බ්‍රිතාන්‍යය රජය තම ආරක්ෂාව පහත හෙලීම සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ නීතිය ඉදිරියේ සටන් වැදුන හැරී කුමරුට අද ඒ සම්බන්ධයෙන් අදහාගත නොහැකි තීරණයක් එරට අධිකරණයෙන් හිමි වුණා..
ඒ ඔහුට ලබා දී ඇති ආරක්ෂාව පහත හෙලීම සාධාරණයි යන තීන්දුව ලබාදෙමින්..
2020 වසරේදී රාජකීය රාජකාරිවලින් ඉවත් වූ පසු ඔහුගේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමට රජය ගත් තීරණය අවලංගු කිරීමට හැරී කුමරු කොතෙකුත් උත්සාහ ගත්තද, අද ලැබුණ මෙම අධිකරණ තීරණයෙන් එය සාධාරණ බවට ඔප්පු වුණා..
පිටු 51ක තීන්දුවක් දී, විනිසුරු පීටර් ලේන්, තීරණයට හැරීගේ අභියෝගය ප්‍රතික්ෂේප කරමින්, බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු කාර්යාලය, රාජකීයයන් සහ පොදු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ එහි විධායක කමිටුව හරහා, ඔහුට මෙම තීන්දුව ලබාදීමද විශේෂත්වයක්..