Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
15
හදවත සොරාගත් නිළිය නළුවෙකු හා යහන්ගතවීම දරාගත නොහැකි වූ රසිකයා නිළියට කළ සාහසික අපරාධය - Photos

- හදවත සොරාගත් නිළිය නළුවෙකු හා යහන්ගතවීම දරාගත නොහැකි වූ රසිකයා නිළියට කළ සාහසික අපරාධය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

‘‘තමුසේ කියන දෙයක් විගහට කියනවා“
‘‘රසිකයකුට ඒ විදියට කතා කරන එක නරකයි“

ජනප්‍රිය නළු නිළියන්ට ඇතුවත් බැරි නැතුවත් බැරි පිරිසක් හැටියට රසිකයන් හඳුන්වා දිය හැකිය. රසිකයන් අතරේ පවතින ජනප්‍රියතාවය නළු නිළියන්ගේ සාර්ථකභාවයට බෙහෙවින් හේතුවන බව විශ්වාස කෙරේ. තමන් ආදරය කරන නළුවා හා නිළිය වෙනුවෙන් මරණයට පත්වීමට කැමති රසිකයන් ද මේ අතර සිටී. එසේම එම නළුවා හා නිළිය තමාට පමණක් සිමා කරගැනීමට තැත් කරන මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන රසිකයන් ද මේ අතර සිටින බව නොරහසකි.

නැගී එන හොලිවුඩ් නිළියක් වූ සුරූපී රෙබෙකා ෂෙෆර් ද රසිකයකු නිසා අකල් මරණයකට පත් වූ නිළියකි. ඇයගේ මරණය කලා කේෂත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අවාසනාත්මක සිදුවීමකි.


රෙබෙකා සිනමා කේෂත්‍රයට පැමිණියේ නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතරතුරදීය. ෆෝට්ලන්ඩ් ප්‍රදේශයේ ජීවත් වූ රෙබෙකාට නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම සඳහා නිව්යෝක් නගරයට යාමට ඇයගේ මවුපියෝ අවසර දුන්හ. නිව්යෝර්ක් නගරයට ගිය ඇය නිරූපන ශිල්පිනියක් ලෙස රැකියාව කරමින් සිටියදී රඟපෑම කෙරේ ද යොමුවුවාය. වුඩි ඇලන් නමැති සුප්‍රකට විකට නළුවාගේ “රේඩියෝ ඩේස්” නමැති ප්‍රහසන චිත්‍රපටියේ සුළු චරිතයක් රඟපාමින් චිත්‍රපටි ලොවට පිවිසි රෙබෙකා “සෙවටීන්” නමැති ජනප්‍රිය සඟරාවේ කවරයේ චරිතය ලෙස ගැනීමත් සමඟ මහත් සේ ජනප්‍රියත්වයට පත්වුවාය. එහි ප්‍රතිඵලය වුයේ “මයිසිස්ටර් සැම්” නමැති රූපවාහිනි නාට්‍ය මාලාවේ වැදගත් චරිතයක් නිරූපනය කිරීමට අවස්ථාව ඇයට හිමිවීමයි. එම නාට්‍යය රූපවාහිනි කේෂ්ත්‍රයේ අතිශය ජනප්‍රිය නාට්‍ය මාලාවකි.

ඉන් පසුව රෙබෙකාට චිත්‍රපටි ගණනාවකම රඟපෑමට අවස්ථාව හිමි වූ අතර “Scenes from Class stuggle in Beverly Hils” (සීන්ස් ප්‍රොම් ද ක්ලාස් ස්ට්‍රගල් ඉන් බෙවර්ලි හිල්ස්) නමැති චිත්‍රපටියේ නළුවකු සමඟ සයනයේ වැතිර සිටිමේ දර්ශනය රෙබෙකා ෂෙෆර් ගේ ඉරණම විසඳීමට හේතුවිය.

