Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
තමන්ගේ දෑතින්ම ලිඳට දැම්ම දරුවා ගැන දුකෙන් අඬන මාරවිල අම්මා (වීඩියෝ)

- තමන්ගේ දෑතින්ම ලිඳට දැම්ම දරුවා ගැන දුකෙන් අඬන මාරවිල අම්මා (වීඩියෝ)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

අනේ මගේ බෝල ගෙඩියක් වගේ හිටපු දරු පැටියා..

තාත්තා අපිට ආදරේ නැහැ..

තාත්තා තාම ආවේ නෑ අපිව බලන්න..

මාරවිල කොස්වත්ත පොලිස් වසමට අයත් මොරකැලේ ග්‍රාමයේ මවක් විසින් සිය දරු දෙදෙනාද සමඟ ළිඳකට පැනීමේ පුවතක් පිළිබඳව පසුගිය දොළොස්වන දා වාර්තා වුණා. ඇය මෙසේ ළිඳට පැන ඇත්තේ කාන්තාවක් සිය සැමියාට නිරන්තරයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙන බව පවසමිනුයි.

කවිෂා නෙතුමි නම් වසරක් වයසැති දැරියක් මේ සිදුවීමෙන් මියගිය අතර මධුරි සංජනා (8) හා මව ආර්.එච්. සුදර්ශනා (36) තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.





තිස්හය හැවිරිදි සුදර්ශනී සහ ජූඩ් හා විවාහ වූවේ යෝජනාවකින්.

විවාහ වූ දිනයේ සිට බාල දියණිය ලැබෙන තෙක් දෙදෙනා යහපත් විවාහ දිවියක් ගත කළත් බාල දියණිය ලැබීමෙන් අනතුරුව සුදර්ශනීගේ හැසිරීම වෙනස් වන්නට වූ අතර එම සියලු අමනාපකම්වලට හේතුව වූවේ ජූඩ්ට නිතර ලැබෙන දුරකතන ඇමතුම් බවයි පැවසෙන්නේ.

ඒ ඇමතුම් සමඟ ජූඩ්ට අනියම් බිරියක් ඇතැයි සුදර්ශනී උපකල්පනය කරන්නට වූණා.

නිවෙසේ කිසිදු අගහිඟයක් වූවේද නැත. ජූඩ් තම වැටුපෙන් බිරියටත්, දරු දෙදෙනාටත්, සුදර්ශනීගේ මවුපියන්ටත් යුතුකම් ඉටු කළ ද සුදර්ශනීගේ හදවත බිඳී ගොස් තිබුණ.

එම නිසා ඇය දිගින් දිගටම තමන්ගේම සිතුවිලි ලොවක තනිවෙමින් තම සැමියා සොර අඹුවක හා සතුටු වන බව සිතමින් දුක් වූණා.

ජූඩ්, සුදර්ශනී උයන පිහන දේද ප්‍රතික්‍ෂේප කරමින් කඩවල්වලින් කෑම ගන්නට වූ අතර එයින් සුදර්ශනීගේ සිත තව තවත් වේදනාවට පත්ව සිටියා.

"දැන් මම උයන ඒවත් රස නෑ. ඉස්සර නම් කිව්වේ කොහොමද. මම මේ ගේ අස්සටම වෙලා දරුවොත් බලාගෙන වැඩකාරි වගේ. ඔයා හොඳට හැඩ වෙවි ඉන්නවා."
වාග් ප්‍රහාර දෙන්නා අතරම හුවමාරු වූ අතර අවසානයේ ආරවුලකින් එය කෙළවර වුණා.

පුංචි එකා කෑමොර දෙමින් හැඬුවා. ලොකු දුව දෙනෙත් විසල් කරගෙන බලා උන්නා. සියලු ආරවුල් මැද දරු දෙදෙනාගේ මූණද නොබලා ජූඩ් පසුදිනම නිවෙසින් පිටව යන්නට ගියා.
නොකා නොබී කල්පනා කළ සුදර්ශනී තවදුරටත් මේ කරදර නොවිඳිය යුතු බවට තීරණය කළා. "මගෙන්වත් දරුවන්ගෙන්වත් එයාට වැඩක් නැහැ. මං හදිස්සියේවත් මැරුණොත්, අරයා අරන් එන ගෑනි මගේ දරුවෝ බලාගන්න එකක් නැහැ. වෙනස්කම් කරයි." කෙළවරක් නැති සිතුවිලි ඇගේ සිත වටා පෙළ ගැසුණා.

පැය භාගයක් පමණ ඇඳට වී හඬා වැටුණු ඇය අවසානයේ ජීවිතයෙන් පලා යා යුතු බවට තීරණය කළා. එහෙත් තනිව ඒ ගමන යෑමට ඇගේ සිත දුන්නේ නැත. අවසන් වතාවට තම සැමියාට කතා කරන්නට ඇයට සිතුණත් එම ආසාව ඇය ආයාසයෙන්ම මැඬ ගත්තා.

"එයා දැන් මට ආදරේ නැහැ, එයාට මාව දැන් ඕන නැහැ"
එකම සිතිවිල්ල දස දහස් වාරයක් ඇය පෙළන්නට වුණා.

අවුරුද්දක් වයසැති කිරිකැටි දියණිය කවිෂාව තුරුලු කරගත් ඇය, ලොකු දුව මධුෂාවත් අසලට ගෙන සිප ගත්තා. පුංචි එකීගේ සුරතල් මුහුණ දුටු සුදර්ශනීගේ ඇස්වලින් ගලන කඳුළු නවතා ගත නොහැකි වූණා.වේලාව බැලූ ඇය රාත්‍රි 11.30 බව පසක් කර ගත්තා.

