පෞද්ගලික අංශයේ සේවකයන්ට අද (01) සිට රුපියල් 1500 කින් වැටුප් වැඩි කිරීමට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර තිබෙනවා.
පෞද්ගලික අංශයට වැටුප් වැඩි කිරීමේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා 2005 අංක 36 දරණ අයවැය සහන දීමනා පනතේ යොදා ඇති ක්‍රමවේදයට සමාන නීතියක් ගෙන ඒමේ අරමුණින් මෙම කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.
පෞද්ගලික අංශයේ සේවක වැටුප් රුපියල් 2500 කින් වැඩි කිරීමේ පළමු පියවර ලෙස අද සිට සේවකයන්ගේ දැනට පවත්නා වැටුප රුපියල් 1500 කින් වැඩි කරනු ලබන අතර දෛනික වැටුප් ලබන සේවකයන්ගේ වැටුපද රුපියල් 60 කින් වැඩි කිරීමට අපේක්ෂිතයි.
දෙවන පියවර යටතේ 2016 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන අතර ඒ වන විට ගෙවන වැටුප තවත් රුපියල් දහසකින් වැඩි කරනු ඇති.
දෛනික වැටුප් ලබන සේවක වැටුපද රුපියල් 40 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.
පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් දස දහසක් වන අතර අවම දෛනික වැටුප රුපියල් හාරසියයක් වනවා.
සකස් කරනු ලබන නීති කෙටුම්පතට ඉහත යෝජනා ඇතුළත් කිරීමට නියමිත අතර කම්කරු ඇමැති එස්. බී. නාවින්න මහතා මෙම යෝජනාවට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලබාගෙන තිබෙනවා.