Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
24
"කෙළ පහර තිබුණේ වියළි කොස් කොළයක..." - කොටකෙතනට ගෙත්තම් කළ DNA රටාවට ගැලපුණා... කළකම් පලදී කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම ලැබුණේ මෙහෙමයි...

- "කෙළ පහර තිබුණේ වියළි කොස් කොළයක..." - කොටකෙතනට ගෙත්තම් කළ DNA රටාවට ගැලපුණා... කළකම් පලදී කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම ලැබුණේ මෙහෙමයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views

සෑම අපරාධකරුවකුම සාක්ෂියක් ඉතිරි කරයි. විශේෂයෙන්ම ‘අපරාධයක් කර ඉන් බේරී ඉන්නට කිසිවකුට හෝ නොහැක’ යන කියමන සනාථ කරමින් ඇසින් දුටු සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි, ඇඟිලි සලකුණු, සී සී ටී වී දර්ශනවලට අමතරව ලෝක ඉතිහාසයේ අපරාධ නඩු කණපිට පෙරලූ ‘ඩී එන් ඒ පරීක්ෂණ’ පිළිබඳව අද වන විට සමාජයේ ඉහළින්ම කියැවෙන්නකි. 


වෝහාරික විද්‍යාව පිළිබඳ ප්‍රංශ විද්‍යාඥ එඩ්මන් ලොකාඩ්ගේ නියමය වන ‘සෑම හමුවීමක්ම නොඑසේ නම් සෑම ගැටීමක් ම ක්ෂුද්‍ර සාක්ෂි ඉතිරි කරයි’ යන්න තහවුරු කරමින් අපරාධකරුවකු අපරාධ ස්ථානයේ ඉතිරි කර යන සියුම් ද්‍රව්‍යයකින් ඔහුගේ අනන්‍යතාව විදහා දැක්වීම සිදු කළ හැක්කේ මේ අධි සංවේදී ඩී එන් ඒ තාක්ෂණය නිසාවෙනි.  

මින් වසර දොළහකට පෙර රත්නපුර කහවත්ත, කොටකෙතන ප්‍රදේශයම භීතියට පත්කරමින් සිදුවූ කාන්තා ඝාතන දාම රැල්ලේ නියම අපරාධකරුවකු මේ ආකාරයෙන් ඩී එන් ඒ සාක්ෂි මතින් වරදකරුවකු කර, මරණීය දණ්ඩනයට නියම කිරිම රත්නපුර මහාධිකරණයේදී ඉකුත් 19 වැනිදා සිදු විය. ඒ, ඉකුත් 2012 වර්ෂයේ ජුලි මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (60) යන අයගේ මරණය සිදු කිරීම සහ ඇගේ දියණිය වන හේවාගමගේ පුෂ්පකුමාරි (29) යන අය දූෂණය කර මරා දැමීම යන චෝදනා තුනෙන් දෙකකට මේ අපරාධකරුවා වරදකරු කරමිනි. රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් මෙකී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූවාය. ඒ අනුව මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ අකුරුගොඩ ජයලත් ගේ නීල් ලක්ෂ්මන් නොහොත් මහත්තයා (42) නමැත්තාටය. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ ඩී එන් ඒ සාක්ෂි මතින් මෙම අපරාධකරුවා හඳුනා ගත හැකි වීමය. එනම්, අපරාධ ස්ථානයක ඇති නිහඬ ජෛව සාක්ෂියක් හඬක් ඇති විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් බවට පත්වීමය.

මෙම නඩුවේ ඩී එන් ඒ සාක්ෂි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ‘ජින්ටෙක් ආයතනයේ’ ආරම්භක සාමාජිකයකු වන ආචාර්ය රුවන් ඉලේපෙරුම සුවිශේෂී චරිතයකි. මේ වන විට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයෙක් වශයෙන් සේවය කරන ඔහු ඩී එන් ඒ ආශ්‍රයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවේ වෙෂින්ටන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සමත් වී ආචාර්ය උපාධිය ද ලබාගෙන සිටියේය. ඔහු ආචාර්ය උපාධිය ලබා ගන්නා ලද්දේ ශ්‍රී ලාංකික මනුෂ්‍යයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සහ ශ්‍රී ලාංකික ජනවර්ගවල එකිනෙකා අතර ඇති පරිණාමීය සහ සම්බන්ධතාව තහවුරු කිරීම වෙනුවෙන් කරන ලද පර්යේෂණාත්මක සොයා ගැනීමක් සම්බන්ධයෙනි. ආචාර්ය ඉලේපෙරුම සිය වසර විස්සක සේවා කාලයෙන් වසර 18ක් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු ලෙසින් csන්ටෙක් ආයතනයේ සේවය කර තිබිණ. කහවත්ත කොටකෙතන නඩු කටයුත්ත සම්බන්ධයෙන් ඔහු සිය හඬ අවදි කළේ මේ අයුරිනි.

“රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ කාන්තා ඝාතන 21ක් විතර වාර්තා වුණා. ඒ අතුරින් 2010 දෙසැම්බර් මාසේ වයස අවුරුදු 60ක පමණ කාන්තාවක් මරලා තිබුණා. ඊට පස්සේ ආපහු 2011 දෙසැම්බර් මාසේ වගේම 2012 මැයි මාසේ සහ ජුලි මාසවල ද මේ වගේ සිද්ධීන් හතරක් වාර්තා වුණා. මේ සිද්ධීන් අතර 2012 ජුලි මාසේ වයස අවුරුදු 29ක දුවයි එයාගේ අම්මවයි ඝාතනය කරලා තිබුණා. ඒ සිද්ධියට අදාළව හතර දෙනෙක් අත්අඩංගුවට පත්වුණා. මේ අම්මගෙයි දුවගෙයි සිරුරුවලට ඝාතකයා හෝ කවුරුන් හෝ ගිනි තියලා තිබුණා. මේ පිළිස්සුණ සිරුරු දෙකේ පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් වෙනකොට මේ කාන්තා සිරුරු දෙකේම යෝනි මාර්ගවල කොටස් ලබාගෙන තිබුණා. ඒවා තමා අපිට එව්වේ ඩී එන් ඒ පරීක්ෂණ සඳහා. ඒකෙන් දුවගේ යෝනි මාර්ගය තුළ පිරිමි කෙනෙක්ගේ ඩී එන් ඒ තියෙන බවට අපේ පරීක්ෂණයේදී තහවුරු වුණා. අපි ඊට පස්සේ කළේ මෙම සිද්ධියට අත්අඩංගුවට පත්වෙලා හිටපු සැකකරුවන්ගේ ඩී එන් ඒ පරීක්ෂා කිරීම. නමුත් ඒ එක්කෙනකුගේවත් ඩී එන් ඒ අර දුවගේ යෝනි මාර්ගයේ තිබුණ ඩී එන් ඒ සමඟ සැසැඳුණේ නැහැ. එතකොට අයිතිකරුවකු නොමැති ආගන්තුක ඩී එන් ඒ රටාවක් මේ දියණියගේ ශරීරය ඇතුළේ තිබුණා. දැන් මේකෙ අයිතිකාරයෙක් නැහැනේ. මේක සෑහෙන කාලයක් අපි බලා හිටියත් කිසිදු ගැළපීමක් ආවේ නෑ.”

මේ වන විට කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මෙවැනි කාන්තා ඝාතන 15ක් පමණ වාර්තා වී තිබුණි. ඒ සියල්ලම මිනීමරුවකු නොමැති අභිරහස් ඝාතන බවට පත්වෙමින් තිබුණේ විමර්ශකයන් ද නූල් බෝලයක පටලවමිනි. මේ වන විට එම කාන්තා ඝාතන සියල්ලේම ඩී එන් ඒ ජෛව සාම්පල් ජීන් ටෙක් ආයතනය වෙත ලැබී තිබුණේ වාර්තා කැඳවීම් සඳහාය.

ඔබේ ඊළඟ පියවර වුණේ කුමක්ද?

