ඒ තමයි අපේ ආධුනික කලා තරු එකතු වුණු මාරම ක්‍රිකට් තරගාවලියක් එදා දවස පුරාම එතැන පැවැත්වුණා.
එස් එල් රාවෝ (SL Rao) චිත්‍රපට කණ්ඩායම මූලික වෙලා තමයි මේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරලා තිබුණේ. චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වේදිකා නාට්‍යවල ඉන්න දක්ෂ ආධුනික ශිල්පීන්ගෙන් හැදුණු කණ්ඩායම් 16ක්ම මේ තරගාවලියට බැහැලා හිටියේ ලේසිපාසු සටනක් දෙන්න නම් නෙමෙයි.
කණ්ඩායම් 16ක් තරග කරපු මේ මැච් එකේ අවසන් මහා තරගය නම් මාරම උණුසුම් වුණා. ෆයිනල් එකට ආවේ තරගාවලිය සංවිධානය කරපු එස් එල් රාවෝ කණ්ඩායමයි ඉසුරු ෆිල්ම් කණ්ඩායමයි. කොහොම වුණත් තියුණු සටනකින් පස්සේ තරගාවලියේ ශූරතාවය දිනාගන්න ඉසුරු ෆිල්ම් කණ්ඩායම සමත් වුණා. අනුශූරතාවය හිමිවුණේ එස් එල් රාවෝ කණ්ඩායමටයි.
මේ ක්‍රිකට් වසන්තය හැඩකරන්න ජනප්‍රිය රංගන ශිල්පී අර්ජුන කමලනාත් ඇතුළු අපේ කලා තරු රැසක්ම එකතු වෙලා හිටියා. ජයග්‍රාහකයින්ට කුසලාන ලබා දෙන්න ආරාධිත කලා ශිල්පීන් වගේම ව්‍යාපාරික මහත්වරුනුත් සහභාගී වෙලා හිටියේ හරිම උත්කර්ෂවත් විදිහටයි.
තරගයේ සුන්දර අවස්ථා සහ කලාකරුවන්ගේ අදහස් දැක්වීම් රැගත් වීඩියෝ දර්ශනත් මේ වෙද්දිත් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.