අයර්ලන්තයේ සේවය කරන දිල්හානි වික්‍රමසිංහ නම් ශ්‍රී ලාංකික තරුණියක් ”ග්ලෝබල් විලේඡ්” නමින් මෙහෙයවනු ලබන ”නිව්ස් ටෝක්” ගුවන් විදුලි සේවයේ වැඩසටහනක දී තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
සමලිංගික විවාහ සඳහා අවසර දීමට අයර්ලන්තය තීරණය කිරීමට පසුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි සඳහන්.
2010 වසරේ මානසික චිකිත්සා වැඩමුළුවකදී ඇයට ”ඈන් මරී” පෙම්වතිය හමුවී ඇති අතර ඔවුන්ට දරුවෙකුගේ අවශ්‍යතාවය නිසා කෘතීම දරු ඵල ලබා ගැනීමේ චිකිත්සා ක්‍රමය (IVF) යටතේ දරුවෙක් පිළිසිඳ ගෙන තිබෙනවා.
දරුවා පසුගිය මැයි 17 වනදා මෙලොව එළිය දුටු අතර ”ෆීනික්‌ස්” යනුවෙන් ඔහුට නම් තබනු ලැබුවා.
”මගේ දෙමව්පියෝ ශ්‍රී ලාංකික. ඔවුන් ඉතාලියේ ජීවත් වන කාලේ තමයි මම ඉපදුනේ. ඒ 1973 වසරේ රෝමයේදී. මගේ ළමා කාලයේදීම අම්මයි තාත්තයි අතර රංඩු සරුවල් ඇතිවෙන්න පටන් ගත්තා.මට වයස අවුරුදු 12 වෙන කොට මාව ලංකාවට යෑව්වා. මගේ ආච්චියි, සීයයි ළඟට.ලංකාවේදී මාව උපකාරක පංති වලට යෑව්වා.
එක් ගුරුවරයෙක් මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක් වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා.
මට වයස අවුරුදු 16 යේදී මම තවත් ගැහැණු ළමයෙක් සිප ගත්තා. ඊට පස්‌සේ තමා මට තේරුණේ මම සමලිංගික සේවනයේ යෙදෙන්නියක් කියලා. මේ බව මගේ දෙමව්පියෝ දැන ගත්තට පස්‌සේ මාව ගෙදරින් එලෙව්වා. මට එතකොට වයස අවුරුදු 17 යි. අවුරුදු ගණනාවක්‌ම මම හිටියේ යාළුවන් ගේ සහ ප්‍රේමවන්තියන් ගේ නිවෙස් වල.”
