Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
24
"අපි කිට්ටුවට යන්න උත්සාහ කර විට තව තවත් පිපිරුම් ශබ්ද ඇහුණා..." - ඇමැති අෂ්රොෆ් එක්ක වැටුණු හෙලිකොප්ටරයට පැටවු පෙට්ටි මොනවාද? අවුරුදු 24කට පෙර සිදු වුණු ගුවන් අනතුර...

- "අපි කිට්ටුවට යන්න උත්සාහ කර විට තව තවත් පිපිරුම් ශබ්ද ඇහුණා..." - ඇමැති අෂ්රොෆ් එක්ක වැටුණු හෙලිකොප්ටරයට පැටවු පෙට්ටි මොනවාද? අවුරුදු 24කට පෙර සිදු වුණු ගුවන් අනතුර...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

ශ්‍රී  ලංකාව අබිරහස් ගුහාවකි. මෙරට සිදු වූ බොහෝ දේශපාලන ඝාතන වගඋත්තරකරුවකු නැති මරණ බවට පත්ව තිබේ. 


බොහෝ ඝාතන අධිකරණ විනිශ්චය සඳහා යොමුකර නැත. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය, ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි ඝාතනය, ජාතික ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න ඝාතනය, ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනය, මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය ආදී බොහෝ පුද්ගල ඝාතන එකම රහස් ගිණුමක සැඟව තිබේ.

ශ්‍රී ලංකාවේ අබිරහස් දේශපාලන ඝාතන පිළිබඳ පසු විපරම් කෙරෙන ලිපි මාලාවකි මේ. මුස්ලිම් කොංග්‍රසයේ නායක ඒ. එච්. එම්. අෂ්රොෆ්ගේ හදිසි මරණය සිදු වූයේ 2000 සැප්තැම්බර් 16 වැනි දිනය. මරණයට පත්වන විට ඔහු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කැබිනට් මණ්ඩලයේ වරාය සංවර්ධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාය. අෂ්රොෆ් ඇමැතිවරයාගේ මරණය එක් දිනක් තුළ සිදුවූ සිදුවීම් මාලාවකි.

සැප්තැම්බර් 16 වැනිදා පෙරවරු 9.05ට. හැව්ලොක්ටවුමේ පොලිස් ක්‍රීඩාංගණයෙන් තවත් පිරිසක් සමඟ ඇමැතිවරයා අම්පාර බලා පිටත් විය. ඔහු ගමන් ගත් MI 17 හෙලිකොප්ටර් යානය අරනායක උෟරාකන්ද ප්‍රදේශයේදී විනාශයට පත්විය.

අෂ්රොෆ් ඇමැතිවරයා ඇතුළු 15 දෙනකු මෙම සිදුවීමෙන් මරණයට පත්විය. කදු මුදුනක ඉතා දුෂ්කර දුර්ගයක සිට මළවුන්ගේ සිරුරු කෑගල්ල මූලික රෝහල වෙත ගෙන එනු ලබන අතර හෙලිකොප්ටරය ගිනිගැනීම නිසා මළ සිරුරු බොහෝ සෙයින් පිළිස්සී විනාශ වී තිබිණි. අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පවත්වා තිබෙන්නේ කෑගල්ල මහ රෝහලේදීය. එදිනම රාත්‍රි 10.30 පමණ වන විට කොළඹ ඇමැති නිල නිවාසය වෙත ගෙනෙන අෂ්රොෆ් ඇමැතිවරයාගේ දේහය රාත්‍රි 12.00ට කොළඹ ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේ ආගමානුකූලව මිහිදන් කරනු ලැබීය. මේ සියලු කටයුතු සිදුවන්නේ පැය 15ක පමණ කෙටි කාලයක් තුළය.