“අපි ඒ සියල්ලේම ඩී එන් ඒ රටා එක්තැන් කරලා අපි ඒ ඔක්කෝම එකිනෙක අතර සංසන්දනයක් කරන්න තීරණයකට ආවා. ඒ සංසන්දනයේදී තහවුරු වෙනවා 2012 මැයි මාසේදී කොටකෙතන වාර්තා වුණ අපරාධයක අපරාධ ස්ථානයක තිබුණු ‘ගහක කොළයක් මත තිබුණු බුලත් කෙළ පැල්ලමකත්’ මේ මැරිච්ච කාන්තාවගේ යෝනි මාර්ගය ඇතුළේ තිබුණු පිරිමි පුද්ගලයාගේ ඩී එන් ඒ තුළ බුලත් කෙළ අයිති පුද්ගලයාගේ ඩී එන් ඒ රටා ඇති බව. ඊට අමතරව 2011 දෙසැම්බර් මාසයේ වයස අවුරුදු 60ක කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේදී ඒ කාන්තාවගේ යෝනි මාර්ගයෙන් ලබා ගත් ඩී එන් ඒ රටාව මේ බුලත් කෙළවල තිබුණු ඩී එන් ඒ රටා සමඟ ගැළපුණා. ඊට අමතරව 2010 දෙසැම්බර් මාසයේ දී සිදු වුණු වයස අවුරුදු 60ක කාන්තාවකගේ ඝාතනයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගත්ත සාම්පලයත් එක්ක මේ ඩී එන් ඒ රටාව ගැළපුණා. එතැනදී තහවුරු වුණා 2012 අම්මයි දුවයි මරලා ගෙට ගිනි තියලා ගිය සිද්ධියේදි දියණියගේ ශරීරය තුළ තිබුණු පිරිමි ඩී එන් ඒ රටා මේ කාන්තා ඝාතන හතරටම අදාළව ගත්ත ඩී එන් ඒ රටාවල තිබුණු පිරිමි ඩී එන් ඒ එකට සමාන බව.”

මේ අතර, අදාළ කාන්තා ඝාතනවලට අදාළව සැකපිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විනිස් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඔවුන්ට එරෙහිව චෝදනා නඟා අධිකරණයේ නඩු විභාග වෙමින් පැවතිණි. එහෙත් මේ එක් සැකකරුවකුගේවත් ජෛව සාම්පල ඉහත කී කාන්තා ඝාතන හතරේම ඩී එන් ඒ රටා සමඟ නොගැළපීම සම්බන්ධයෙන් ජීන් ටෙක් ආයතනය අධිකරණය මෙන්ම පොලිසිය ද දැනුවත් කර තිබිණ.

“මේ ඩී එන් ඒ රටාවල පරීක්ෂණ වාර්තාවලට අනුව ඒ එක සැකකරුවකුගේවත් ඩී එන් ඒ රටා ගැළපුණෙ නෑ. නමුත් වසර දෙකහමාරක් පුරා කොටකෙතන සිදු වුණු මේ ඝාතන රැල්ලේ කාන්තා ඝාතන හතරක්ම එකම එක පිරිමියකුගේ විතරක් ඩී එන් ඒ රටාවලට ගැළපුණා. මීට ඉහත ලංකාවේ කවදාවත් සිදු නොකරපු දෙයක් ඩී එන් ඒ සාක්ෂි යොදාගෙන කාලයෙන් එකිනෙක වියුක්ත වෙච්ච අපරාධ හතරක් ඇතුළේ ඩී එන් ඒ ගැළපීමක් තමයි මේ සිදු කළේ. ලංකා අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ පළමුවරට තමයි මෙවැනි අත්දැකීමක් ලංකාවේදි අපි අත්විඳින්නේ. ඒක තමයි මෙහි විශේෂත්වය”

මේ සම්බන්ධයෙන් ඔබ 2015 මාර්තු මාසයේදී කොළඹ මහාධිකරණයේදී සාක්ෂි ලබා දෙනවා නේද?

“මේ අපරාධ හතර තුළම එකම ආගන්තුක පිරිමි පුද්ගලයකුගේ ඩී එන් ඒ අන්තර්ගතව තිබෙන බවට මම මහාධිකරණයේ සාක්ෂි ලබා දෙනවා. එතකොට පැන නඟින ප්‍රශ්නය තමයි මේ ඩී එන් ඒ කාගේද? කියන ප්‍රශ්නය. මම ඒ ප්‍රශ්නය එතැන ඉතුරු කරනවා. මොකද ඒ ඩී එන් ඒ අයිති පුද්ගලයා ඒ වෙද්දි හඳුන ගෙන නැහැ. එතැනදී අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනවා මේ සිද්ධිය ගැන තවදුරටත් පරීක්ෂණ කරන්න. එතැන් සිට මාස නවයක් ගත වෙනවා. ඒ කියන්නේ 2015 දෙසැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් කොටකෙතන ප්‍රදේශයේ ජීවත් වෙච්ච පුද්ගලයන් 12 දෙනකු විවිධ සාක්ෂි මත පදනම්ව හඳුනා ගෙන ඩී එන් ඒ පරීක්ෂණ සඳහා ජීන්ටෙක් ආයතනයට ඉදිරිපත් කරනු ලැබුවා. එතැනදි ඒ දොළොස් දෙනාගේම ඩී එන් ඒ රටා අපි සංසන්දනය කළා. එතැනදී ඒ දොළොස් දෙනා අතර හිටිය එක් කෙනකුගේ ඩී එන් ඒ මේ හතර සමඟ ගැළපෙනවා. අන්න ඒ විදියට හඳුනා ගැනීමෙන් පස්සේ තමයි මේ පුද්ගලයා හඳුනා ගන්නේ. එදායින් පස්සේ තමයි මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වෙන්නේ. ”