"ලොකු දුව මාත් එක්ක ගමනක් යමු" ඇය පුංචි එකියව කිහිලි ගන්නාගෙන, ලොකු දුවගේ අතින් අල්ලාගෙන නිවෙසින් එළියට බැස්සා.

අම්මාගේ යෝජනාවට විරුද්ධත්වයක් නොදැක් වූ ඇය, තමා මේ ලොව වඩාත් ආදරය කරන, විශ්වාසවන්තිය වූ ආදරණීය අම්මාගේ අත අල්ලා ගත්තා.වත්ත පහළ පිහිටි ළිඳ අසලින් ගමන නිමා විය. හාත්පස අඳුරේ ගිලී තිබුණා.

'මගේ ගාවින්ම ඉන්න' ඇය ලොකු දුවට කීවා.පුංචි එකීගේ හිස තදින් සිපගත් ඇය නොපෙනෙන අඳුරේම කිරිකැටියාව අඳුරු ළිං පතුලට දැමුවා.

ඉන් ලොකු දුව මධුෂා කලබලයටත් බියටත් පත්වූ අතර "අනේ අම්මේ නංගී" ඇයට කීමට හැකි වූවේ එපමණකි.ඇයවද තදින් වැලඳගත් සුදර්ශනී, එක විටම ඇයව උස්සා ළිඳට දැමුවා.
ඒ සමඟම ඇයද ඒ ළිං පතුලට පැන්නා.

එහෙත් වැඩිමහල් දියණිය ළිඳේ කඹය හා බටය අල්ලා ගැනීමට සමත් වූණා.ඇය මහත් වෙර දමා අඳුරේම බටයේ එල්ලුණා.

සුදර්ශනීට අඳුරු අගාධය තුළදී ජීවත්වීමේ ආසාව ඇති වෙමින් තිබුණා.ඇයද වැඩිමහල් දියණිය එල්ලී සිටි කඹයේම එල්ලුණා.

හයක් හතරක් නොතේරෙන අවුරුද්දක් වයසැති කිරිකැටියාට කුමක් වූවාද යන්න සුදර්ශනීට සොයා ගත නොහැකි වුණා.බියට පත්වූ ලොකු දුව මධූෂා "බේරාගනියෝ" කියමින් ළතෝනි දෙන්නට පටන් ගත්තා.

සුදර්ශනීගේ නිවෙස අසලම ජීවත් වූ ඇගේ සොයුරිය වූ ලජීවනීට හා ඇගේ සැමියාටත් ඒ මරණීය විලාපය ඇසුණු අතර ඒ හඬ තම නැඟණියගේ නිවෙස දෙසින් බව වටහා ගත් ඔවුන් වහා දිව ගියත් ඒ හඬ ඇසෙන ඉසව්ව සොයා ගත නොහැකි වුණා.

රැස්ව සිටි පිරිසෙන් අයෙක් ශබ්දය ඇසෙන්නේ ළිඳ තුළින් බව සොයා ගත් අතර මාරයා හා පොර බදමින් සිටි සුදර්ශනී හා මධුෂා දැරිය දැක ගැනීමට විදුලි පන්දම් එළියෙන් ඔවුන්ට හැකි වුණා.

එහෙත් පුංචි එකා ළිඳ තුළ පෙනෙන්නට සිටියේ නැත. අඩි තිහක් පමණ ගැඹුරු ළිඳක් වූ එහි දැඩි වර්ෂාව නිසා අඩි 15ක් පමණ වතුරින් පිරී තිබුණා.
සියලු දෙනාම එක්වී දැරිය හා මව ගොඩට ගත්ත ද කුඩා දැරිය ගැන හෝඩුවාවක් නොලැබුණා.

පසුදින උදෑසන බිලිඳියගේ කිරිකැටි සිරුර ළිං දිය මත පාවෙමින් තිබෙනු දකින්නට ලැබුණු අතර"අනේ මගේ බෝල ගෙඩියක් වගේ හිටපු දරු පැටියා, මම මහ පවුකාරියක්, මොකටද මම ජීවත් වුණේ," හිසේ කෙස් ඇද ගනිමින්, පපුවට ගසා ගනිමින් සුදර්ශනී රෝහල් වාට්ටුවේ සිට විලාප නඟන්නට පටන් ගත්තා.

"මම ගොඩක් ආදරේ අම්මට. අම්මා විතරයි අපිට ආදරේ, තාත්තා අපිට ආදරේ නැහැ, අම්මා මාවයි නංගිවයි ළිඳට දාලා අම්මත් පැන්නා, මම අතට අහුවුණු කඹෙයි, වතුර බටෙයි අල්ල ගත්තා. ඊට පස්සේ අම්මත් වැටුණා, මම අම්මට කඹේ දුන්න අල්ලගන්න, ඒත් අම්මටයි මටයි නංගියාව පෙනුණේ නෑ, මගේ නංගී මැරුණා කියලා කවුද මාම කෙනෙක් කියනවා මට ඇහුණා, තාත්තා තාම ආවේ නෑ අපිව බලන්න."

අට හැවිරිදි වැඩිමහල් දියණියගේ කතාවේ බොහෝ දේ සැඟවී ඇති අතර සත්‍ය දන්නේ සුදර්ශනීත් ඇගේ සැමියාත් පමණයි.

මෙම පුවත පසුගියදා හිරු ටී.වී.ඔස්සේ විකාශයවූ ආකාරය පහතින් නරඹන්න

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top