මේ දවස්වල දිවයින පුරා සාර්ථකව තිරගත වෙන ‘‘සිනහව අතරින්‘‘ චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රවීන ගායන ශිල්පිනියක් වන නිරෝෂා විරාජිනි. ඇයගේ සංගීත අධ්‍යක්ෂණය ආරම්භය වෙන්නෙත් මේ ‘‘සිනහව අතරින්‘‘ චිත්‍රපටයෙන්මයි.
මේ විදියට අලුත් මුහුණුවරකින් ක්ෂේත්‍රයේ වෙනසක් කරන්න හැදුව නිරෝෂා විරාජිනීගෙන් අපි ඇයගේ මේ අලුත් වැඩේ ගැන විස්තර ඇහුවා. ඔය අතරේම ඇය සංගීත අධ්‍යක්ෂණය කරපු නිසා සමහර අය මේකට වැඩි කැමැත්තක් දැක්වූවේ නෑ කියලත් නිරෝෂා අපිත් එක්ක කීවා. ඒ වගේම සනත් ගුණතිලක එක්ක නිරෝෂා මේ චිත්‍රපටයට සම්බන්ධ වුනු එක ගැනත් අපි ඇයගෙන් ඇහුවා.
ප්‍රශ්නය - නිරෝෂාගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ වාදනය කරන්න අකමැති අයත් හිටියලු ?
පිළිතුර - සාමාන්‍යයෙන් කාන්තාවන් වෙනත් දේකට යොමුවෙනකොට පුරුෂයින්ට පමණක් කළ හැකී කියන මතවල ඉන්න අය සමහර විට මගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ සහය වාදකයන් විදියට සහභාගී වෙන්න අකමැති අය ඇති.
ප්‍රශ්නය - සනත් ගුණතිලක වගේම ඔබත් තාම තනිකඩයි ?
පිළිතුර - මාර ප්‍රශ්නයක් ඇහුවේ. මං හිතන්නේ නෑ එහෙම යෝජනාවක් එයි කියලා, එනවා නම් මීට කලින් ඇවිල්ලා.
ඇය සමඟ සංවාදය ඇතුලත් සම්පූර්ණ හඬපටය පහතින් අහන්න
සංවාදය නිලුපුල් චාමිකර