"MG” නමැති මේ ආසාදනය කාන්තාවන්ට වැළදුනොත් වඳභාවයට පත් වෙන අතර මෙහි විශේෂත්වය වන්නේ චම රෝගයේ රෝග ලක්ෂණ පිටතට චන්නේ නොමැති වීමයි.
කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු හෙළිදරව් නොවූ ලිංගිකව සම්ප්‍රේෂණය වන "MG" නමැති මේ ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් රෝගය පැතිරීමේ අවදානමක් ඇති බවට වෛද්‍ය විශේෂඥයෝ විසින් අනතුරු අඟවති.
මෙම රෝගය "මයි කොප්ලාස්මා ජෙනිටලියම්'' (MG - Mycoplasma Genitalium) ලෙස හඳුන්වන අතර එහි රෝග ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත් වෛද්‍ය විශේෂඥයෝ විසින් පවසන්නේ බොහෝ විට කාන්තාවන්ගේ යෝනිය ආශ්‍රිත ආසාදන තත්ත්ව ඇති වී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතින බවයි.
වැඩිදුරටත් ඔවුන් පවසන්නේ ඊට නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් රෝගය ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධයක් ලෙස ශරීර අභ්‍යන්තරයේ වර්ධනය විය හැකි බවයි.
මේ අනුව, බ්‍රිතාන්‍යයේ ලිංගික සෞඛ්‍යය සහ HIV පිළිබඳ සංගමය (BASHH), MG රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන නව උපදෙස් මාලාවක් හඳුන්වා දී තිබේ.
“මයි කොප්ලාස්මා ජෙනිටලියම්” යන මෙම බැක්ටීරියාව ඇතුළුවීම හේතුවෙන් පිරිමි මුත්‍ර මාර්ගයේ ප්‍රදාහයක් හට ගැනීම සිදු වී ඒ ඔස්සේ ස්‍රාවය පිට වන අතර ඒ හේතුවෙන් මුත්‍රා කිරීමේදී අධික වේදනාවක් ඇති විය හැකිය.
කාන්තාවකගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වූ විට එහි බලපෑමෙන් ගර්භාෂය සහ පැලෝපීය නාලය වැනි ප්‍රජනන ඉන්ද්‍රියන් ප්‍රදාහයකට ලක්වේ.
මේ හේතුවෙන් අධික වේදනාවක් ඇති විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී උණ තත්වයක් හෝ රුධිර වහනය වීම ද සිදු විය හැකිය.
අනාරක්ෂිත ලිංගික හැසිරීම මගින් මෙම රෝගය බෝ වන අතර, ලිංගික සංසර්ගයේදී උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිත කිරීමෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකිය.
මෙම " මයි කොප්ලාස්මා ජෙනිටලියම්” ශරීරගත වූ පුද්ගලයෙක් සිට නිතරම රෝගී ලක්ෂණ නොපෙන්වන අතර සමහර අවස්ථා වලදී ප්‍රතිකාර අවශ්‍ය නොවනු ඇත.
නමුත් මේ රෝගයේ රෝග ලක්ෂණ හඳුනාගත් විට “ක්ලැමීඩියා” (Chlamydia) වැනි වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්ත්වයක් ලෙස වැරදි නිගමනයකට එළැඹීමට ඉඩ තිබේ.
මෙම තත්වය ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ප්‍රතිකාර කළ හැකි නමුත් මෙම බැක්ටීරියාව ඇතැම් ඖෂධ වලට ප්‍රතිරෝධයක් දක්වයි.ලෝකය පුරා 'මැක්රොලයිඩ්ස්" (macrolides ) කුලයට අයත් ප්‍රතිජීවක ඖෂධ වලින් සිදු කරන ප්‍රතිකාර ක්‍රම වලින් MG රෝගය සුව වීම අඩු වෙමින් පවතින බව BASHH උපදෙස් මාලාවේ ඇතුළත් වේ.
කෙසේ වෙතත්, “මැක්රොලයිඩ්ස්" කුලයට අයත් එක් විශේෂ ප්‍රතිජීවක ඖෂධයක් වන "azithromycin " බොහෝ විට මෙම බැක්ටීරියාවට එරෙහිව ක්‍රියා කරනු නිරීක්ෂණය වී තිබේ.
කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ " මයිකොප්ලාස්මා ජෙනිටලියම්” ගැන සියලු ජනතාව දැනුවත් විය යුතු කාලය පැමිණ ඇති අතර වැඩි දුරටත් මෙම රෝගය ආසාදනය වී ඇත්දැයි නිවැරදි පරීක්ෂණ වලින් හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර කර, රෝගීයා සම්පූර්ණයෙන් සුව වී ඇති බව තහවුරු කර ගත යුතු බවයි.
-වෛද්‍ය ප්‍රකාශන ඇසුරින් සකස් කෙරිණ