හැබැයි ඒ වගේ ඇස්, ඉස්, මස් දන් දුන්නත් නිශ්ෂබ්දව වැඩ සිටින ස්වාමීන්වහන්සේලා ගැන අහන්න ලැබෙන්න හරි කළාතුරකින්.මේ ඒ වගේ ස්වාමීන්වහන්සේ නමක් ගැන සටහනක්.උන්වහන්සේ තමයි කඩවත සමින්ද ස්වාමීන් වහන්සේ.මෙ වෙද්දි උන්වහන්සේ තමන්ගේ ඇස් කාචය,සිය වකුගඩුවක්, අක්මාවෙන්, අග්න්‍යාශයෙන් කොටසක් හා පිත්තාශය දන් දීල තියෙන උතුම් හිමි නමක්.
අද කාලෙ කපල ඉවත් කරන නියපොත්ත පවා කාටවත් අහු නොවෙන්න නොපෙනෙන තැනකට ඉවත් කරන මනුස්සයින්ට යම් උතුමෙක් තමන් වහන්සෙ ජීවත් වෙලා ඉදිද්දිම සිය ඇසක් දන් දුන්නාය කියන කාරණාව විෂය වෙන්නෙ නෑ. "ඉතිං කොහොමද එහෙම කරන්නෙ, වෛද්‍ය විද්‍යාත්මකව එහෙම කරන්න බෑ, අනික මෙතරම් ඇස් දන් දෙන රටේ ජීවත්ව ඉන්න අයෙකුගෙන් මොනවටද කාච ගන්නෙ කියල" අහන අය ඉන්නවා. ඒක සාධාරණයයි.
ඒ විතරක් නෙවේ, සිය වකුගඩුවක්, අක්මාවෙන්, අග්න්‍යාශයෙන් කොටසක් හා පිත්තාශය දන් දීපු, ඉතා විශාල වතාවක් ලේ දන් දීපු පූජ්‍ය කඩවත සමින්ද හිමියන්ගෙන් මේ ගැන විමසුවා.
2010 පමණ සිට අප රටේ පටක දන්දීමේ නීති ලිහිල් කර තිබෙන බව මම දැන ගත්තෙ උන්වහන්සේගෙන්. ඇත්තටම උන්වහන්සෙට ඕන වෙලා තියෙන්නෙ සිය ඇස් යුගලයම දන් දෙන්න නමුත් තමන් වහන්සෙ හමුවුන සිය ගණනක් වෛද්‍යවරුන් අතරින් මේ උප පාරමිතාව පුරන්නට උන්වහන්සේට උදව් වුන (නම සදහන් කරන්නට බැරි) මේ වෛද්‍යවරයා කැමති වුනේ එක් කාචයක් දන් දෙන්න උදව් කරන්න විතරයි.
අපෙ බෝධිසත්ත්වයන් වහන්සෙ කලා සේ ඇස් ගලවා දන් දෙන්නට අපේ පූජනීය ස්වාමීන් වහන්සේට ඕන වුනත්, කාචය පමණයි ඉවත් වුනේ. දැන් උන්වහන්සේට ඉතිරිව ඇත්තේ එක් ඇසකුත්, සෑහෙන හිසරදයකුත් පමණයි.
යම් පිරිසක් උන්වහන්සේ කලකට පෙර ඉන්දියාවේදී පූජා කල වකුගඩුව, අග්න්‍යාශය, පිත්තාශය, අක්මාව ගැනත් තමන්ගෙ දැනුමෙන් තෝරන්න හදනවා. " ඕවා බොරු" කියලා පෙරුම් පුරන උතුමෙකුට තමන්ගෙ නොදැනුවත්කම නිසාම නිග්‍රහ කරල පව් පුරෝ ගන්නවා. එසේ අවයව දන්දීලා තියෙන්නෙ පිලිකාවක් නිසා සිය අවයව නැතිවෙමින් සිටි කෙනෙකුට.
දියවැඩියාව නැති උනත් උන්වහන්සේ සීනි ගැන බොහෝ ප්‍රවේසම්. පිත්තාශයෙ අඩුපාඩුව නිසා අදත් සමහර ආහාර දිරවන්නෙ නෑ.
බුද්ධාදී උතුමන්, සියල්ල දන් දෙමින් නිවන් වැඩම කලාක් මෙන් අදද එසේ ම පාරමිතා පුරමින් සිය ඉලක්කය කරා වඩිනා බෝධිසත්වයින් වහන්සේ කෙනෙකුන්ගෙ දෙපා නමැද සාධුකාර දීමට මටද භාග්‍යය ලැබුනි.
- ප්‍රියන්ත ලියනගේ -
