ලෝතුරු සම්මා සම්බුදු පියාණන්ගේ උතුම් වූ තෙමඟුල සිහිපත් කරමින් Hiru TV, Hiru FM හා Dialog එක්ව නිර්මාණය කළ ඇසි-දිසි ඔන්ලයින් තොරණ රාජයා මෙවරත් www.hirufm.lk වෙබ් අඩවියට පිවිස නැරඹීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා.
පින්බර වෙසක් පොහොය නිමිත්තෙන් අඛණ්ඩව තුන්වන වරටත් එළි දක්වන මෙම ඔන් ලයින් තොරණ ලොව ඕනෑම තැනක සිට එකම වේලාවක වැඩිම දෙනෙකුට නැරඹිමේ හැකියාව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ස්ථාපිත විශාලතම මාධ්‍යජාලය වන ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමා ප්‍රමුඛ Hiru TV, Hiru FM හා Dialog එක්ව පින්කැමති ඔබවෙත සැදැහැ සිතින් ගෙන එන මෙම තොරණ රාජයාගේ ඩිජිටල් අලෝකකරණය සහ නිර්මාණ වෑයමේ දායකත්වය ශ්‍රී ලාංකීය ඩිජිටල් මාධ්‍ය කලාවට කවදත් නවමු අත්දැකීම් එක්කල ලෝටස් ටෙක්නොලෝජීස් ආයතනයෙනි.
එකිනෙකට වෙනස් ඩිජිටල් ආලෝක රටා රැසකින් සමන්විත, නිග්‍රෝධමිග ජාතක කථා වස්තුව රැගත් මෙම ඇසි-දිසි ඔන්ලයින් තොරණේ විශේෂත්වය වන්නේ ජාතක කථාව හොඳින් අධ්‍යයනය කරමින් කොටුවෙන් කොටුවට පිවිස ඒ ඒ කොටුවට අදාළ කථාව නාට්‍යානුසාරයෙන් රස විඳීමටද හැකිවීමයි.
මෙවර ඔන්ලයින් තොරණේ විදහා දැක්වෙන කථා වස්තුව වන නිග්‍රෝධමිග ජාතක කථා වස්තුව, පන්සීය පනස් ජාතික කතා පොත ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කරනු ලැබුවේ කණිෂ්ක මීගස්මුල්ල විසින්. මෙහි ඩිජිටල් ආලෝකකරණය දිනේෂ් බණ්ඩාර විසින් සිදුකරනු ලැබූ අතර චිත්‍ර නිර්මාණය තංගල්ලේ කලාකරු චන්දන ජයකුරු විසින් සිදුකරන ලදී.
තොරණේ දර්ශන කිහිපයක් පහතින්....

