අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ දිනයේ ඉන්දියාවේ නිළ සංචාරයක් සඳහා නික්මුණා.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ අලූයම 1.10ට බැංගලෝරය බලා පිටත්ව ගියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 173 දරණ යානයෙනුයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ නවදිල්ලියේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවකට ද සහභාගි වන අතර ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මුණ ගැසීමට ද නියමිත බවයි.
එමෙන්ම හෙට 23 වන දා නවදිල්ලියේදී ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වන බවයි වාර්තාවුණේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉන්දියාවේ කොල්ලූර් නගරයේ කෝවිලක විශේෂ පුජාවක් පවත්වා තිබෙනවා. එම අවස්ථාවට අගමැති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගි වී සිටියා.