ජනප්‍රිය ගායක රොමේෂ් සුගතපාලට ඊයේ (16) ගොඩක් විශේෂ දිනයක් වුණා. ඒ ඔහු උපන්දිනය සමරපු නිසාම විතරක් නෙවෙයි.
රොමේෂ්ගෙයි ඔමාලිගෙයි කැදැල්ලට පුංචි අමුත්තෙකුත් එක්වුණු නිසා. ජීවිතේ තමන්ට ලැබුණු වටිනාම තෑග්ග උපන්දිනේ දවසෙදිම ලැබුණු එක ගැන ඔහු ඉන්නේ ගොඩක් සතුටින්.
පුංචි පුතාට තාම නමක් නම් දීලා නෑ. හැබැයි සංගීතයටත් සම්බන්ධ නමක් දානවා කියලා තමයි රොමේෂ් අපිට කීවේ.
දැන් ඉතින් මීට පස්සේ තාත්තාටයි පුතාටයි දෙන්නටම එකම දවසේ උපන්දිනය සමරන්න පුළුවන්.
මේ සතුටු දවස ගැන රොමේෂ් අපිත් එක්ක කීව හැටි පහතින් අහන්න...
සංවාදය නිසලි ප්‍රබුද්ධිකා