ඉන්දීය ධනපතියකු වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහය මේ දිනවල ලොවපුරා කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
ලෝක ප්‍රසිද්ධ ධනවතුන් සහ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය දවස් තුනක් පුරාවට විවිධ තේමා තුනක් යටතේ පැවැත් වෙන බවටයි සඳහන් වෙන්නේ.
මේ අතරම මෙම විවාහ උත්සයට පැමිණි ඇමරිකානු ජනප්‍රිය ගායිකාවක් වන රිහානාගේ ඉදිරිපත් කිරීම ගැන ලෝකය පුරාම කතාබහට ලක්ව තිබෙනවා.
ඒ ඇය ඉන්දියානු සංස්කෘතියට ගෞරවය දක්වමින් පාවහන් නොමැතිව ඇයගේ ඉදිරිපත් කර ඇති බවට සඳහන්.
ඇය ඇයගේ ජනප්‍රියතම ගීත දෙකක් මෙම විවාහ මංගල්‍යයේදී ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක මුදලක් අය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.