ඩී එන් ඒ තාක්ෂණය ලංකාවට පැමිණෙන්නේ 1999 වර්ෂයේදී ය. ඒ හෝකන්දර සය පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සිදුකිරීමේදීයි. මේ ඩී එන් ඒ තාක්ෂණය පළමු වරට පාවිච්චි වන්නේ මෙකී නඩුවෙදීය. මේ වන විට වසර විස්සක් තිස්සේ අපරාධ නඩුකර 4800කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා මෙකී ඩී එන් ඒ තාක්ෂණය සාර්ථකව පාවිච්චි කර ඇති බව ආචාර්ය රුවන් ඉලේපෙරුම පවසයි.

එසේම, කොටකෙතන නඩුවේ විශේෂත්වය වන්නේ ඩී එන් ඒ පරීක්ෂණවලින් අපරාධ එකකට වඩා වැඩි ගණනක් අතර සම්බන්ධතාව ඔප්පු කර පෙන්වූ පළමු අවස්ථාව වීම බව ද ආචාර්ය ඉලේපෙරුම සඳහන් කර සිටියේය.

“ඩී එන් ඒ තාක්ෂණය මඟින් කටයුතු දෙකක් සිදු කරනවා. එකක් අපරාධ පරීක්ෂණයේදී අපරාධය සිදු කරන පුද්ගලයා ඩී එන් ඒ තාක්ෂණයෙන් හඳුනා ගැනීම සහ දරුවකුගේ පිතෘ භාවය සහ මාතෘ භාවය සනාථ කිරීම. මම, ජින්ටෙක් ආයතනයේ අපරාධ සම්බන්ධ අංශයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයා ලෙසින් කටයුතු කළා. ඒ කාලේදී ලංකාවේ සිදුවුණු විවිධ ගණයේ අපරාධ සඳහා ඩී එන් ඒ පරීක්ෂණ සිදු කරලා අධිකරණයට වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපරාධයක එකතු කරගන්නා විවිධ වර්ගයේ ඩී එන් ඒ සාක්ෂි පරීක්ෂණයට ලක්වෙලා තියෙනවා. ඩී එන් ඒ සාක්ෂි කිව්වාම මනුෂ්‍ය ශරීරයෙන් ගිලිහෙන ඕනෑම දෙයක් ඒ කියන්නේ රුධිරය, කෙල, ශුක්‍රාණු, සම් කැබැලි, කෙස්, නියපොතු කැබලි, මුත්‍රා සාම්පල්, වමනය අශුචි වැනි ඕනෑම සාම්පලයක් ඩී එන් ඒ පරීක්ෂණ සඳහා යොදාගත හැකි තාක්ෂණයක් ජින්ටෙක් ආයතනය තුළ අපි හදලා තියෙනවා. ඒ වගේම ලෝකේ ඕනෑම රටක කෙරෙන පරීක්ෂණ සංවේදිතාව හා සමාන සංවේදිතාවකින් ලංකාවේ පරීක්ෂණ කරන්න පුළුවන්. ඒ වගේම නිරවද්‍යතාවත් ඒ සමානයි. ජින්ටෙක් ආයතනයේ පරීක්ෂණ කරන්නේ අන්තර්ජාතික ප්‍රමිති සහතිකවලට අනුකූලවයි. ඒ නිසා මේ පරීක්ෂණ වරදින්නේ නැහැ. ලෝකේ පාවිච්චි කරන තාක්ෂණයම තමයි අපි යෙදා ගත්තේ.”

