Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
29
තාජුඩීන්ගේ ඝාතනයට නාමල් හා PSD 8ක් අත්අඩංගුවට ගන්නවැයි කියන කතාව එළියට එද්දී මරන්න කළින් තාජුඩීන් කියපු කතා

- තාජුඩීන්ගේ ඝාතනයට නාමල් හා PSD 8ක් අත්අඩංගුවට ගන්නවැයි කියන කතාව එළියට එද්දී මරන්න කළින් තාජුඩීන් කියපු කතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

‘‘හැව්ලොක්‌ස්‌ ක්‌ලබ් එක
උන්ට අයිති වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ.
උන්ට මොන බලයක්‌ තිබුණත්
අපි ඒවට බය වෙන්නෙ නැහැ‘‘

ජනප්‍රිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ කෲර වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා සහ ජනාධිපති ආරක්‍ෂක අංශයේ හිටපු නිලධාරීන් අටදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවට සතිඅන්ත ජාතික පුවත්පතක මුල් පිටුවේම ප්‍රශ්නාර්ථයක්ද සමඟින් ආන්දෝලනාත්මක ලිපියක් පළකර තිබෙනවා.

දේශපාලනඥයාගේ නියෝග සහ උපදෙස්‌ මත පසුගිය රජය සමයේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ සිටි යුද හමුදා නිලධාරීන් අටදෙනකු විසින් තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදී ඔහු ඝාතනය කර සිරුර මෝටර් රථයට දමා පුළුස්‌සා ඇති බවට සාක්‍ෂි රැසක්‌ මේ වන විට පොලිසිය වෙත ලැබී ඇති බවද එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.


මේ අතර තාජුඩීන් ඝාතනය මෙහෙයවා ඇත්තේ ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්‌තව සිටි ඉහළම පෙළේ දේශපාලනඥයකුගේ රියෑදුරකු ලෙස කටයුතු කළ හමුදා නිලධාරියකු විසින් බව ද අනාවරණය වී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

වසීම් තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්‌ බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා පසුගිය 25 වැනිදා නියෝග කර තිබුණා.

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා වසීම් තාජුඩීන් සිය මෝටර් රථය තුළ පිළිස්‌සී මියගොස්‌ සිටියේ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයේදීය.
එම පුවත්පත් වාර්තාවේ මෙලෙස වැඩිදුරටත් සඳහන් වේ...

උපුටාගැනීම
‘‘2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා සිට වසර හතරක්‌ තිස්‌සේ තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදුවූවක්‌ ලෙස වාර්තා වී තිබුණේය. හාස්‍යයට කරුණ වන්නේ තාජුඩීන් මියගොස්‌ වසර හතරක්‌ ගත වනතුරු එය මිනීමැරුමක්‌ බව නිගමනය නොකිරීමය.

තාජුඩීන්ගේ මරණයේ සිද්ධිය උඩු යටිකුරු වීමට හේතුව මේ වනවිට මුළුරටම දන්නා කරුණක්‌ බවට පත්වී ඇත. කෙසේ වෙතත් තාජුඩීන්ට පහරදී කෲර වධහිංසා පමුණුවා ඔහු ඝාතනය කර ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

එසේ නම් තාජුඩීන් ඝාතනය කළේ කවුරුන්ද? ඔහු මරා දමන්නට හේතුව කුමක්‌ද? මෙතෙක්‌ සැකයට භාජන වී තිබෙන මේ කරුණු කාරණා හෙළිදරව් කර මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමේ සම්පූර්ණ වගකීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුය.

තාජුඩීන්ගේ මරණය ඝාතනයක්‌ බවට අධිකරණය තීරණය කිරීමත් සමඟම වැදගත් තොරතුරු රැසක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගලා එමින් තිබෙයි. සත්‍ය දැක දැක වසර 4 ක්‌ තිස්‌සේ නිහඬව සිටි නීතිගරුක පුද්ගලයන් තාජුඩීන්ට සාධාරණයක්‌ කිරීමට ඉදිරිපත්ව සිටිති.

ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන් බිහිවූ අති දක්‍ෂ රගර් ක්‍රීඩකයකු වූ මොහොමඩ් වසීම් තාජුඩීන් කලක්‌ ජාතික කණ්‌ඩායමේ උපනායකයා ලෙසද කටයුතු කළේය. වසර කීපයක්‌ තිස්‌සේ පිට පිටම රටේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා ලෙස තේරී පත්වූ තාජුඩීන් හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සමාජයේ ජනප්‍රියම තරුව බවට පත් ව සිටියේය.
හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජයට බැඳී ක්‍රීඩා කිරීම තම ජීවිතයේ අවසානය සනිටුහන් කර ගැනීමට හේතුවනු ඇතැයි තාජුඩීන් මොහොතකටවත් නොසිතුවා විය යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත්‍රයන් වන නාමල්, යෝෂිත සහ රෝහිත සමග පාසල් කාලයේ සිට එකට රගර් ක්‍රීඩා කළ තාජුඩීන් ඔවුන් සමීපව ඇසුරු කළේය.
අයුක්‌තිය අසාධාරණය හමුවේ තාජුඩීන් හැමවිටම නැඟී සිටියේය. අසාධාරණයක්‌ සිදුවන්නේ නම් ඊට එරෙහිව ඕනෑම පුද්ගලයකු සමග සටනට යැමට තාජුඩීන් දෙවරක්‌ සිතන්නේ නැත.

රාජපක්‍ෂ සොහොයුරන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් තාජුඩීන්ට රිස්‌සුවේ නැත. ඔවුන් ජනාධිපතිවරයාගේ පුත්‍රයන් කියා තාජුඩීන් විශේෂ මිත්‍රත්වයක්‌ පවත්වාගෙන යැමට උත්සාහ කළේද නැත.

මේ අතර හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සංගමය තමන් වෙත අයිති කරගන්නට පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයකු උත්සාහ ගත්තේය. රගර් ක්‍රීඩාවට බෙහෙවින් ඇළුම් කළ මේ දේශපාලනඥයා ඒ වෙනුවෙන් මහා ධනස්‌කන්ධයක්‌ ද වියදම් කළේය.

හැව්ලොක්‌ස්‌ රගර් සමාජය මේ දේශපාලනඥයා අතට පත්වීමේ සැලසුමට ප්‍රධානම බාධකය වුණේ වසීම් තාජුඩීන්ය. ඒ වනවිට හැව්ලොක්‌ රගර් කණ්‌ඩායමේ සුපිරිම තරුව බවට පත්ව සිටි තාජුඩීන් එම ක්‍රීඩා සමාජයේද ප්‍රබල චරිතයක්‌ බවට පත්ව සිටියේය.

"හැව්ලොක්‌ස්‌ ක්‌ලබ් එක උන්ට අයිති වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ. උන්ට මොන බලයක්‌ තිබුණත් අපි ඒවට බය වෙන්නෙ නැහැ.

වසීම් තාජුඩීන් හැමවිටම තම සමීප මිතුරන්ට මේ බව කීවේය. හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල ඒ වනවිට සීතල යුද්ධයක්‌ බවට පත්ව තිබුණේය.

තම අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට එරෙහිව නැඟී සිටින වසීම් තාජුඩීන් කරලියෙන් ඉවත් කිරීමට තරුණ දේශපාලනඥයා ප්‍රමුඛ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් සැලසුම් සකස්‌ කරන්නේ මේ අතරතුරදීය.

සර්වබලධාරී දෙවියන් වහන්සේලාටවත් නොමැති බලයක්‌ සතුව තිබූ මේ තරුණ දේශපාලනඥයාට වසීම් තාජුඩීන් හාල්මැස්‌සෙකු බඳු විය. බලය තිබූ කල මොළය නැත්තකු ලෙස කටයුතු කරයි යන කියමන සැබෑ කරමින් මේ තරුණ දේශපාලනඥයා තාජුඩීන් අවසන් ගමන් යෑවීමට තීන්දු කළේය.

