මේ ඒ කතාව.
ගීතු මොහාන්දාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද යාෂ්ගේ “Toxic” අති දැවැන්ත සිනමා පටයේ කොටස් කීපයක රූගතකිරීම් සඳහා ඉදිරි දින කීපය ඇතුළත එම චිත්‍රපටියේ නිශ්පාදන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතයි.
Toxic හි ප්‍රධාන චරිත ලෙස යාෂ් සමග ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ආදරය කරන මලයාලම් නිළියක් වන සායි පල්ලවී පැමිණීමට ඉඩ ඇති බව පැවසෙනවා.
එමෙන්ම ඉන්දීය මාධ්‍ය පවසන පරිදි Toxic සිනමා පටය සඳහා කරීනා කපූර්ද යෝජනා වී තිබෙනවා.
මෙහි ශ්‍රී ලංකාවේ රූගතකිරීම් සම්බන්ධීකරණ කටයුතු කරනු ලබන්නේ ප්‍රවීණ නිෂ්පාදන කළමනාකරුවෙකු විසිනි.
මැයි, ජුනි මාස දෙක තුළ රූගතකිරීම් සැළසුම් කර ඇති අතර දැනටමත් එහි පෙර නිශ්පාදන කටයුතු ආරම්භ කර ඇතිබව ආරංචි මාර්ග සඳහන් කරනවා.