තටාකය අසල දුරකථනයත් තිබිලා
නාසයෙන් ලේ පිටවී ඇති බවටත් හෙළිවේ
කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයේ පිහිනුම් තටාකයේ තිබූ ඊයේ මළසිරුරක් සොයාගැනීමට කුරුඳුවත්ත පොලිසිය සමත්වුණා. එලෙස අබිරහස් අන්දමින් මියගිය ගොස් ඇත්තේ එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකුවූ ප්‍රසාද් නැමැති 53 හැවිරිදි ප්‍රසාද් නැමැති අයෙකුයි. ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටද තොරතුරු වාර්තා වනවා.
ප්‍රසාද් මහතා පෙරේදා (2 දා) පෙරවරු 11.30 ට පමණ සිය මහරගම පිහිටි නිවසින් පිටවී ඇති අතර පසුව ඔහු කොළඹ තර්ස්‌ටන් විද්‍යාලය වෙත පැමිණ ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.