‘ඩී එන් ඒ තාක්ෂණය භාවිතයෙන් අධිකරණයේ තීන්දු ලබා දුන් නඩු ගැන සඳහනක් කළොත්?’

“2005 වර්ෂයේ සිදු වූ රෝයල් පාක් නිවාස සංකීර්ණයේ මිනිමැරුමේදී ප්‍රධාන සැකකරු ඝාතකයා ලෙසින් හඳුනා ගන්න ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කළේ ඩී එන් ඒ තාක්ෂණයේ ගැළපුමක්. ඒ වගේම, 2005 වසරේදී මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය වෙනවා. ඒ අපරාධ ස්ථානයේ තිබූ වමනය සාම්පලයකින් තමයි සැකකරුවකු හඳුනා ගන්නේ. ඒ වගේම 2013 සේයා සදෙව්මි වයස අවුරුදු පහක දැරිය ඝාතනය වෙනවා. ඒ සිද්ධියේදි සැකකරු ලෙසින් අත්අඩංගුවේ සිටි කොන්ඩයා නමැත්තා නෙමෙයි ඔහුගේ සහෝදරයා තමයි මෙහි සැකකරු කියලා හඳුනා ගන්නේ ඩී එන් ඒ පරීක්ෂණයෙන්.”

කොටකෙතන දාම ඝාතන සිද්ධියේදී ඝාතන හතරකම ඩීඑන්ඒ එකිනෙකට සංසන්දනය කිරීමට පෙලඹුණේ ඇයි?

“විශේෂයෙන්ම කොටකෙතන සිද්ධියේදී වැදගත්ම දේ තමයි ඩී එන් ඒ සංසන්දනය අපි විසින් තීරණය කරලා අපි කරපු දෙයක්. ඒක කරන්න කියලා අපිට කවුරුත් කිව්වේ නැහැ. අපරාධ අතර සංසන්දනයක් කළොත් විතරයි මේ සම්බන්ධතාව අපිට ගොඩනඟන්න පුළුවන්. එහෙම නොකළා නම් අද මේ විදිහයට පුද්ගලයෙක් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. මේ ඝාතන හතරම එකට එකතු කළ නිසා තමයි නොවිසිඳුණු අපරාධයක් විසඳ ගන්න පුළුවන් වුණේ. කිසිකෙනෙක් දකින්නේ නැතුව මේ වගේ පොඩි ගමක මෙහෙම ඝාතන වෙන්නේ. ඩී එන් ඒ සාක්ෂි නොතිබුණා නම් බාහිර ස්වරූපයෙන් කොහොමද මිනිස්සු මනින්නේ. අවසානයේදී අභිරහසක් වෙන්න ගිය දෙයක් ඩීඑන්ඒ තුළින් විසඳා ගත හැකි වුණා. අවුරුදු හතරක් පුරා සුරක්ෂිත කරගෙන හිටපු ඩී එන් ඒ රටා ගළපමින් තමයි මේ කටයුත්ත අපි කළේ.

කොටකෙතන ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 2015 මාර්තු මාසයේදී කොළඹ මහාධිකරණයෙන් විත්තිය පැත්තෙන් මාව සාක්ෂියට කැඳෙව්වා. එතැනදී මගෙන් පැමිණීලි පාර්ශ්වය අහපු හරස් ප්‍රශ්නයක් තමයි ඔබතුමාට මේ එක් එක් නඩුකරයන්ට අදාළව ඩී එන් ඒ පරීක්ෂණ කරන්න අධිකරණයෙන් නියෝග කරලා තිබුණට අපරාධ නඩු අතර ඩී එන් ඒ සංසන්දනය කරන්න නියෝග කරලා නැහැ නේද? කියලා. එතකොට මම කිව්වා නැහැ එහෙම දීලා තිබුණේ නැහැ. එහෙනම් ඔබතුමාට මේ විදියට සිද්ධීන් ගළපන්න නිතිමය බලයක් නැහැ නේද? කියලා තවත් හරස් ප්‍රශ්නයක් මතු කළා. මට කිසිම කෙනෙක් ඒවාට නියෝග දීලා නැහැ. විද්‍යාඥවරයෙක් හැටිියට අප කළ යුතු දේ මැනවින් වටහා ගෙන කළ යුතු දේ ඒ අවස්ථාවේදී මා විසින් කරලා තිබෙනවා. ඒ කරපු නිසා තමයි වැළලෙන්න ගිය අපරාධයක සුල මුල හොයා ගත්තේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ මේ සඳහා කවුරුත් මට නියෝග දිය යුතුයි කියලා. ඇමෙරිකාව වගේ බොහෝ රටවල ඩී එන් ඒ පරීක්ෂණ තාක්ෂණික නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් විසිනුත් කරනවා.

