2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ලෙස, ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වුණේ, ඡන්ද ලක්ෂ 69ක් ලබා ගනිමින්.
නමුත්, ඔහු පත් වූ අවස්ථාවේ සිට ම ශ්‍රී ලංකාව තුළ බරපතළ ගණයේ අර්බුද උද්ගත වුණා.
මේ හේතුවෙන් 2022 ජූලි 15 වැනි දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වුණු බව කථානායකවරයා නිල වශයෙන් නිවේදනය කළා.
ඉන් පසු වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් වූ අතර, අග්‍රාමාත්‍ය ධුරය හිස් පුටුවක් බවට පත් වුණා.
ලබන 20 වැනි දා පාර්ලිමේන්තු රහස් ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයෙක් පත් වීමට නියමිත යි....