පිළිමය නිමවුණේ වයස හැත්තෑ දෙකක ඉන්දීය ශිල්පියකුගේ විස්කමින් දෑතින්
ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරමේ පුණ්‍යෝත්සවය ඊයේ (30 දා) පස්වරුවේ පැවැත්වුණා.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දේශපාලන නායකයන්ද සහභාගී වී සිටියා.