මුස්ලිම් කොංග්‍රස් නායකයාගේ මරණය සිදුවන්නේ ඉතා සංකීර්ණ දේශපාලන වටපිටාවකය. ඔහු මුස්ලිම් කොංග්‍රසයේ (SLMS) මෙන්ම ජාතික සමගි පෙරමුණේද (NUA) නායකයාය. 1981දී කාත්තන්කුඩිය ප්‍රදේශයේ අෂ්රොෆ්ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූ මුස්ලිම්වරුන්ගේ කුඩා අධ්‍යයන කවයක් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බවට පත්විය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කරද්දී මුස්ලිම් ජනතාවගෙන් කිසිදු විමසීමක් නොකළ බවත්, මෙම ඒකාබද්ධ කිරීම නිසා මුස්ලිම් ජනතාව සුළු ජාතීන් අතර සුළු ජාතියක් බවට පත්වූ බවත් මුස්ලිම් ජනතාවටද හඬක් අවශ්‍ය නිසා වෙනත් කළ හැකි දෙයක් නොමැති තැන තමා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආරම්භ කළ බවද එම අවස්ථාවේදී අෂ්රොෆ් ප්‍රකාශ කර තිබිණි.

1994 මහ මැතිවරණයේදී නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය සඳහා මුස්ලිම් කොංග්‍රසය අපේක්ෂකයන් ඉදිරිපත් කළ අතර එහිදී ඒ එච්. එම්. අෂ්රොෆ් පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්විය. චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දැරූ පොදු ජන පෙරමුණට 1994 අගෝස්තු 16 පැවැති මහ මැතිවරණයේදී හිමිවූයේ ආසන 91ක් පමණි. පොදු ජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 14 හිමිවිය. ඒ අනුව පොදු ජන පෙරමුණේ මුළු ආසන සංඛ්‍යාව 105කි. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තීරණාත්මක සාධකය වූයේ මුස්ලිම් කොංග්‍රසයයි. ආණ්ඩුවක් පිහිටුවා අගමැති තනතුරට පත්වීමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්‍යතාව තිබුණේද මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම තුළය.

මේ තීරණාත්මක මොහොතේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රොෆ් සිටියේ ස්වකීය මැතිවරණ දිස්ත්‍රික්කය වූ අම්පාරේය. රනිල් වික්‍රමසිංහ කඩිනමින් අෂ්රොෆ් කැටුව ඒම සඳහා හෙලිකොප්ටර් යානයක් අම්පාරට පිටත් කළේය. ගෝල්ෆේස් පිටියට හෙලිකොප්ටර් යානයෙන් පැමිණි අෂ්රොෆ් රනිල් හමුවීමට සිරිකොතට යනවා වෙනුවට චන්ද්‍රිකා හමුවීමට රොස්මිඩ් වලව්වට ගොස් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පොදු ජන එක්සත් පෙරමුණට සහාය වන බව ප්‍රකාශ කළේය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගට ආණ්ඩුවක් පිහිටුවා අගමැති තනතුරට එන්නට හැකි වූයේ අෂ්රොෆ් ගත් එම තීරණය නිසාය. අෂ්රොෆ්ට ප්‍රබල ඇමැති ධුරයක් වූ වරාය ඇමැතිකම හිමි විය.

වසර 2000 මැතිවරණය ඊට වඩා වෙනස් දේශපාලන වටපිටාවක එළඹුමක් වූයේය. මුස්ලිම් කොංග්‍රසය හා පොදු පෙරමුණ අතර ප්‍රබල මතභේද ගොඩනැඟී තිබිණි. නැඟෙනහිර අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගේ අපේක්ෂාව වූයේ මුස්ලිම් කොංග්‍රසය ස්වාධීන පක්ෂයක් හැටියට වෙනම තරග කළ යුතු බවය. ඔවුන්ට පොදු පෙරමුණත් සමඟ ගැටලු තිබිණි. නැඟෙනහිර පළාතේ මැතිවරණ ආසන්න ගැටලුව විසඳා ගැනීම සඳහා පොදු පෙරමුණු නායකයන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවත් ඒ සියල්ල යහපත් ප්‍රතිඵල ළඟා කර ගැනීමෙන් තොරව අවසන් විය.

