වරදට අට දෙනෙක් කොටුවේ
සිරුර හොයාගත්තේ කැලෑවකින්
යාපනය, කයිට්ස්, පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවිය පාසල් නිල ඇඳුමෙන් සිටියදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අට දෙනෙක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය කයිට්ස් පොලිසිය පවසනවා.
සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවිය පසුගිය 13 වැනිදා උදෑසන පාසල වෙත යෑමට නිවෙසින් පිටත්වී ගොස් ඇති අතර පාසල නිම වී නැවත නිවෙස වෙත නොපැමිණීම පිළිබඳ පරීක්ෂා කර බැලීමේදී අදාළ දැරියගේ මළ සිරුර පසුගියදා (14දා) උදෑසන පුන්කුඩිතිව් 9 වැනි පටුමඟ ආසන්න ප්‍රදේශයේ කැලෑවක තිබී සොයාගත්තා.