පසුගිය කාලේ අසන්ති රණසිංහ ගැන වැඩිපුරම කතා කරන්න පටන් ගත්තා. ඒ විවාහයත් එක්ක. ඇය රංගන ශිල්පිණියක් වගේම නිරූපණ ශිල්පිණියක්. විටින් විට පුංචි තිරයේ ඇගේ රංගනය දකින්න ලැබෙනවා. ඒ නිසා අලුත් ජිවිතේ ගැන වගේම ඇය ගැන හැදෙන කට කතා ගැනත් අසන්ති හිරු ගොසිප් එක්ක කතා කළා. මේ ඒ ගැනයි තොරතුරු.
අසන්ති විවාහ වෙලා ඒ තරම් කාලයක් නැහැ. පවුල් ජිවිතේ හොඳින් ගෙවෙනවද...?
විවාහය ලොකු වගකීමක් කියලා විවාහ වෙන්න කලින් හිතුවට විවාහය කියන එකත් සාමාන්‍ය දෙයක් කියලයි විවාහ වුණාට පස්සේ මට නම් හිතුණේ. ඒ තරම්ම මම විවාහ ජීවිතෙත් එක්ක සතුටින් කාලය ගත කරනවා.
ව්‍යාපාර කටයුතු එක්ක දෙන්නම කාර්ය බහුල වෙද්දී පවුලට මුල් තැන දෙන්න කාලයක් නැහැනේ...?
මගේ සැමියා ප්‍රශාන්. ඔහුත් ව්‍යාපාරිකයෙක්. මමත් මගේ ව්‍යාපාර තුනක් පවත්වාගෙන යනවා. දෙන්නම කාර්යබහුලයි. නමුත් අපිට සතුටින් ඉන්න පුළුවන් අපි අපිට ආදරෙන් ඉන්න නිසා. දෙන්නම හොඳ අවබෝධයකින් ජිවත් වෙන්නේ. පවුලේ වැඩවලට අපි මුලිකත්වය දෙනවා. ඒක එහෙම වෙන්න ඕන.
සැමියාගෙන් උදව් ලැබෙනවද..?
එයාගෙන් මට ලොකු උදව්වක් ලැබෙනවා.
ඔහුව ඔබට මුණගැහුණට පසුව ඔහු ආදරෙයි කියනකල් ඔබ බලාගෙන හිටියා කියලත් ආරංචියි..?
අපි දැන හඳුන ගෙන සෑහෙන කාලයක් වෙනවා. යාළුවෝ වගේ හිටියා. එයාගේ හිතේ මම ගැන කැමැත්තක් තියනවා කියලා එයා කළ ඉඟි වලින් තේරුණා. මට තෑගී දීලා තියනවා. ඒ තෑගී අතරේ වැඩිපුරම තිබුණේ මල්. ඔය විදිහට ඉන්නකොට එයාගේ ප්‍රසන්න පෙණුමට ගති ගුණ වලට මගේ හිතත් ඇදිලා ගියා. ඉතිං මම ආසාවෙන් බලාගෙන හිටියා එයා මට ආදරෙයි කියනකල් . දවසක් මට මුද්දක් ගෙනත් දීලා එයාගේ යෝජනාව මට කිව්වා. ඒ මොහොතේම මම එයාට මගේ ආදරෙත් ප්‍රකාශ කළා. අකමැති වෙන්න මට නම් කිසිම හේතුවක් තිබුනේ නැහැ.
ඔබේ විවාහයත් එක්ක බොහෝ අය විවිධ කතා කිව්වා.ඔහුගේ භාහිර පෙනුම ඔබට නොගැළපෙන බවට ..ඔබට ඒ ප්‍රතිචාරවලට දුකක් හිතුණේ නැද්ද ..?
එයා මට නම් ගොඩක් ලස්සන කෙනෙක්. එයාගේ උස මහතට මම කැමතියි. සමේ පාටත් එක හේතුවක්. ඒ වගේ පෙණුම නැති අය තමයි ඊර්ශියාවට එහෙම කියන්නේ. කව්රු මොනවා කිව්වත් මගේ සැමියා මට ලස්සනයි. වෙන අයගේ කතා මට වැඩක් නැහැ. මම ජිවත් වෙන්නේ එයා එක්කයි. වැදගත් දේ වෙන්න ඕන එච්චරයි.මම නම් කිසිම විදිහකින් ඕවාට දුක් වෙන්නේ නැහැ .
ඔබ දෙදෙනා ගලපා ගත්තේ ඔහුට ඔබේ ලස්සනත් ඔබට ඔහුගේ මුල්‍යමය වටිනාකම නිසා කියලත් කියනවා ...?
කොහෙත්ම නැහැ. අපි ගැලපුනේ හිත්වලින් මිසක් සල්ලි වලින් නෙමෙයි . මමත් ව්‍යාපාර තුනක හිමිකාරියක්. අපේ දෙමාපියන්ට වත්කම් තියනවා. හිඟන්නෝ නෙමෙයි. එයාටත් එහෙමයි. ප්‍රශාන් ගැන එක එක කතා කියන අය ඇත්තටම කිසි දෙයක් දන්නේ නැහැ . බාහිරින් පෙනෙන දේවල් ඇත්ත නෙමෙයි. වස්තුව මිල මුදල කියන දේ අපි දෙන්නටම හෙට නැති වෙන්නත් පුළුවන්. ඒත් අපේ ආදරේ විවාහ බැදීම පවුල කියන හැගීම සදහටම තියෙයි. නමුත් අපි දෙන්නගේ ආදරේ නැති වුණොත් නම් කිසිම දෙයක් තිබිලා වැඩක් නැහැ. සදාකාලික ආදරේ අපිව සතුටින් තියන්න ඕන කියලයි මම නම් හිතන්නේ.
රඟපෑමට දැන් ඇරයුම් නැද්ද ...?
ඕන තරම් ආරාධනා ලැබෙනවා. නමුත් මම කැමති චරිත ලැබෙන්නේ නැති නිසා ප්‍රතික්ෂේප කරනවා. රඟපාන්න පටන් අරගෙන අවුරුදු 18ක් ඇති . මේ කාලය පුරාවට සම්බන්ධ වුන නිර්මාණ නම් අඩුයි . අවුරුද්දකට එකක් වගේ තමයි භාර ගන්නේ.නමුත් රූප රචනා වලට ඉන්නවා. ඒ නිසා ඉස්සර වගේම ජනප්‍රියයි.
අසන්තිට නම් අඩ නිරුවත අරුමයක් නෙමෙයි නේද ...?
අපේ රටේ අයට අඩනිරුවත්ව නිර්මාණ වලට සම්බන්ධ වෙන එක අරුමයක් වුණාට විදෙස් රටවල එහෙම නැහැ.ජනප්‍රිය ගායිකාවෝ කීදෙනෙක් අඩනිරුවතින් ගයනවද . රඟනවාද. මටත් ඒක අමුතු දෙයක් නෙමෙයි. ශරීරය ලස්සනට තියනවා නම් ඇග නිරාවරණය වුණාට කමක් නැහැ.
ඔබ දේශපාලනය අවතීර්ණ වෙනවා කියලත් කියනවා..?