හැබැයි ඒ අය සහ පළපුරුදු විද්‍යාඥයකු අතින් මේ පරීක්ෂණ වෙද්දි ලොකු වෙනසක් තියෙනවා. තාක්ෂණ ශිල්පියෙක් කරන්නේ ලැබිලා තියෙන උපදෙස් අනුවයි. පොලිස් නිලධාරියෙක් කටයුතු කරන්නේ එයාට ලැබිලා තියෙන නියෝග අනුවයි. මේදෙකන් එහාට ඒ නිලධාරීන් කටයුතු කරන්නේ නැහැ. එතැනින් එහාට ඒ අය හිතන්නේ නැහැ. විද්‍යාඥයෙක් කියන්නේ විවෘත මනසකින් බලන කෙනෙක්. එයා විවෘතව හිතනවා. එහෙම හිතපු නිසා තමයි මේ නඩුවේ අවසානයක් සාර්ථකව දකින්න ලැබුණේ. අධිකරණ නියෝග මතම පදනම් වුණා නම්, ඒ එක එක සිද්ධීන්වලට වෙන වෙනම වාර්තා ගොනු කරලා නිකම් ඉන්න තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ.”

“ඔබේ ඒ සාක්ෂියෙන් පසු සැකකරුවෝ සිව් දෙනා නිදහස් වුණා නේද?”

“මම මහාධිකරණයේ සාක්ෂි දුන්නාට පස්සේ අත්අඩංගුවේ හිටපු සැකකාරයෝ සිව්දෙනෙක් නිදහස් කළා. ඊට පස්සේ මට නිර්ණාමික ලිපි කිහිපයක් ආවා. සැකකාරයෝ නිදොස් කොට නිදහස් කරන එක ද ඔබතුමාගේ කාර්ය භාරය ඩී එන් ඒ පරීක්ෂණ කරලා අපරාධකාරයෝ ගෙදර යවන එකද ඔබතුමාගේ කාර්ය භාරය ද? කියලා. මේ ඩී එන් ඒ වාර්තාව ගියේ සී අයි ඩී එකට අනුකූලව නෙමෙයි. විමර්ශනවලට එරෙහිව යන ඩී එන් ඒ වාර්තා එනවා. මේකට ගොඩක් අය අමනාප වෙන්න ඇති. 2015 මම දිපු සාක්ෂිය තමයි මේ නඩුවේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ. ඒක නිසා අද මේ නඩුව සාර්ථක වුණා. 2018 කොටකෙතන පසුබිම් කතාන්දරය “ අපරාධයක ඩී එන් ඒ රටා” කියලා මම පොතකට ලිව්වා. ඒ පොත මුද්‍රණයෙන් එළියට එද්දි මේ නඩුවේ සැකකාරයා හඳුනා ගෙන නැහැ. එදා මම කියපු කතාව අවුරුදු 6කට පස්සේ සාර්ථක වුණා.”

ඉකුත් 2010 සිට 2012 අතර කාලය තුළ සිදු වූ මෙම ඝාතන හතරටම වග කිව යුත්තේ ‘ප්‍රේමවතී’ නමැත්තිය ඝාතනය කළ ස්ථානයේ තිබූ වියළී ගිය කොස් කොළයකට බුලත් කෙළ පහරක් ගාසා ඇති පුද්ගලයා බව අධිකරණයේදී කරුණු හෙළිවී තිබිණි. ඒ අනුව බුලත් කෙළ පහර හේතුවෙන් මෙකී අබිරහස් ඝාතනයේ සුලමුල සොයා ගැනීමට ඩීඑන්ඒ රටාවට හැකි විණි. එසේ නොවුණා නම් අදටත් මෙකී පාපතරයා තව තවත් කාන්තා ජීවිත සිය ගොදුරු බවට පත් කරගන්නවා නොඅනුමානය.

රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ප්‍රකාශයට පත් කළ පිටු 140කින් යුත් නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් විණි.