2000 ජූලි 31 අෂ්රොෆ් ජනාධිපතිනි චන්ද්‍රිකා සමඟ සාකච්ඡා පවත්වන ලදී. සාකච්ඡා කරන ලද්දේ මැතිවරණයට නාමයෝජනා දීම සම්බන්ධවය. නැඟෙනහිර ඇතැම් ආසන සඳහා මුස්ලිම් කොංග්‍රසයට බාධාවක් වන පරිදි පොදු පෙරමුණ වෙනත් අපේක්ෂකයන් ඉදිරිපත් නොකළ යුතු බවට කොංග්‍රසය දැඩි ස්ථාවරයක සිටියේය. සාකච්ඡා අවසන් වූයේ එකඟතාවන්ට පැමිණීමෙන් තොරවය. අගෝස්තු මාසයේ අෂ්රොෆ් මක්කම වන්දනාවේ ගිය අතර එම ගමනේදීද අෂ්රොෆ් පිටු 50ක ලියැවිල්ලක් සකස් කර චන්ද්‍රිකාට ලැබෙන්නට සැලැස්වීය. එහි ප්‍රතිඵලය වූයේ එවකට ශ්‍රී ල. නි. ප. ලේකම් එස්. බී. දිසානායක සමඟ සාකච්ඡාවක් ලැබීමය. නමුත් එම සාකච්ඡාවෙන්ද ගැටලු නිරාකරණය නොවීය.

අගෝස්තු 31 කොළඹ විහාර මහා දේවි එළිමහන් රඟහලේදී ජාතික සමගි පෙරමුණ (NUA) සමුළුවක් පවත්වන ලදී. සමුළුව අමතා කතා කළ අෂ්රොෆ් ප්‍රකාශ කළේ සල්ලිවලට සීනි, බිත්තර, පොල් මිලදී ගන්නා අන්දමට දේශපාලන පක්ෂ මිලදී ගත නොහැකි බවය.

මේ කතාව පුවත්පත් සිරස්තලය ලෙස පළකර තිබිණි. මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය කොම්පඤ්ඤවීදියේ දාරුසළාම් මන්දිරයේ රැස්වී තීරණය කළේ කොංග්‍රසය ඉදිරියේදී ස්වාධීන පක්ෂයක් ලෙස කටයුතු කළ යුතු බවය.

සැප්තැම්බර් 14 පොදු පෙරමුණේ මහ ලේකම් දි. මු. ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ පොදු පෙරමුණට මුස්ලිම් පක්ෂ අෑඳා ගැනීමේ කිසිදු වුවමනාවක් නැති බවය. අෆ්රොෆ් තීරණය කර තිබුණේ 15 වැනිදා කල්මුණේ ගොස් සිය මැතිවරණ කාර්යාලය විවෘත කොට ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමටය. පොදු පෙරමුණු මහලේකම්ගේ නිවේදනය පිළිබඳව දැනගත් පසු අෂ්රොෆ් කල්මුණේ ගමන 16 වැනිදාට කල් දැමුවේය.

කොම්පඤ්ඤ විදියේ දාරු සළාම් කාර්යාලයට ගිය ඔහු දැඩි තීරණයක් ගත්තේය. හෙතෙම මුස්ලිම් කොංග්‍රසයට හා ජාතික සමගි පෙරමුණට නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ මෙයින් ඉදිරියට පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ඡායාරූපය යොදා නොගත යුතු බවය. පොදු පෙරමුණ සමඟ තිබූ සිය සබඳතා අත්හරින බවද එහි සඳහන් විය.

