රත්නපුර එරත්න මාර්ගය ඔස්සේ (29) දින වන තෙක් දින පහක කාලයක් පහලට බැස ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධව හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් මෙම කාන්තාව ඥාති දියණියක් සඳහන් කළේ මෙවැනි අදහසක්.
''මගේ පුංචි අම්මා රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා කියලා අපට පණිවිඩය ලැබුණු ගමන් මම රෝහලට ගිහිල්ලා පුංචි අම්මට ආවතේව කටයුතු කලා , පුංචි අම්මා ශ්‍රි පාදයේ ගිය තත්ත්වයෙන් නෙවෙයි හිටියේ ,බෝහෝම අසාධ්‍ය තත්ත්වයෙන් තමයි හිටියේ. ඒකට හේතුව තමයි දින ගණනාවක් පුංචි අම්මා නිරාහාරව ඉදලා තියෙනවා , එරත්න
මාර්ගය රක්ෂිතයක් හරහා පිහිටා තිබෙන නිසා ඒ මාර්ගයෙන් ශ්‍රි පාදයේ යන අය අඩුයි, මට ඒ බව රෝහලේදි දැන ගන්න ලැබුණා. එරත්න මාර්ගයේ පහලට පුංචි අම්මා බහිනකොට එරත්න පන්සලේ හාමුදුරු නමක් භාවනා කරන්න යනකොට පුංචි අම්මව දැකලා ඒ පිලිබදව ගම්වාසින්ට කියලා තියෙනවා, පස්සේ ගම්වාසින් එකතු වෙලා පුංචි අම්මව රත්නපුර පොලිසියට දැනුම් දිලා රත්නපුර රෝහලට ඇතුලත් කරලා තියෙනවා. පුංචි අම්මගේ නළල සහ කකුල තුවාල වෙලා තියෙනවා , ශ්‍රි පාද මාර්ගයේ පහලට බහිනකොට ඇළක වැටුණා කියලා තමයි පුංචි අම්මා මට කිව්වේ. දැන් නම් පුංචි අම්මා තරමක් සුවෙන් සිටිනවා , පුංචි අම්මා අතරමං වුණාට පස්සේ ජාතික පුවත් පත් කිහිපයකම ඒ පිලිබදව පුංචි අම්මාගේ ඡායාරුප සහිතව පුවත් පල වි තිබුණා.අතරමංවු පුංචි අම්මව සොයලා දෙන්න උදව් කරපු එරත්න පන්සලේ හාමුදුරුවන්ට සහ ගම්වාසින්ට, රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට , පොලිස්නිලධාරින්ට මම ස්තුතිය පුද කරනවා. ''
ශ්‍රි පාද වන්දනාවේ ගොස් අතරමංව සිට රෝහල ප්‍රතිකාර ලබමින් සිටි ජි.මෙකෝ නෝනාව දුරකථනය ඔස්සේ අප සම්බන්ධ කර ගනිමින් කරුණු විමසා සිටි විට ඇය පවසා සිටියේ මෙවැනි අදහසක්.
''මගෙත් එක්ක ශ්‍රි පාදේ ගියපු අයගෙන් මං මග හරුණු අවස්තාවේ ඒ අය සොයාගෙන මම ශ්‍රි පාද මළුවට යන්න හිතාගෙන ගියා. නමුත් මට යන්න බැරි වුණා , මම එහෙම්මම පහළට බැස්සා , කවුරුත් හම්බ වුණේ නැ , කොහොම හරි මට පාර වැරදිලා , දවස් ගාණක් මම පහලට බැස්සා කුසගින්නේ. ඊට පස්සේ මම ඉස්පිරිතාලේ හිටියා එච්චරයි මට මතක.''