මුහුණු පොත හරහා සංවිධානය කෙරුණු විනෝද සාදයක් අතරතුරු ඇතිවූ රෝගී තත්ත්වයකට පසු දඹුල්ල මහනගර සභාවේ සේවකයෙකු මිය ගිය ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසනවා.
දඹුල්ල කන්දලම මහ වන මැදින් ඇති හෝටලයක මුහුණු පොත හරහා සාමාජික පිරිස් ගෙන්වා මෙම ජංගල් සාදය සංවිධානය කොට ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව පුන් පොහෝ දින රාත්‍රී සිට පසුදා වනතුරුම සාදය පවත්වා ඇති බව සදහන්.
එහිදී ගීත ගයමින් නටමින් විනෝද වෙමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සේවය කළ සම්පත් විජයතුංග නැමැති තරුණයා මෙලෙස හදිසියේ රෝගාතුර බවට පත්ව ඇද වැටී මියගොස් ඇත.