Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
15
"මට කැත නැත්නම්,මම ඇඟපෙන්නලා අඳිනවා.." - සේමිණි ඉද්දමල්ගොඩ - Exclusive

- "මට කැත නැත්නම්,මම ඇඟපෙන්නලා අඳිනවා.." - සේමිණි ඉද්දමල්ගොඩ - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views

"කොහොමත් මම එයාගේ නීතිවලට යටත් වෙන්නේ නැහැ.."

"මම කැමරාව ඉදිරියෙවත් නිරුවත් වෙන්නේ නැහැ..."

මිට වසර 20 ට පෙර රංගන ශිල්පිණියක් ලෙසින් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු ඇය එදා සිට අද දක්වාම එකසේ ජනප්‍රියයි. 28 සිනමා සිත්තමට සුද්දී වුණු ඇය සේමිණි ඉද්දමල්ගොඩ. කලාත්මක චරිත මෙන්ම වෙනස් චරිත තුළින් ජනතාව අතරට ආ සේමිණි මේ දවස්වල වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වගේම ඇයගේ අලුත් තොරතුරු කිව්වේ මේ විදිහටයි.


28 සිනමා කෘතියට සුද්දී වුණාට පස්සේ සේමිණිව දකින්න ලැබුණේ නැහැ.. මේ දවස්වල හැංගිලා ඉන්නේ ඇයි..?
මේ දවස්වල මගේ වැඩි අවධානය දීලා තියෙන්නේ දුව කුමලීට. එයා මේ අවුරුද්දේ ජූනී මාසේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. එයාගේ අම්මා විදිහට මම කාර්ය බහුල වුණොත් දුවට මාව මග හැරෙනවා. මේ දවස්වල වැඩිපුරම දුවත් එක්ක ඉන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසා වැඩ අඩුවෙන් භාර ගත්තේ.

සේමිණි පුංචි තිරයේ රංගනයට සමුදුන්නා කියන්නේ ඇත්තද..?
සමු දුන්නේ නැහැ. නමුත් මම අවුරුදු පහකින් විතර ටෙලි නාට්‍යකය සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසයි දකින්න නැත්තේ. එහෙම නැතිව සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා නෙමෙයි. මම අවුරුදු පහකට පස්සේ හොද ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණා. ඒ නාට්‍ය ඉදිරියේදී විකාශය වෙයි.

බොහෝ නළුනිළියන් මුදල නිසා නිර්මාණ බොහෝමයක පෙනී ඉන්නවා. නිර්මාණයේ හෝ චරිතයේ ප්‍රමිතියවත් නොබලා.. ඔබත් එහෙමද..?
නැහැ. මම අවුරුදු 20ක් නිළියක් වෙලා. මේ අවුරුදු ගණනට මම සම්බන්ධ වෙලා තියෙන්නේ නිර්මාණ බොහෝම අඩු ගණනක් කිව්වොත් හරි. නමුත් මේ හැම නිර්මාණයක්ම කතාබහට ලක් වුණා. ඒ ඒ චරිත ඔස්සේ රසිකයින්ට මාව මතකයි. ඒ නිසා මම නිතරම හිතන්නේ හොඳ නිර්මාණයක් දෙකකට ඉදහිටලා සම්බන්ධ වුණොත් ඇති කියලයි.

රංගනයට සම්බන්ධ වෙලා අවුරුදු 20ක් වෙනවා. නමුත් තවමත් එකසේ ජනප්‍රිය මට්ටමේ ඉන්න හේතුව විදිහට ඔබ දකින්නේ මොකක්ද..?
මිනිසුන්ට දැනෙන චරිතවලට පමණක් පෙනී සිටීම හා ප්‍රමිතියක් තියෙන නිර්මාණ වලින් මාව දැකීම කියලයි මම හිතන්නේ. ඒ වගෙම මගේ දක්ෂතා උපරිමයෙන්ම පෙන්වන්න පුළුවන් නිර්මාණ මට ලැබීම. මම නිර්මාණයකදී මුලින්ම බලන්නේ පිටපත.

