මේ දිනවල හැමෝම බලගෙන ඉන්නේ මෙන්න මේ පණිවිඩය එනකන්.
ඒ තමයි වැස්ස කොහෙටද වහින්නේ කියන එක ගැන.මොකද මේ දිනවල තියෙන අධික උෂ්ණත්වය නිසා දැඩි අපහසුතාවයකට රටේ ජනතාව පත් වෙලා.මේ කියන්න යන්නේ අද දවසේ කාළගුණ අනාවැකිය ගැන.
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි.