කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයේ පිහිනුම් තටාකයේ තිබූ ඊයේ මළසිරුරක් සොයාගැනීමට කුරුඳුවත්ත පොලිසිය සමත්වුණා. එලෙස අබිරහස් අන්දමින් මියගිය ගොස් ඇත්තේ එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකුවූ ප්‍රසාද් නැමැති 53 හැවිරිදි ප්‍රසාද් නැමැති අයෙකුයි. ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටද තොරතුරු වාර්තා වනවා.
ප්‍රසාද් මහතා පෙරේදා (2 දා) පෙරවරු 11.30 ට පමණ සිය මහරගම පිහිටි නිවසින් පිටවී ඇති අතර පසුව ඔහු කොළඹ තර්ස්‌ටන් විද්‍යාලය වෙත පැමිණ ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.
පිහිනුම් තටාකය අසල ඔහුගේ ජංගම දුරකථනයද වැටී තිබී පොලිසිය විසින් සොයගෙන තිබෙනවා. එමෙන්ම ඔහුගේ නාසයෙන් ලේ පිටවී ඇති බවට සලකුණු ඇති බවට පොලිසිය පවසනවා.
මොහු කළක් ඇමරිකාවේ පදිංචිව සිටි බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අතර විවාහයෙන් පසුව වෙන්වී ජීවත්ව ඇති ප්‍රසාද් එක්‌දරු පියෙකි. එමෙන්ම ඔහුගේ පුතා හා බිරිඳ මහනුවර ප්‍රදේශයේ පදිංචි වී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
පසුගිය කාලයේ මොහු විසින් සිය පුතාව මහරගම නිවසට ගෙනගොස් ඇති අතර නමුත් බිරිඳ විසින් පැමිණ ඔහුව නැවත මහනුවර නිවසට ගෙනගොස් ඇත. මේ සම්බන්ධයෙන්ද ඔහු සිත්තැව්ලෙන් සිටි බවට තොරතුරු මේ වන විට අනාවරණයට වී ඇත.