ශාන්ති කර්මයක් කරන මුවාවෙන් දේවාලය තුළදීම 45 හැවිරිදි රූමත් කාන්තාවක් දූෂණය කරන ලද 60 හැවිරිදි විවාහක දේවාල කපුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා.
පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව දූෂණයට ලක්වූ කාන්තාව කොළඹට ආසන්න ප්‍රදේශයක පදිංචිව සිටින අතර ඇයගේ ඥාතීන් ශාන්ති කර්ම කරවා ගැනීමට සහ පේන ශාස්ත්‍ර ඇසීමට පසුගිය කාලයේ මෙම කපුවාගේ දේවාලයට පැමිණ ඇත.
ඒ වනවිට මෙම කාන්තාවගේ සැමියා විදේශගතව සිට ඇත.
එම කාලය තුළ කපුවා ඇයගේ නිවසටද ගොස් විවිධ ආරක්ෂාවන් සහ ශාන්ති කර්ම කර රුපියල් ලක්ෂ ගණනක් ලබාගෙන ඇති බවත්, පසුව සැමියා ලංකාවට පැමිණ ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ අතර ඥාතීන් සමග ඇයද වඳුරඹ කපුවාගේ දේවාලයට පැමිණි අවස්ථාවේ කොළඹ වැල වරකා නැති නිසා තමාගේ වත්ත පහළට ගොස් වැල වරකා කන ලෙස කපුවා ඥාතීන්ට පවසා කාන්තාව පමණක් දේවාලයේ රඳවාගෙන ඇත.
පසුව ඇය දේවාලය තුළට ගෙන කාමරයේ දොර වසා ව්‍යාජ ආරුඪ බවක් පෙන්වමින් බෙල්ලට පිහියක්ද තබා ඇය බියට පත්කොට අතවර කර ඇත.
එහෙත් ලැජ්ජාව නිසා ඇය ඒ බව එම අවස්ථාවේ කිසිවකුට පවසා නැත.
පසුව ඇය මේ බව සොහොයුරියට පවසා පසුව එම ප්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.