මේ දේශපාලනඥයා ප්‍රමුඛව ඔහු වටා සිටි ගෝලබාලයන් එදා කටයුතු කළේ සදාකාලිකව දේශපාලන බලය ඔවුන් සතුව තිබෙනු ඇතැයි සිතාගෙනය. බලයෙන් අන්ධ වී සිටි මේ පිරිස වසිම් තාජුඩීන් අවසන් ගමන් යෑවීමට කටයුතු කළහ.

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා වසීම් තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි සිය මිතුරකුගේ නිවසට යන්නේ එහි පැවැත්වූ පුංචි සාදයකට සහභාගි වීමටය.
සාදය අතරතුර තාජුඩීන් ට සිය මිතුරකුගෙන් ඇමතුමක්‌ ලැබෙන්නේය. ඒ අනුව තාජුඩීන් එදින මධ්‍යම රාත්‍රියේ කිරුළපන බලපොකුණ ප්‍රදේශයට ආවේය. ඒ මිතුරාගේ දුරකථන ඇමතුමට අනුවය.

එහෙත් තාජුඩීන්ට සිදු වුණේ නොසිතූ දෙයකි. මග රැක සිටි සන්නද්ධ පුද්ගලයන් අට දෙනකු තාජුඩීන් සිය ග්‍රහණයට ගත්හ. ඔවුන් තාජුඩීන්ට යකඩ පොලුවලින් පහර දුන්හ. අතපය කඩා දැමූහ. මුහුණ පොඩි වනතුරු පහරදී දත් කඩා දැමුවෝය.

පසුව තාජුඩීන්ගේ මෝටර් රථයේම ඔහුගේ සිරුර දමාගෙන කිරුළපන ශාලිකා ක්‍රීඩාංගණය අසලට පැමිණ සන්නද්ධ පිරිස මාර්ගයෙන් ඉවතට මෝටර් රථය දමා ඊට ගිනි තැබූහ. රටේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කළ මේ නරුම රැල එදා කිරුළපන ප්‍රදේශයෙන් පිටව ගියේ මේ ඝාතනය සදාකාලිකව වැළලී යන අපරාධයක්‌ වනු ඇතැයි සිතමින්ය.

පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ වන්නේ ඉන්පසුවය. එවකට බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කළේ අනුර සේනානායකය. කොළඹ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වුණේ එස්‌. ඒ. ඩී. එස්‌. ගුණවර්ධනය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වන්නටත් පෙර ඔවුන් නිගමනයකට එළැඹ සිටියහ. පොලිසිය එදා පුන පුනා කියා සිටියේ තාජුඩීන්ගේ මරණය සිදුවී ඇත්තේ හදිසි අනතුරක්‌ නිසා බවය.

එදා පොලිසිය කටයුතු කළේ සර්ව බලධාරී දෙවියන් වහන්සේලාගේ කැමැත්ත අනුවය. මරණ පරීක්‍ෂණ වාර්තාව හෝ රස පරීක්‍ෂක වාර්තාවක්‌ ඉදිරිපත් වුණේ නැත. නාරාහේන්පිට, පොලිසිය එදා කටයුතු කළේ තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදු වූවක්‌ බවට පූර්ණ නිගමනය මත සිටය.

පසුගිය 2015 වර්ෂයේ ජනවාරි මස 08 වැනිදා රටේ මහා විප්ලවයක්‌ සිදු වුණේය. කිසි දිනෙක පරාජයට පත් නොවනු ඇතැයි සිතා සිටි රාජපක්‍ෂ පාලනය පරාජය කර මෛත්‍රිපාල සිරිසේන බලයට ආවේය.
එතැන් සිට පොලිසිය නැවත නීතිමය රාමුව තුළට පැමිණ කටයුතු කිරීම ආරම්භ කළේය. රාජපක්‍ෂ පාලන සමයේ සිදු වූ අභිරහස්‌ මිනී මැරුම්, පැහැරගෙන යැම්, අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් වූ සිද්ධීන් එකින් එක කරලියට එන්නට පටන් ගන්නේ එතැන් සිටය.
අභිරහස්‌ අන්දමින් ඝාතනයට ලක්‌ වූ වසීම් තාජුඩීන්ට සාධාරණය ඉෂ්ඨවන්නට පටන් ගත්තේ එතැන් සිටය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දක්‍ෂ පළපුරුදු නිලධාරීන් පිරිසක්‌ වෙත භාර කෙරෙන්නේ පොලිස්‌පතිවරයාගේ නියෝග මතය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම අඳුරේ අතපතගෑමත් බඳු විය. ඒ වන විට තාජුඩීන් මරණයට පත් වී වසර තුනකට ආසන්න කාලයක්‌ ගත වී තිබුණේය.
එවකට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් ක්‍රමවත් පරීක්‍ෂණයක්‌ කර නොතිබීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරගෙන යැම බෙහෙවින් අසීරු කටයුත්තක්‌ විය. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීතිගරුක නිලධාරීන් වසීම් තාජුඩීන්ට සාධාරණයක්‌ ඉටු කර දීමේ කාර්ය ලෙහෙසියෙන් අතහැරියේ නැත.

