මහියංගන මහනුවර ඒ 26 මාර්ගයේ 18 වංගුයට ඉහලින් 35 කණුව ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රි (10.30ට පමණ) විශාල ගල් රාශියක් පෙරලිමෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.
විකල්ප මාර්ගයක් ලෙස රංදෙනිගල රජමාවත බාවිතා කරන ලෙස උඩදුම්බර පොලිසිය දැනුම් දෙයි. උදැසන රැකියා සදහා යැමට පැමිනි විශාල පිරිසක් අපහසුතා රැසකට මුහුණ දිමට සිදු විය.
පෙරලි ඇති කලු ගල් වල විශාලත්වය වැඩි විම හේතුවෙන් මාර්ගය යතා තත්වයට පත් කිරිම සදහා දින කිහිපයක් ගතවනු ඇතැයි මාර්ග සංවර්ධන නිළධාරින් පවසති
18 වංගුයට ඉහලින් 35 කණුව ප්‍ර දේශයේ තොරන්බැන්ද ගල කන්දේ විශාල කලුගල් මෙලෙස මාර්ගයට පෙරලි ඇත. මේ හේතුවෙන් උඩදුම්බර ඔයතැන්න ග්‍රාම නිළධාරි වසමේ ආදාවල නම් ගම්මානයේ නිවාස නවයක (09) ගමවාසින් අවදානම් තත්වයට පත් ව ඇත.