බල්ලකු සපාකෑම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට කළුතර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය 80 හැවිරිදි පියෙකුට එහි වෛද්‍යවරයාගේ නිර්දේශ මත එන්නත් කර ඇත්තේ ජල භීතිකා රෝගය වැළැක්වීම සඳහා සුනඛයන්ට දෙන එන්නතක් බව අනාවරණය වීමෙන් පසු කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
බල්ලකු සපා කෑ තම පියා දූ දරුවන් විසින් පසුගිය සතියේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ආ පසුව එහි සිටි වෛද්‍යවරයා ජලභීතිකා රෝග මර්දන එන්නත පෞද්ගලික ඖෂධ සලකින් ගෙන එන ලෙස උපදෙස් දී ඇත.
වෛද්‍යවරයා ලියා දුන් එන්නත ඖෂධ හලෙන් මිලට ගත් පිරිස එය වෛද්‍ය ආයතනයට ගෙන ආ පසු රෝගියාට එන්නත් කර තිබේ.
එහි දෙවන මාත්‍රාව එන්නත් කර ගැනීම සදහා යළිත් එන්නත ගෙන ඒමට ඔසුසලට ගිය විට මෙය මනුෂ්‍යයින්ට නොව සුනඛයින්ට විදින එන්නතක් බව අනාවරණය වී ඇත.
රෝගියාගේ ඥාතීන් මේ පිළිබඳව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණිලි කිරීමෙන් පසු අදාළ ඖෂධ ශාලාවේ තිබූ ඖෂධ තොගය මුද්‍රා තබා වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.