නිවසේ සේවිකාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු එම කාන්තාවත් සමඟ ලැගුම්හලක ලිංගික කාර්යයේ යෙදී සිටියදී තරුණයාගේ ලිංගය තරුණියගේ රහස් පෙදෙසේ සිරවීම නිසා වෛද්‍ය ප්‍රතිකාර කල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම පුවත වාර්තා වන්නේ කෙන්යාවේ කිටාලේ නගරයෙන්.
සිද්ධියට මුහුණ පෑමෙන් පසු අදාළ පුද්ගලයා හඬනඟා උදව් ඉල්ලා ඇති අතර පසුව හෝටලයේ සේවක මණ්ඩලය පැමිණ සිද්ධිය පිළිබඳ පොලිසියට දැන්වීමෙන් අනතුරුව වෛද්‍යවරුන් ගෙන්වා ඔවුන් දෙදෙනා වෙන් කර තිබෙනවා.
අදාළ පුද්ගලයාගේ බිරිඳ පැමිණ ඔහු තම ස්වාමියා ලෙස තහවුරු කර ඇති අතර අනතුරට මුහුණ පෑ පුද්ගලයා සහ කාන්තාව අත්අඩංගුට ගැනීමට පසුව කටයුතු කර තිබුණා.
මීට පෙරද මෙවැනි සිද්ධීන් කිහිපයක් කෙන්යාවෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.