සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවිය පසුගිය 13 වැනිදා උදෑසන පාසල වෙත යෑමට නිවෙසින් පිටත්වී ගොස් ඇති අතර පාසල නිම වී නැවත නිවෙස වෙත නොපැමිණීම පිළිබඳ පරීක්ෂා කර බැලීමේදී අදාළ දැරියගේ මළ සිරුර පසුගියදා (14දා) උදෑසන පුන්කුඩිතිව් 9 වැනි පටුමඟ ආසන්න ප්‍රදේශයේ කැලෑවක තිබී සොයාගත්තා.
සිසුවියගේ කටට රෙදි කැබලි ඔබා දූෂණය කර ඇති බව සහ ඇයව වරින් වර දුෂණය කර ඇති බවත් යාපනය ශික්‍ෂණ රෝහලේ පැවැති පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණයේදී හෙළිවී තිබෙනවා.
ඇගේ හිස තද පෘෂ්ඨයක වැදී රුධිරය මොළයට ගමන් කිරීමෙන් මරණය සිදුවී ඇති බවද එහිදී අනාවරණය වුණා.
සිරුරේ අභ්‍යන්තර කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරයට යවා වැඩිදුර වාර්තාවක් ලබාගැනීමට නියම වූ බවත් පොලිසිය පවසනවා.