“මෙරට නීතියේ මනුෂ්‍ය ඩී එන් ඒ සංසන්දනය කරමින් එළඹෙන ලද නිගමනයන් පිළිගැනීමට ලක් කර ඒ අනුසාරයෙන් විනිශ්චිත නඩු තීන්දු ගණනාවකදී තීන්දු තීරණ ලබාදී ඇත. ඒ අතුරින් මෑතකාලීනව විනිශ්චිත වූ සජීව හෙවත් උක්කුවා සහ තවත් අය එරෙහිව නිතිපති (2004)2 ශ්‍රී ලංකා නීති වාර්තා 263 (හෝකන්දර සමූල ඝාතන නඩුව), නීතිපති එරෙහිව පොට්ට නවුෆර් සහ තවත් අය (සරත් අඹේපිටිය මිනීමැරුම් නඩුව), දොන් ශාමන්ත ජූඩ් ඇන්තන් ජයමහ එරෙහිව නීතිපති නඩුව හා සේයා සදෙව්මි මිනි මැරුම් නඩු පෙන්වා දිය හැකිය. ඒ අනුව ඩී එන් ඒ රටා මඟින් පුද්ගල අනන්‍යතාව තහවුරු කරගෙන ඒවා අපරාධ නඩුවලදී පාදක කර ගැනීමේ පූර්ව නිදර්ශනයන් මෙරට පවතින පසුබිමක මෙම නිතී කෘතියේ කාර්ය සඳහා ද ඩී එන් ඒ සාක්ෂි පදනම් කර ගැනීමේ හැකියාව ඇති බව මෙම නඩුවේ තීරණය වන්නේය. ආචාර්ය රුවන් ඉලේපෙරුම ලබා දෙන ලද සාක්ෂිවලට අනුව හෙතෙම සිදු කරන ලද ඩී එන් ඒ පරීක්ෂණය තුළින් හේවාගමගේ පුෂ්පකුමාරි යන අයගේ යෝනි පිස්නය තුළ පැවැති ඩී එන් ඒ වල තිබූ ජෛව්‍ය සාම්පල තුළ පුරුෂ ජෛවීය සාම්පල් අන්තර්ගත වී ඇති බවට පැහැදිලිය. තව ද ඔහු වැඩිදුරටත් ඉදිරිපත් කර ඇති සාක්ෂිවලට අනුව සේම මෙම නඩු තීන්දුවේ මා මතුපිටින් විස්තර කරන කරුණු අනුව එම පුරුෂ ඩී එන් ඒ රටා මෙම නඩුවේ චුදිතයාගේ ඩී එන් ඒ රටා බවට ද තහවුරු කරගෙන ඇත. එම තහවුරු කර ගැනීම සිදු කර ඇත්තේ පසුකාලීනව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ බී/347 දරන නඩුව යටතේ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදීය.

චුදිත විසින් මෙම ලිංගික ක්‍රියාව සිදු කළ වහාම ඔවුන්ව කපා කොටා ඝාතනය කිරීමක් සිදු කොට ඇති බවට සාක්ෂි මඟින් අනාවරණය වී ඇත. ඔවුන් මරණයට පත් කිරීමට පෙර චුදිතයා සිදු කළා යැයි සඳහන් කරන ලිංගික ක්‍රියාව වනාහි පුෂ්පකුමාරි යන අයගේ කැමැත්තට පටහැණිවම සිදු කළ එකක් බව පැවසිය නොහැකිය. විටෙක එය ඇයගේ කැමැත්තට අනුව සිදු කළා විය හැකිය. ඉන් අනතුරුව ඇතිවූ කිසියම් හෝ තත්ත්වයක් නිසා ඇයවත් ඇය සමඟ එකම නිවෙසේ සිටි මවත් චුදිතයා විසින් මරා දැමීමක් සිදු කළා විය හැකිය. මෙම තත්ත්වය යටතේ චුදිතයා පුෂ්පකුමාරි

යන අය සමඟ ලිංගික ක්‍රියාවක් සිදු කර ඇති බවට තහවුරු වී තිබුණේ වුව ද එම ක්‍රියාව ඇගේ කැමැත්ත නොමැතිව සිදු කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නොමැති නිසා චුදිතයා එකී අධිචෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරමි. එසේම මෙම පැමිණිල්ල විසින් චුදිතයාට එරෙහිව ගොනු කර ඇති පළමු හා තෙවැනි අධි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කරමි.’

නිමන්ති රණසිංහ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top