කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවිය දූෂණය කර මරා දැමීම වීඩියෝ ගත කර තිබෙනවා. මෙසේ වීඩියෝ කර ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙනකු වන ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි අයකු බව පරීක්ෂණවල දී හෙළි වුණා.
මෙම සැකකරුගේ නිවෙස ප්‍රදේශවාසීන් විසින් ගිනිතබා විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අටදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කරමින් පවතිනවා.
ඔවුන් අද (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ස්විස්ටර්ලන්ත පදිංචිකරුගේ භාර්යාව දරුවන් සහ නැන්දනියට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි තිබූ බිය නිසාම පොලිස්ථානයට පැමිණ සිටින අතර සැකකරුවන් අටදෙනාම සිසුවිය කෙලෙසා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (18) කුඩිකට්ටුවාන් පොලිස් මුරපොළට රැගෙන ආ අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදීමට උත්සාහ කර තිබෙන අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනකුටද තුවාල සිදු වුණා.