ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ධ මහතා අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා පවසන්නේ එහිදී විශේෂ කරුණු 5ක් ගැන අවධානය යොමු වූ බවයි.
මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය ලබා දීම,විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලනීකරණය වීම, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීම සහ අපේක්ෂකයින් සඳහා නාමයෝජනා ලබාදීම පිළිබඳව සාකච්ඡාකර තිබෙනවා.
එළඹෙන මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයකු නම් කිරීම පක්ෂයට බෙහෙවින් අවාසිදායක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවේ දී දැනුම් දුන් බව ද ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කළා.
එම කරුණු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද නිවේදනයේ දැක්වෙනවා.