මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමයින් 10 දෙනෙකු ඇතුලත් කර නොගැනීමට විරෝධය පලකරමින් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා දින 4 ක සිට සිදුකළ උපවාසය අද අවසන් කළා.
ඒ එම ළමුන් පාසලට ඇතුලත් කර ගැනීමට විදුහල්පතිවරයා ලබාදුන් පොරොන්දුවකින් පසුවයි.
කෙසේ වෙතත් අද සවස තෙවරප්පෙරුම අමාත්‍යවරයා විදුලි පංකාවක එල්ලී සියදිවි නසා ගැනීමටද උත්සහ ගෙන තිබුණා.
පසුව උපවාසය අවසන් කිරීමෙන් අනතුරුව ළමුන්ගේ දෙමව්පියන් සමග කතාකරමින් සිටින අතරතුර එක්වරම අමාත්‍යවරයා බිමඇදවැටී තිබුණා.
පසුව අමාත්‍යවරයාව මීගහතැන්න රෝහලට ඇතුලත් කර තිබුණා.
කෙසේ වෙතත් දැන් අප වෙත දැනගන්නට ලැබුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අමාත්‍යවරයාව නවරෝක රෝහල වෙත රැගෙන යමින් පවතින බවයි.
එහි සිටින ප්‍රකාශකයෙකු සඳහන් කළේ අමාත්‍යවරයා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.