සැප්තැම්බර් 15 වැනිදා උදෑසන අමාත්‍යාංශ කාර්යාලයට ගොස් ලිපි ගොනු කිහිපයක වැඩ අවසන් කළ මුස්ලිම් කොංග්‍රස් නායකයා ආගම ඇදහීම පිණිස අලෙවි මවුලානාගේ නිවෙසට ගියේය.

මවුලානාට සමුදී මෝටර් රථයට යමින් සිටි ඔහු නැවත ආපසු හැරී ගොස් අලෙවි මවුලානාව තරව වැලඳගෙන තමා පසු දින කල්මුණේ යන බව පවසා පිටත්ව ගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් M I-17 හෙලිකොප්ටරය විශේෂ අමුත්තන්ගේ ගමන් සඳහා යොදා ගන්නා මගී ප්‍රවාහන හෙලිකොප්ටරයකි. සැප්තැම්බර් 16 වැනිදා උදෑසන 9.00ට අම්පාර බලා ගුවන් ගතවීම සඳහා සූදානම්ව එය බම්බලපිටිය පොලිස් බලකා මූලස්ථාන ක්‍රීඩා පිටියේ නවත්වා තිබිණ. ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ආර්. සී. එම්. විදානගමගේ ඇතුළු නිලධාරීන් එදින මාරුවීමට නියමිතව සිටියහ.

ඔවුන් වෙනුවට ඇමැතිවරයා සමඟ යෑමට නියමිත ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් ඇතුළු නිලධාරීන් ඇමැති ආරක්ෂක අංශයට පැමිණ සිටියත් ඔවුන් වෙත අවි නිකුත් කිරීම සඳහා අනුමැතිය දෙන ලිපියට ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිගේ අස්සන තබා නොතිබීම හේතුවෙන් ඔවුන්ට ඇමැති ආරක්ෂක අංශයේ ප්‍රමාද වීමට සිදුවිය. ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් මිනිත්තු 05ක් බලා සිටි හෙලිකොප්ටර් යානය පෙරවරු 9.05ට ගමන් ආරම්භ කළේය.

ගුවන් නියමුවා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් 5ක්ද, අෂ්රොෆ් ඇමැතිවරයාද, පොදු පෙරමුණු මන්ත්‍රිවරයකු වූ කදිරගාමර් තම්බිද, වරාය ආරක්ෂක අංශයෙහි චන්දන සිල්වාද, ඇමැතිවරයාගේ දේශපාලන කාර්යාලයෙහි යතුරු ලියන්නකුද, ප්‍රධාන පොලිස් පරීක්ෂක විදානගමගේ ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනකුද වශයෙන් 15 දෙනකු ගුවන් ගමනට එක්ව සිටියහ.

ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා අම්පාර බලා යන සාමාන්‍ය ගුවන් මාර්ගය වැටී තිබෙන්නේ මහනුවර, රන්දෙනිගල මහඔය, ඉඟිනියාගල, ඔස්සේ අම්පාරටය. පොලිස් පාක් එකෙන් පිටත්ව හරියටම මිනිත්තු 40 කට පසු ප්‍රධාන ගුවන් නියමු බලඝන නායක ශිරාන් පෙරේරා කටුනායක ගුවන් මෙහෙයුම් මැදිරිය ආමන්ත්‍රණය කළේය. ඔහු පැවැසුවේ අහස ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බව හා කාලගුණ තත්ත්වය යහපත් බවය.

තමා මීටර් 1500ක් ඉහළින් ගමන් කරමින් සිටින බවද ගුවන් නියමුවා මෙහෙයුම් මැදිරිය දැනුවත් කළේය.තවත් ස්වල්ප වේලාවකට පසු හදිසියේම අම්පාර බලා ගමන් කරමින් තිබූ ඇමැතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය කටුනායක මෙහෙයුම් මැදිරියේ රේඩාර් තිරයෙන් අතුරුදන් විය. එම අනපේක්ෂිත සිදුවීමෙන් මෙහෙයුම් මැදිරි නිලධාරීහු කලබල වූ අතර හෙලිකොප්ටර් යානය සම්බන්ධ කර ගැනීමට දරණ ලද සියලු උත්සාහයන් අසාර්ථක විය.