රොබට් ජොන් බාඩෝ රෙබෙකාගේ රසිකයකු වුයේ ඔහුගේ මුල් පෙම්වතිය ලෙස සැලකු සමන්තා ස්මිත් නමැති නිළිය ගුවන් යානා අනතුරකින් මිය ගිය පසුවය. බාඩෝ රෙබෙකාට ආදරය කරන්නට විය. ඇයට ඔහු ආදර ලිපි යැවු රසිකයකුද විය. ඔහු තුළ රෙබෙකා පිස්සුවක් බවට පත් වී තිබිණි. ඔහු එවු එක් ලිපියකට රෙබෙකාගේ ලේකම් විසින් පිළිතුරක් ද යවා තිබිණ. බාඩෝ එක් දිනක ලොස් ඇන්ජලීස් නගරයට ගියේ “මයි සිස්ටර් සැම්” ටෙලි චිත්‍රපටියේ රූගත කරද්දී රෙබෙකා හමුවීමේ අදහස ඇතිවය. එහෙත් රූගත කරන ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරින් ඔහු එතැනින් පන්නා දැමුවේය. ඉන් කෝපයට පත් බාඩෝ පසුව එම ස්ථානයට පැමිණියේ කිනිස්සක් ද අතැතිවය. එහෙත් එදින ද ආරක්ෂක නිලධාරින් දැඩි බාධා ඇතිකිරීම නිසා රෙබෙකා අමතක කර දමා යන්නට ඔහුට සිදුවිය.

එහෙත් රෙබෙකා පිළිබඳ මතකය ඔහුට යළිත් ඇති වුයේ ඇය රඟ පෑ ඉහතින් සඳහන් කළ “සීන්ස් ෆ්‍රොම් ද ක්ලාස් ස්ට්‍රගල් ඉන් බෙවර්ලි හිල්ස්” නමැති චිත්‍රපටිය නැරඹීමත් සමඟය. එහි රෙබෙකා නළුවකු සමඟ සයනයේ නිරූපනය කළ ප්‍රේම ජවනිකාව දුටු ඔහුට ඇය කෙරෙහි ඇති වුයේ කෝපයක්ය.

මේ නිසා ඇයට දඬුවම් කිරීමට අරමුණු කරගත් බාඩෝ ටස්කන් ප්‍රදේශයේ එක්තරා පෞද්ගලික රහස් පරීක්ෂකයකුට ඩොලර් 250 ක් දී රෙබෙකා ෂෙෆර් ගේ ලිපිනය සොයා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව කැලිෆෝනියාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් රෙබෙකාගේ ලිපිනය සොයාගත් එම පෞද්ගලික රහස් පරීක්ෂකවරයා එය බාඩෝට ලබා දුන්නේය. ඉන් පසුව ඔහු සිය සහෝදරයාගේ නමින් පිස්තෝලයක් මිලදී ගත්තේය. ඊට හේතුව වුයේ ඒ වන විට ඔහු දහනව වියේ පසු විමය.තුන්වැනි වරටත් ලොස් ඇන්ජලීස් නගරයට බාඩෝ ගියේ රෙබෙකාගේ නවාතැන පිළිබඳ සියලු තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුවය.

ඔහු ඇයගේ නිවසේ සීනුව නාද කළේය. ඒ අවස්ථාවේ රෙබෙකා සිටියේ ඇයගේ අලුත්ම චිත්‍රපටි චරිතයේ දෙබස් පුහුණු වෙමිනි. සීනුව නාදවීම නිසා ඇය ඉදිරිදොර විවෘත කළාය. එවිට ඇය විසින් එවන ලද ලිපියක් හා ඇයගේ අත්සන සහිත කාඩ් පතක් ද ඔහු ඇයට පෙන්වීය. ඔහු සමඟ හොඳින් කථා කළ රෙබෙකා නැවත නොපැමිණෙන ලෙස පවසා ඔහු පිටත් කර හැරියාය.

