මංගල උත්සවයට සහභාගී නොවන ලෙස සඳහන් කරමින්, සිය මව්පියන්ට අපහාසයක් සිදුවන ආකාරයේ මංගල ඇරයුම් පතක් සකස්කර සමාජ ජාල මාධ්ය මගින් ප්රකාශයට පත් කළ අපුරු මනාලියක් පිළිබඳව ඔස්ට්රේලියාවේ ඇඩිලෙඩ් නුවරින් වාර්තා වේ.
23 හැවිරිදි ඇලිසා නම් ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන මැය, 28 හැවිරිදි ඇලෙක්ස් නම් තරුණයා සමඟ සිය විවාහ මංගල උත්සවය සිදුකීරිමට ප්රථමයෙන් මෙම අපහාසාත්මක ඇරයුම්පත අන්තර්ජාලයට මුදා හැර ඇත.
පසුව මෙම ඇරයුම්පත සමාජ ජාල ඔස්සේ ඔස්ට්රේලියාව තුල විශාල ප්රසිද්ධියකට පත්ව ඇති අතර ඇලිසාගේ මව්පියන්ද මෙම ඇරයුම්පත කියවා ඇත.
එම ඇරයුම්පතේ සඳහන් වන්නේ.
"ඥාතීන්ගේ සහ හිත මිත්රාදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ඇලෙක්ස් සහ ඇලිසාගේ මංගල උත්සවයට නොපැමිණෙන ලෙස අගෞරවයෙන් ආරාධනා කර සිටිමු. අපගේ සතුට විනාශ නොකරන ලෙස හා විවාහ උත්සවය ඔබලා නැතිව පැවැත්විම අපගේ බලාපොරොත්තුවයි.
ඉතා අලංකාර රසවත් කේක් සහ වයින් ආහාර සමඟ සතුටින් උත්සවය පැවැත්වෙන අතර ඒ කිසිවකට ඔබලාට ඇරයුම් නොකරමු.එකට හේතුව f............ " වශයෙනි.
ඇලිසා තමාට වයස අවුරුදු 16 දී පමණ නිවසින් පැනගොස් සිය ජිවිතය තනිවම ගත කර ඇති අතර සිය උත්සාහයෙන් ආචාර්ය උපාධිය දක්වාම අධ්යාපන කටයුතු සිදු කර ඇත.
මෙලෙස සිය දෙමාපියන්ගෙන් වෙන්ව ජීවත් වීමට සහ අපහාසාත්මක ඇරයුම්පතක් සැකසීමේ හේතුව වී ඇත්තේ මව්පියන් කුඩා කල පටන්ම ඇයට විවිධ වෙනස්කම් සිදු කර තීබිමය.