ඔබේ රංගනය බොහෝ අවස්ථාවල ආන්දෝලනාත්මක චරිත බවට පත් වුණා. ඔබට ඉතා ඉහළ ප්‍රමිතියක් තිබෙන පිටපතක කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න අවස්ථාවක් ලැබුණොත්..ඔබ සීමාව ඉක්මවා යනවාද..?
අවුරුදු 20 ට කලින් මම සම්බන්ධ වෙන්නේ ඉතා හොඳ නිර්මාණයකින්. එදා ඉදලා මට නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් මම කරන්නේ මුලින්ම පිටපත කියවන එක. ඒ පිටපතේ මගේ සීමාව ඉක්මවා ගිය දර්ශන තිබුණොත් ඒ නිර්මාණය මම ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කළ නිර්මාණ තියෙනවා. ඇතැම් නිර්මාණවල දර්ශන අධ්‍යක්ෂ එක්ක කතා කරලා වෙනස් කරගන්න පුළුවන් වුණොත් මම සම්බන්ධ වෙනවා. නිර්මාණය කොපමණ සාර්ථක එකක් වුණත් මගේ සීමාව ඉක්මවා ගිහින් නම් මම කැමරාව ඉදිරියෙවත් නිරුවත් වෙන්නේ නැහැ. මට දුවක් ඉන්නවා. මම නිතරම හිතන්න ඕන ඒ ගැන.

විලාසිතා පැත්තෙන් ඇතැම් නිළියන් ජනතාවගේ ආකර්ෂණය ගන්න උත්සහ කරනවා.. සෙමිණි දුවක් ඉන්න අම්මා කෙනෙක්. විලාසිතාවේදී ශරීරය වැඩිපුර ආවරණය වෙන විලාසිතා කරන්න සුදානම්ද..?
කාලෙන් කාලෙට විලාසිතා කියන එක අලුත් වෙනවා. මමත් ලස්සනට අලුත් විදිහට අඳින්න පළදින්න ආසයි. මම නිතරම අලුත් වෙනවා. හැඩය විලාසිතාව එක්ක මට කැත නැත්නම් මම කරන විලාසිතාව මම මගේ ඇඟ පෙන්නනවා. ගොඩක් වෙලාවට මට දුව කුමලි තමයි අලුත් විලාසිතා ගැන කියන්නේ.

සේමිණි කතාබහට ලක් වෙන අවස්ථාවේ දුව කියන්නේ නැත්ද එයාට පාසලේ ළමුන් විහිළු කරනවා කියලා..?
වාසනාවකට ඒ වගේ ප්‍රශ්න නැහැ. මොකද මගේ දුව ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසලක. ඒ ළමයි සිංහල නිර්මාණ බලන අය නෙමෙයි. ඒ නිසා දුවට මම ගැන ප්‍රශ්නයක් නැහැ.

සැමියා කිව්වොත් දැන් රගපෑවා ඇති කියලා.. සේමිණි ඒ වාරණයට යටත් වෙනවද..?
ධම්මික නීති දාන කෙනෙක් නෙමෙයි. කොහොමත් මාව නීතිරීති දාලා කොටු කරන්න බැහැ. මම නීතිවලට යටත් වෙන්නෙත් නැහැ. එහෙම කිව්වොත් මම රගපාන එක නතර කරන්නෙත් නැහැ. මම නිර්මාණ තෝරාගෙන කරන්නේ කියලා එයා දන්නවා. එනිසා ප්‍රශ්න නැහැ.

ඔබ රගපාන නිර්මාණ දුව කුමලි බලනවද.. කොහොමද ඇයගෙන් ලැබෙන ප්‍රතිචාර..?
අපි තුන්දෙනාම එකතු වෙලා තමයි මම රගපාන නිර්මාණ ගොඩක් වෙලාවට බලන්නේ. 28 වුණත් දුව බැලුවා. පොඩි දරුවෙක් වුණත් එයාට තේරුණා මම කළේ අමාරු චරිතයක් කියලා. එයා හරියට මාව අගය කළා. එයා හොද නරක කියනවා.

හර්ෂණී වීරරත්න


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top