විශිෂ්ට ග්‍රහයෝග සහ නැකැත් රැසක් උදා වූ මෙවර පෙබරවාරි මාසයේ අවසන් දිනයේද උසස් සුබපලදායි යෝග කිහිපයක් යෙදී තිබේ. ඒ අනුව එදින පෙ.ව. 10.01ට උදාවන පහත විස්තර කෙරෙන ප්‍රබල සුබ මුහුර්තය වැඩ කටයුතු රැසක් ඇරැඹීමට යොදාගත හැකි වෙයි.
පෙබරවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 10.01 ට සිකුරු හෝරාවේ චන්ද්‍ර පංචමය උදාව තිබියදී තත්කාල මේෂ ලග්නයේ සියලු අවගුණ භංග කරමින් ගජකේශරී රාජ යෝගයත්, භූමිලාභ දෙන රුචක නම් පංචමහ පුරුෂ යෝගයත් යන සුබ සිද්ධි දෙකක වාසනා ගුණය පිරී පවතී. එදින මුහුර්ත පංචකය ද 7 අභිවෘද්ධි නම් වේ. උදාවී ඇත්තේ උච්ච කුජට හිමි සිත නැකැතයි.
ගුරු ලග්නයේත් කුජ 10ත් දිග්බලයෙනි. ගුරුට සප්තමව සඳුගේ පිහිටීම ගජකේශරී රාජ යෝගයයි. ගුරුගෙන් හා රවිගෙන් දෝෂ භංගයි. අකුරු කියැවීමට, ව්‍යාපාර ආරම්භයට, භූමිය සම්බන්ධ කටයුතුවලට, භූමි සම්පත් ලැබීමට මෙම නැකැත ඉතා සුදුසු වෙයි. මෙම යෝග තිබියදී ඇතිකර ගන්නා ප්‍රේම සම්බන්ධයක් වේ නම් එය උතුම් යුගදිවියක පදනම සකස් කරනු ඇත. සූර්ය දෝෂ නැත. ඒරාෂ්ටක නැත. සුබ දිසාව නිරිතයි.