ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි අඩක් නිමකළ නිවසක නාන කාමරය තුළ අති සූක්ෂම අයුරින් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් ගැන කතාවක්..
කොහොම වුණත් මේ වැඩේ කරගෙන ගිය ඒ කියන්නේ මත්පැන් නිශ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් ඊයේඅත්අඩංගුවට ගෙන තිබුණා..
"යුක්තිය" මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටළීමකදී අත්අඩංගුවට පත් 33 හැවිරිදි සැකකරු ඉංගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු සිය රැකියාව වශයෙන් මෙම කටයුත්තෙහි නිරතව සිට ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුණා..
සැකකරුද සමඟින් ගෝඩා ලීටර් 550ක ප්‍රමාණයක්ද, තඹ දඟර, ගෑස් ළිප්, ගෑස් සිලින්ඩර් ඇතුළු පෙරුම් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබූ අතර, ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි..