Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
14
ෂුවර්! මේක මට හැරෙන්න වෙන කෙනෙකුට කරන්න බැහැ. මේ වෙනකල් අවංක ආදරයක් ලැබිලත් නැහැ... මම අවංකව ආදරේ කළෙත් නැහැ... යුරේනි මේ කියන්නේ ඇත්තද?

- ෂුවර්! මේක මට හැරෙන්න වෙන කෙනෙකුට කරන්න බැහැ. මේ වෙනකල් අවංක ආදරයක් ලැබිලත් නැහැ... මම අවංකව ආදරේ කළෙත් නැහැ... යුරේනි මේ කියන්නේ ඇත්තද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views


ටිකක් වෙන විදිහේ වැඩ කරන්න කැමති චරිතයක් තමයි යුරේනි නොශිකා කියන්නේ..

එයා හැම වෙලාවෙම කවුරුත් මේ වෙනකන් භාරගෙන නැති අභියෝග බාරගන්න ආසයී ඒ වගේ යුරේනි භාරගත්ත තවත් අභියෝගයක් තමයි හිරු එකේ Happy hour කියන්නේ..

යුරේනි මේ වැඩසටහන ගැන පුවත්පතකට එක්කරලා තිබ්බේ මෙන්න මේ වගේ අදහසක්..


යුරේනි මේ දවස්වල වැඩිපුර ඩබල් මීනින් කතා කියනවා කියලා ප්‍රසිද්ධයි නේද ?

හිරු නාළිකාවේ ඉරිදා උදේ විකාශය වෙන Happy hour වැඩසටහන නිසයි ඔය කතාබහ යන්නේ. මට නම් ඒක තුන් තේරවිලි වගේ. ලෝකේ නම් ඕන තරම් ඕපන් කතා කරන වැඩසටහන් තියෙනවා. නමුත් ලංකාවේ ඒ වගේ වැඩසටහන් කරන එක අභියෝගයක්. ඒත් හිරු නාළිකාවෙන් ඒ අභියෝග ය මට භාර දුන්නා. කොහොම නමුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද එන තරුත් ඕපන් කතා කරනවා. සමහර කලාකරුවන් ගොඩක් දේ හංගලා චරිත මේන්ටේන් කරන්න තමයි වැඩසටහන්වලට එන්නේ. නමුත් මේ වැඩසටහනේදි එහෙම නැතුව හැමෝම ඕපන් කතා කරනවා. අපි සෙක්ස් ගැනත් ඕපන් කතා කරනවා. සෙක්ස් ගැන ඕපන් කතා කරා කියලා මොකුත් වෙන්නේ නැහැ . මිනිස්සු නම් බැණ බැණ බලනවා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් තේරෙනවා. හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ පිටරට ඉන්න ලාංකිකයින්ගෙන්.

ඔය වැඩසටහන නිසා යුරේනි ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් වෙලා නැද්ද ..?

කොහෙත්ම නැහැ. නිෂ්පාදක මට කියලා තියෙන්නේ අකමැති හෝ අපහසුතාවට පත් වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා අයින් කරලා වැඩසටහන කරන්න කියලා. නමුත් මට කෝකත් එකයි. මම කැමතියි වෙනස් දේ කරන්න. ඒ නිසා මම එන කලාකරුවන් අපහසුතාවට පත් නොකර ඔවුන් අකමැතිද අහලා කතා කරනවා. එන හැමෝමත් හරිම කැමැත්තෙන් ඕපන් කතා කරනවා.

වැඩසටහනට ආරාධනා කරද්දී ඒ ෆෝමැට් එකට වැඩ කරන්න ඔබ එකඟ වෙන්නේ වැඩිපුර ප්‍රසිද්ධියක් බලාගෙන ද?

කලාකරුවන් කියන්නේ ජනප්‍රියත්වය හෝ ප්‍රසිද්ධිය තියෙන්න ඕන. ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියන්නේ බොරුවක්නෙ. නමුත් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15ක්. එදා ඉඳලම මගේ ජනප්‍රියත්වය එක සේ තියෙන්නේ මගේ වාසනාවට. ඒක වැඩි කරගන්න ඕන කියලා මේක භාර ගත්තේ නැහැ. මම එහෙම ප්‍රසිද්ධිය බදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් මේ වැඩසටහනට ආරාධනා කළාම වෙනස් ෆෝමැට් එකක් නිසා භාර ගත්තා. ෂුවර්! මේක මට හැරෙන්න වෙන කෙනෙකුට කරන්න බැහැ.


පිරිමි පාර්ශ්වය යුරේනිට කෙලින් අයුතු යෝජනා කරන අවස්ථා තියෙනවාද?. ඒ වගේ අවස්ථාවල ඔබ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ?

කෙළින් අහලා නැහැ. මම කිව්වා වගේ මට බයයි පිරිමි එහෙම අහන්න. ඒක මගේ වාසනාවක්. මම කොහොමත් හයියෙන් හිනා වෙලා විහිළු කරලා ප්‍රතිචාර දක්වනවා එහෙම යෝජනා ආවොත්.

“මම ඇයි මෙහෙම චාටර් වෙන්නේ“ කියලා හිතිලා නැද්ද ඔබට ලැබෙන අවලාද ප්‍රතිචාර එක්ක..?

නැහැ. මම විශ්වය එක්ක ගනුදෙනු කරන කෙනෙක්. උදේ නැගිටලා පළමු පැය වෙන් කරන්නේ ඒකට. මගේ මනස දියුණුයි. ඉස්සර නම් කම්පා වුණු අවස්ථා තියෙනවා

ප්‍රේම කරන මුවාවෙන් ඔබව පාවිච්චි කළ අය ඇති, ?

අම්මෝ මට ආදරේයි කියලා මුලින් හිටපු පෙම්වතුන් තුන් දෙනාම මාව මිස්‍ යූස් කරා. මගේ ජනප්‍රියත්වයට ඒ අය ආදරේ කරන්න ඇති. මනුස්සයෙක් එක්ක යහන්ගත වෙන්නත් විස්වාසයක් ඉමෝෂනල් ෆීලිං එකක් තියෙන්න ඕනනේ. එහෙම විශ්වාස කරලා ආදරේ කරපු තුන් දෙනාම මාව පාවිච්චි කළා.

ඔය හේතු නිසාද තනිකඩව ඉන්නේ..?

ඔව්. අවංකව ආදරේ කළේ යුරේනි නොශිකා කියන රංගන ශිල්පිණිය අදාළ කරගත්තේ නැතිව එක්කෙනයි. ඒ තමයි අවුරුදු 15 කලින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ෆිට්නස් කෝච්. ආදරේ ආරක්ෂාව ගෞරවය ඔක්කොම තිබ්බේ එයා ළඟ. එතකොට මම පොඩි වයසක හිටියේ. ඒ ආදරේ හරි ආදරණීයයි. 2009 ඉඳලා මේ වෙනකල් අවංක ආදරයක් ලැබිලත් නැහැ. මම අවංකව ආදරේ කළෙත් නැහැ.

ලිවින් ටුගෙදර් සංකල්පයට කැමති ද..?

ඔව්, විවාහයකට නොගියොත් මට හොඳ කෙනෙක් ලැබුණොත් ලිවින් ටුගෙදර් ජීවත් වෙනවා. ප්‍රශ්න ඇති වෙන බැඳිම් නම් ඕන නැහැ. ඊට වඩා තනියම ඉන්න එක වටිනවා.

ඔය හැම කතාබහක් වගේම ඔබ මිල අධික වාහනයක් මිලදි ගත්තේ...? නොයෙක් දෙනා කියන කතාවේ ඇත්ත මොකක්ද?

මම කවදාවත් මැරීගෙන හම්බ කරලා නැහැ. මම වැරැදි වැඩ කරලා රුපියලක්වත් හම්බ කරලා නැහැ. මම අවුරුදු එකොළහක් තිස්සේ විශ්ව ශක්තිය විශ්වාස කරමින් එය අනුගමනය කරමින් ජීවත් වෙන කෙනෙක්. මිනිස්සු කතා කියනවා. මම ඒවා මේ කනෙන් අහලා අනෙක් කනෙන් පිට කරන කෙනෙක්. මම ඍණාත්මක සිතුවිලි එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා වාසනාවට මට ලැබිම් තියෙනවා.

උපුටාගැනීම : සිළුමිණ පුවත්පත


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top