ඔහු පසුගියදා ශ්‍රී ලංකාව ගැන අදහස් දක්වා තිබුණා.
ඒ ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය ගැන.ඒ සම්බන්ධව වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුණා.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ‘World Restoration Flagship’ නම් ඇගයීමට පාත්‍ර වීමට සමඟාමීව එම සංවිධානය අයත්ව මෙම විඩියෝපටය පළ කළ ඇති බවයි සඳහන්.
කඩොලාන පරිසර පද්ධති නැවත ගොඩනැගීම හා ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සහය අගයමින් මෙහිදී ඔහු ශ්‍රී ලංකාවට සුබ පතා තිබෙනවා.
Jason Momoa වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ එක්සත් ජාතීන්ගේ ‘World Restoration Flagship’ ලෙස ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීම මනා වූ ආදර්ශයක් වන බවයි.
2004 දී ඇති වූ කෲර සුනාමි ව්‍යසනයෙන් පසු ගොඩබිම්, වෙරළ සහ සාගර ප්‍රතිෂ්ඨාපනය කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකාව ගෙන ඇති උත්සාහයන් එහි දී ඔහු විසින් අගය කර තිබෙනවා.
2004 ඇති වූ මෙම සුනාමියෙන් පසුව, කඩොලාන සිටුවීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ වී තිබෙන අතර, අසාර්ථක වීම් ගණනාවක් මධ්‍යයේ වූවද විවිධ ක්‍රම අත්හදා බැලීම් ඔස්සේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී තිබෙනවා.
සියලු කඩොලාන වනාන්තර නීත්‍යානුකූලව ආරක්ෂා කළ පළමු රට බවට 2015 දී, ශ්‍රී ලංකාව පත්වන්නේ ඒ අනුවයි.
මෙරට රජය විසින් 2020 දී කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්මත කර තිබෙනවා.
එමෙන්ම 2022 දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ශ්‍රී ලංකාව විසින් අනුග්‍රහය දක්වන ලද යෝජනාවක් සම්මත කරන ලද්දේ මාර්තු 1 වන දින ලෝක මුහුදු පැලෑටි දිනය ලෙස සැමරීම නිමිත්තෙනි.
එම සියලු කාර්යයන්හී ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව 2024 වසරේ එක්සත් ජාතීන්ගේ ‘World Restoration Flagship’ ඇගයීම් සම්මානයට පාත්‍ර වී ඇත්තේ ඒ අනුවයි.