ඒ, හෙට (20) පාර්ලිමේන්තුවේ දි යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර, පොදු ජන පෙරමුණු සභාපති මහාචාර්‍ය ජී.එල්. පීරිස් විසින් එම නාම යෝජනාව ස්ථිර කිරීම විශේෂ සිදුවීමක්.
ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන විසින් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර, එය ස්ථිර කරනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර විසින්.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායකව යෝජනා කරනු ලැබුවේ, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින්. එම යෝජනාව පාර්ලිමේන්ති මන්ත්‍රී ආචාර්‍ය හරිනි අමරසූරිය විසින් ස්ථිර කරනු ලැබුවා.