ගාලුමුවදොර අරගලකරුවන් ප්‍රමුඛ ඉහළ නැඟි ජනතා විරෝධය හමුවේ රටින් පලා ගොස් සිංගප්පූරුවේ සිට සිය ඉල්ලා අස් වීමේ ලිපිය ඉදිරිපත් කළ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් මැද පෙරදිග රටකට පිටත් ව යාමට සැලැසුම් කරන බව යි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සෞදි එයාර් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත් ව ගියේ, පසුගිය 13 වැනි දා යි.
ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගොඩ බට අවස්ථාවේ දී ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සාමාන්‍ය සංචාරකයකු ලෙස සිංගප්පූරුවට පැමිණි බවත් ඔහු දේශපාලන රැකවරණ ඉල්ලා නොමැති බවත් සඳහන් කළා.
කෙසේ වෙතත් විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් මේ වන විට සිංගප්පූරුව ගැටලුවකට මුහුණ දී ඇති බවයි.
කෙසේ වෙතත් මේ දක්වාත් සිංගප්පූරුවේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඊළඟ ගමනාන්තය කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නෑ.