ඒ නිසාම විවිධ රටවල ජනතවට අද දවස වැදගත් වෙනවා.
ජාත්‍යන්තර මව් භාෂා දිනය වාර්ෂිකව පෙබරවාරි 21 වන දින සමරනු ලබනවා.
මෙම දිනය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ බංග්ලාදේශයයි.
බංගලිදේශයේ ජනතාව බහුලව කතා කරන බංග්ලා භාෂාව ආරක්ෂා කර ගැනීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපාරයක අවසන් ප්‍රතිඵලයක් ලෙස මෙම දිනය නම් කර තිබෙන බව සඳහන් .
ජාත්‍යන්තර මව් භාෂා දිනය 2000 වසරේ සිට ලොව පුරා වාර්ෂිකව සමරන අතරම එය ප්‍රථම වරට UNESCO විසින් 1999 නොවැම්බර් 17 වන දින ප්‍රකාශයට පත් කරන ලැබුවා.
පසුව 2002 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් UN යෝජනාව 56/262 සම්මත කිරීමත් සමඟ එය නිල වශයෙන් පිළිගනු ලැබුවා.
ලෝකයේ ඇති දුර්ලභ මව්භාෂාවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙම දිනය නම් කිරීමට එක් හේතුවක් වූ බවට සඳහන්.