ඉනික්බිතිව ගත හැකිව තිබූ එකම ක්‍රියාමාර්ගය වූයේ අතුරුදන්වූ හෙලිකොප්ටර් යානය සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශවල සහාය පැතීමය. ඒ අනුව පොලිස් මූලස්ථානය හරහා කෑගල්ල පොලිස් අධිකාරිවරයා දැනුවත් කෙරිණි. ස්වල්ප වේලාවකට පසු කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වාර්තා වී තිබුණේ හෙලිකොප්ටර් යානයක් අරනායක ප්‍රදේශයේ උෟරා කන්දට වැටී ගිනි ගනිමින් තිබෙන බවය.

අරනායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එස්. වික්‍රමනායක ලංකාදීප පත්‍රයට මෙසේ පවසා තිබිණි.අද උදේ 9.40ට විතර දෙබත්ගම තැපැල් කාර්යාලයෙන් අපට පණිවුඩයක් ලැබුණා චොපර් එකක් උෟරාකන්දට වැටිලා ගිනි ගන්නවා කියලා. ඇමැතුම දුන්නේ කුමාරපුර චන්ද්‍රා එදිරිසිංහ කියලා කාන්තාවක්. ඇමතුම ලැබුණු වහාම මම පොලිස් කණ්ඩායමකුත් රැගෙන එම ස්ථානය බලා පිටත්ව ගියා. පොලිසියේ සිට කිලෝමීටර් 6ක් දුරින් කුමාරකන්ද ජනපදය තිබෙන්නේ ඉන් ඔබ්බෙහි ඉහළ උස් ක¾දු මුදුනක රක්ෂිත වනාන්තරයකට තමයි හෙලිකොප්ටරය වැටී තිබුණේ.

කිසිම මිනිස් වාසස්ථානයක් නැති එම ස්ථානය කරා අප ළඟා වූයේ කැලේ මැදින් අඩි පාරක් කපමින්. අප එහි යන විටත් චොපර් එක ගිනි ගන්නවා. ගින්න නිවන්නවත් මැඬ පවත්වන්නටවත් කිසිම හැකියාවක් තිබුණේ නෑ. ගම්වැසියන්ගේද ආධාරය ඇතිව ගින්න නිවමින් ඉදිරියට යන විට මිනිස් හිසක් හමුවුණා. ඊට පසු සිරුරුවල කැබලි තැන් තැන්වලින් හමුවුණා. ගස් මුදුන්වලත් සිරුරු කොටස් රැඳී තිබුණා.

නමුත් ඒ වනතුරුත් අෂ්රොෆ් ඇමැතිවරයා යානයේ සිටි බව අපි දැනුවත්ව සිටියේ නෑ.ගුවන් හමුදාවද හෙලිකොප්ටර් යානයක් ගලවා ගැනීමේ ගුවන් හමුදා බටයන්ද සමඟ වහාම අරනායක බලා පිටත් කර ඇත. අෂ්රොෆ් මහතාගේ ආරක්ෂක කණ්ඩායම සමඟ මාරුවීමට පැමිණ ඒ ගමන වැරදුණු ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් ඒ වන විටත් ඇමැති ආරක්ෂක අංශය තුළ සිටියහ. එම පිරිසටද වහාම අරනායක බලා පිටත්වන ලෙස උපදෙස් ලැබිණි. ඔවුන් එහි ළඟාවන විටත් ගුවන් භටයන්, ප්‍රදේශවාසීන් සහ අරණායක පොලිසිය එම ස්ථානයට ළඟාවී සිටියහ.

