Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
20
තාත්තා නැති දුව අම්මත් නැතිවුණු දුකෙන් අඬද්දි, පුතාගේ කරුමයට අතගැසූ මවත් දරුවාට කිරි දෙන්න ඇප ඉල්ලයි

- තාත්තා නැති දුව අම්මත් නැතිවුණු දුකෙන් අඬද්දි, පුතාගේ කරුමයට අතගැසූ මවත් දරුවාට කිරි දෙන්න ඇප ඉල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

දෙමටගොඩදී මවත් දියණියක් යටකළ වාහනයේ
අයිතිකරුවන් ගැනත් හෙළිවේ

දෙමටගොඩ - මවුන්ට්මේරි ප්‍රදේශයේ කහ ඉරක් මතදී මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්කරමින් රිය අනතුරක් සිදුකර පළාගිය මෝටර් රථය පැදවූ පාසල් සිසුවාගේ මව  ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මේ වන විට නියෝග කර තිබෙනවා.

ඉකුත් 16 වනදා රාත්‍රියේ සිදුවූ  මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි පාසල් සිසුවා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර, ඔහුගේ මව මීට පෙර අත්අඩංගුවට ගෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  ඇය මාස 10 ක ළදරුවෙකුට කිරිදෙන මවක් බැවින් සානුකම්පිත ලෙස සළකා ඇප ලබාදෙන ලෙස ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.



එහෙත් අධිකරණය මගින් ඇයට ඇප ලබා නොදුන් අතර, 15 හැවිරිදි පාසල් සිසුවා හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමටයි නියෝග කර ඇත්තේ.   මේ අතර මියගිය මව සහ දියණිය වෙනුවෙන් අගතියට පත්වූ පාර්ශවයට රුපියල් ලක්ෂ 3 ක මුදලක් සානුකම්පිත දීමනාවක් ලෙස ලබාදෙන්නැයි පැමිණිලි පාර්ශවයේ නීතීඥයන් ඉල්ලා තිබෙනවා.

එහෙත් එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් එලෙස ලබාදීමටයි. කෙසේ නමුත් මියගිය කාන්තාවගේ ජීවත්ව සිටින දියණිය එලෙස කිසිදු මුදලක් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අධිකරණයේදී හෙළිවූ තවත් කරුණක් වූයේ අනතුරට සම්බන්ධ වාහනය කැකිරාව ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක් යටතේ ලියාපදිංචි කර ඇති බවයි.   කෙසේ වෙතත් කහ ඉර මතදී මවක් සහ දියණියක් මරණයට පත්කළ මෙම රිය අනතුර සම්බන්ධයෙන් ගැටළු පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කළා.

මෙම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන බවත් කළක සිට මෙම ප්‍රදේශයට මාර්ග සංඥා පුවරුවක් සවි කරන ලෙසට බලධාරීන්ට දැනුම්දී තිබුණත් මෙතෙක් එයද ඉටුකර නොමැති බවටයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් චෝදනා කර සිටියේ.

පසුගිය 16 වනදා රාත්‍රී 8.50ට පමණ බේස්ලයින් මාර්ගයේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ පාර මාරුවීමට ගිය 47 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ දස හැවිරිදි කුඩා දියණියයි.  ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අනතුරෙන් පසු පළා ගිය පාසල් සිසුවා දෙමටගොඩ පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.  

ඊට පෙර පොලීසියට වෙනත් අයෙකු භාරවී තිබූ අතර, ඊට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධයත් සමඟ දෙමටගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද මතුවුණා.  පාසල් සිසුවාගේ මව අත්අඩංගුවට ගැනුනේ මෝටර් රථය පැදවීමට ඔහුට අවස්ථාව ලබාදීම හේතුවෙන්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top