ඉන්දියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පැතිර යන ඖෂධවලින් මර්දනය කළ නොහැකි මැලේරියා රෝග විශේෂය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. කෙසේ වෙතත්, මීට වසර 3 කට පෙර මෙරටින් මැලේරියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
ක්ලෝරෝක්වින් ඇතුළු මැලේරියා මර්දන ඖෂධවලින් මර්දනය කළ නොහැකි මැලේරියා රෝග විශේෂයක් මේ වනවිට අග්නිදිග ආසියානු රටවල පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දියාව, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය, තායිලන්තය සහ මියන්මාරය යන රටවල මෙම නව මැලේරියා රෝග තත්ත්වය පැතිර යමින් පවතින බව සඳහන්.