ගුවන් භටයන් කඹවල ආධාරයෙන් ගුවනේ සිට බැස තිබිණි. ගම්වැසියන් හා පොලිසිය වැල්වල එල්ලී කන්ද නැඟ තිබිණි. ගුවන් යානය ගිනිගෙන වැටුණාද වැටී ගිනි ගත්තාද කිසිවකු දැක තිබුණේ නැත. කෙසේ වුවද මළ සිරුරු සියල්ලම වෙන් වෙන් වශයෙන් හදුනාගත නොහැකි තරම් පිලිස්සී කැබලිවලට කැඩී තිබිණි. විසිරී තිබුණු ලිපිගොනු අනුව කිසියම් වගකිවයුතු තැනැත්තකු ගුවන් යානයේ සිටින්නට ඇති බවට මිනිස්සු අනුමාන කරන්නට ඇත. සිරුරු ලෙස අනුමාන කළ කොටස් පොහොර උරවල බහා කඳක් මෙන් එල්ලන ලදුව අසීරුවෙන් කන්ද පහළට ගෙන එන ලදී. අනන්‍යතා හදුනා ගනු ලැබුවේ ඉතා සුළු සලකුණුවලිනි.

උෟරාකන්ද ගමේ පදිංචි ගාමිණී මහන්ත, මාධ්‍යයට මෙසේ පවසා තිබිණි.''අපි ඉන්නේ උරාකන්ද පාමුලයි. හෙලිකොප්ටරයක් යන ශබ්දය ඇසී මිදුලට බැස බැලුවා. ඒත් මීදුම් ගතිය නිසා කිසිවක් පෙනුණේ නෑ එකවරම ඩෝං ගාලා පළාතම දෙදරවමින් ශබ්දයක් ඇසුණා. මට හිතාගන්න බැරුව ගියා මොකද්ද වුණේ කියලා.ඒ හඬ ඇහිලා තවත් සුළු මොහොතකින් එවැනිම විශාල සද්දයක් කන්ද මුදුනෙන් ඇසුණා. එවිට මට තේරුණා හෙලිකොප්ටරයට කුමක් හෝ අනතුරක් සිදුවුණා කියා. මේ ශබ්දය ඇසී තවත් කිහිපදෙනකු අපේ ගේ ළඟට දුවගෙන ආවා.

මුලින්ම කන්ද මුදුනට ගියේ මා සමඟ අපේ ගමේ හය දෙනෙක්. අප එහි යන විට හෙලිකොප්ටරයේ සුන්බුන් විශාල ගිනි ජාලාවකින් වැසී තිබුණා. අවට ගස් කොළන් පවා ගිනි ගන්නවා දැක්කා.අප කිට්ටුවට යන්න උත්සාහ කර විට තව තවත් පිපිරුම් ශබ්ද ඇහුණා. ඒ සමඟ විශාල දුම්ගුලි අහසට නැඟුණා. ඒ ස්ථානයට ළං වීමට බියක් ඇතිවූ නිසා අපි මීටර් සීයක් පමණ අෑතට වී පොලිසියේ මහත්තුරු එනකම් බලා සිටියා.''සිදුවීම අරනායක පොලිසියට දැනුම් දුන් චන්ද්‍රා එදිරිසිංහ මෙසේ පවසා ඇත.

''මම කුමාරපුර ගමේ තේ කඩයක් කරගෙන යනවා. උදේ 9.30ට විතර පිඟන් සෝදමින් සිටියදී අෑතින් හෙලිකොප්ටරය එනවා මම දැක්කා. එය උෟරාකන්ද දෙසට ගියේ. එය නොපෙනී යනවාත් එක්කම මුළු පළාතම දෙදරවමින් පුපුරායන ශබ්දය ඇසුණා. මට තේරුණා හෙලිකොප්ටරය විශාල අනතුරකට මුහුණ පෑ බව. මම ඉක්මනින් දෙබත්ගම තැපැල් කන්තෝරුවට දිව්වා.තැපැල් කන්තෝරුවෙන් ඇමතුමක් අරන් අරනායක පොලිසියට මේ සිද්ධිය දැනුම් දුන්නා.''

