ආසියානු කලාපයේ විවිධ රටවල සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දරම නගර 13ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
CNN Travel වෙබ් අඩවිය සඳහන් කරන එම ලැයිස්තුවට අනුව ආසියාවේ සුන්දරම නගර 13 අතර 08 වන ස්ථානයට ශ්‍රී ලංකාවේ ගාල්ල නගරය ඇතුලත්ව තිබෙනවා.
සංචාරක ආකර්ශනය, යටත් විජිත යුගයේ අලංකාර ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය, සිත් ඇදගන්නා සුළු දර්ශන හෝ සංස්කෘතිය යන නිර්නායක මත පදනම්වයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.
එම ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ වඩාත් ආකර්ශණීයම නගරය ලෙස වියට්නාමයේ 'හොයි අන්' නගරය පත්ව ඇති අතර, එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුලත්.
ජපානයේ යුෆුන්, මැලේසියාවේ ජෝර්ජ් ටවුන් ද පිළිවෙළින් දෙවන හා තෙවන සුන්දරම නගර ලෙස නම්කර තිබෙනවා.
ලා ඔසයේ ලුනග් ප්‍රබන්, කමේබෝජියාවේ කැම්පොට් ද මෙම සුන්දරම නගර අතරට අයත්.