බාඩෝ අසල තිබු හෝටලයකට ගොස් ආහාර ගෙන නැවත රෙබෙකාගේ නිවෙසට ගියේය. මින් රෙබෙකා මහත් කෝපයට පත් වුවාය. ඒ අවස්ථාවේ කඩදාසි බෑගයෙන් එළියට ගත් පිස්තෝලය ඇයගේ පපුවට තැබු බාඩෝ වෙඩි පහර දෙකක් ඇයට තැබීය. වෙඩි වැදුණු රෙබෙකා නිවස ඉදිරිපිටම ඇද වැටුණේ මරහඬ නඟමිනි. වෙඩි හඬ ඇසුණු අසල් වැසියෝ එතැනට දිවැවිත් වහාම ඇය ඔසවා තබා ඒ අසල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගියහ. එහෙත් වෙඩි වැදුනු මෙහොතේම ඇය මියගොස් තිබු බව වෛද්‍යවරු ඔවුනට පැවසූහ.

රෙබෙකාගේ ඝාතනයෙන් දිනකට පසු බාඩෝ අත්අඩංගුවට ගනු ලැබුවේ පිස්තෝලයක් අතැතිව මහමඟ දිවමින් සිටි අන්දම දුටු රථ වාහන හිමියකු ගෙන් ලැබු තොරතුරක් නිසාය. අත්අඩංගුවට පත් විගසම තමා රෙබෙකා ෂෙෆර්ට වෙඩි තැබු බව බාඩෝ පිළිගත්තේය.

විශ්‍රාමලත් හමුදා භටයකුගේ හා කොරියන් කාන්තවකගේ දරුවන් හත්දෙනකුගෙන් යුත් පවුලේ බාලම දරුවා බාඩෝය. ඔහුගේ ළමා විය නොයෙකුත් මානසික පීඩා වලින් ගහනය වූ අතර ඔහු වැඩිමහළු සොහොයුරකු අතින් අතවරයට ද ලක් වූ අයෙකු ද විය. ඒ නිසා ඔහු සියදිවි හානිකර ගැනීමට ද තැත්කළ දරුවකු වු අතර මානසික ව්‍යාධියකින් පෙළෙන අයකු ලෙසට ද ප්‍රතිකාර ලැබුවෙකි. එසේම රෙබෙකාගේ ඝාතනයට පෙර නොයෙකුත් ගැටුම් හා සාහසික ක්‍රියා නිසා ඔහු තුන්වරක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.

රෙබෙකාගේ ඝාතනයෙන් පසු මනෝචිකිත්සක පාක් ඩිසෙට්ස් හමුවේ කළ ප්‍රකාශය ඔහුගේ මානසික ව්‍යාධි තත්ත්වය සනාථ කර තිබිණි.

තමා රෙබෙකාගේ නිවෙසේ සිනුව දෙවැනි වර නාද කරන විට දොර විවෘත කළ රෙබෙකා “තමුසේ කියන දෙයක් විගහට කියනවා. මට ඕව අහන්න වේලාවක් නෑ.” යනුවෙන් පැවසු බවත් එවිට තමාට මහත් කෝපයක් ඇති වූ බවත් “රසිකයකුට ඒ විදියට කතා කරන එක නරකයි.” යනුවෙන් පවසා කඩදාසි බෑග් එකේ තිබු පිස්තෝලය එළියට ගෙන ඇයට වෙඩි තැබු බවත් ඔහු උසාවිය ඉදිරියේ පැවසීය. වෙඩි වැදුණු රෙබෙකා ඇද වැටෙන ගමන් “ඇයි මේ ඇයි මේ” යනුවෙන් අවසන් වදන් පැවසූ බවත් ඉන් අනතුරුව තමාට ද හිසට වෙඩි තබා ගන්න හිතුණ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.” රෙබෙකා ඝාතනයේ නඩු තීන්දුව අනුව බාඩෝට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හිමි වූ අතර මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් රථ වාහන අයිති කරුවන් ගේ ලිපින කෙනෙකුට ලබාගැනීමේ හැකියාව මෙම නඩුතීන්දුවෙන් පසු රජය මගින් තහනම් කරන ලදී.

එසේම නළු නිළියන් පසුපස හඹා යාම නීති වීරෝධි ක්‍රියාවක් ලෙසටද මෙම සිද්ධියෙන් පසු නීතිගත වීම මෙම ඝාතනයේ තවත් ප්‍රතිඵලයක් විය.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top