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන එම්. ටී. ජී. කාරියවසම්, ඩී. අයි. එල්. රත්නායක, ඩී. පී. එල්. රවීන්ද්‍ර, මහත්වරුන් තිදෙනා මරණ පරීක්ෂණ සිදු කර ඇත. ඇමැති අෂ්රොෆ්ගේ සිරුර සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ.

තදබල ගැටීමකින් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇත. මරණය සිදුවීමට පෙර හෝ පසුව සිරුර දැඩි ලෙස පිලිස්සී ඇත. යනුවෙනි. අෂ්රොෆ් ඇමැතිතුමා සමඟ හෙලිකොප්ටර් යානයේ ගමන් කළ සියල්ලන්ගේ සිරුරු කැබලිවලට වෙන්වී ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇති බැවින් යානය තුළ පිපිරීමක් සිදුවුණාද නැද්ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතියට දැනුම් දුන් බව මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් සැප්තැම්බර් 19 වැනිදා මාධ්‍යයට ප්‍රකාශ කර තබිණි.

මුස්ලිම් කොංග්‍රස් නායක ඒ. එච්. එම්. අෂ්රොෆ් මරණයට පත්වූ හෙලිකොප්ටර් යානා අනතුර සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රජය කමිටුවක් පත් කළ අතර කමිටු වාර්තාව දිවංගත ඇමැතිවරයාගේ බිරිය වූ ෆේරියල් අෂ්රොෆ් මහත්මිය වෙත භාර දෙන ලද බව වාර්තා වූ නමුත් එම වාර්තාව කිසි දිනෙක ප්‍රසිද්ධ කළේ නැත. එය මරණයට පත් සෙසු 14 දෙනාගේ පවුල්වලටද කරන ලද අසාධාරණයකි. එම වාර්තාවේ පිටපතක් සොයා ගැනීමට අප ගන්නා ලද උත්සාහයද ව්‍යර්ථ විය.

කිසියම් වී. අයි. පී. රාජ්‍ය නිලධාරියකු හෝ දේශපාලනඥයකු අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙන විට එම ගුවන් යානයට ඇතුළුවන පිරිස සම්බන්ධයෙන් වගකීම දරන්නේ අදාළ වී. අයි. පී.ගේ ආරක්ෂක අංශය විසින් බවත් ගුවන් හමුදාවට එහි වගකීමක් නැති බවත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවල පළවිය.අෂ්රොෆ් ඇමැතිවරයාගේ කල්මුණේ මැතිවරණ කාර්යාලයට අවශ්‍ය ටයිප් රයිටරයක් සහ ලියකියවිලි බව කියන පෙට්ටිද පොලිස් ක්‍රීඩාංගණයේදී හෙලිකොප්ටරයට පටවන ලද බවටද වාර්තා පළවිය.

අෂ්රොෆ් ඇමැතිවරයාගේ අභාවයෙන් පසු රැස්වූ මුස්ලිම් කොංග්‍රසය පුරප්පාඩු වූ ඇමැති ධුරය රවුෆ් හකීම් මහතාට ලබාදෙන ලෙස යෝජනාවක් සම්මත කර ජනාධිපතිනි චන්ද්‍රිකාට ඉදිරිපත් කළේය.එය ඒ අයුරින්ම ඉටුවිය. අභාවප්‍රාප්ත ඇමැතිවරයාගේ බිරිය ෆේරියල් අෂ්රොෆ් ජාතික සමගි පෙරමුණේ නායිකාව බවට පත්වෙමින් දේශපාලනයට එක් වූවාය. පසුව ඇය ජනාධිපති චන්ද්‍රිකාගේ කැබිනට්ටුවේ ඇමැතිවරියකද වූවාය. අරනායක හෙලිකොප්ටර් අනතුර පිළිබඳ කතාව එතෙකින් අවසන් විය.
උදේනි සමන් කුමාර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top