මාස ගණනක්‌ තිස්‌සේ ඔවුන් සිදු කළ වෙහෙස කර පරීක්‍ෂණවල ප්‍රතිඵල අවසානයේ නෙළා ගත්තේය. තාජුඩීන් පැහැරගෙන යන අයුරු සටහන් වූ සී. සී ටී. වී. දර්ශන රහස්‌ පොලිසිය සොයා ගත්තේය.

එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ වූවන් එහි තිරය පිටුපස සිටි ප්‍රබල තරුණ දේශපාලනඥයා ඇතුළු සහචරයන් සිදු කළ දුරකථන සංවාදවලට අදාළ තොරතුරුද සොයා ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණේය.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ කරගෙන යැමේදී ඊට එරෙහි වූවන් බලපෑම් එල්ල කරන පුද්ගලයන් පරීක්‍ෂණයයට යෑවීමට නොගත් උත්සාහයක්‌ නැත. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දක්‍ෂතාව නිසාම අවසානයේදී තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක්‌ බව අධිකරණයේ තීරණය ගැනීමට හැකි වුණේය.

පරීක්‍ෂණවලින් හෙළි වී ඇති අන්දමට තාජුඩීන් ඝාතනය පිටුපස සිටින්නේ එවකට රජයේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් අටදෙනෙකි. ඝාතනය මෙහෙයවා ඇත්තේ ප්‍රබලම දේශපාලනඥයකුගේ රියෑදුරකු ලෙස කටයුතු කළ හමුදා නිලධාරියකු විසින්ය.

මෙම හමුදා නිලධාරියාගේ ජංගම දුරකථන වාර්තා විශ්ලේෂණය කළ රහස්‌ පොලිසිය ඝාතනය සිදු වූ අවස්‌ථාවේ ඔහු එම ස්‌ථානයේ රැඳී සිට ඇති බව හෙළි කර ගත්තේය. එමෙන්ම තාජුඩීන් මරා දැමීමට පෙර දින එනම් 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා දහවල් ද මෙම හමුදා නිලධාරියා මෙම ඝාතනය සිදු කිරීමට සැළසුම් කර ඇති ස්‌ථානය වෙත ගොස්‌ එය පරීක්‍ෂා කළ බවට සාක්‍ෂි පොලිසිය සොයා ගත්තේය.

තාජුඩීන් මරා දැමීමෙන් පසු මෙම හමුදා නිලධාරියා ඒ පිළිබඳව හම්බන්තොට ප්‍රදේශයේ සිටි තරුණ දේශපාලනඥයාගේ ආරක්‍ෂක රථය වෙත තොරතුරු ලබා දුන් බවද මේ වන විට හෙළි වී තිබෙයි.

ඊට අමතරව තාජුඩීන් මරා දැමීම ඔප්පු කළ හැකි සාක්‍ෂි රැසක්‌ මේ වන විට රහස්‌ පොලිසිය සතුව පවතියි.

වසීම් තාජුඩීන් පැහැර ගෙන මෝටර් රථයේ දමාගෙන රැගෙන යන අයුරු සටහන්ව ඇති සී. සී. ටී. වී. දර්ශන රහස්‌ පොලිසිය සොයා ගත්තේ ඉමහත් වෙහෙසක්‌ දරමින්ය.
මෙම සී. සී. ටී. වී. දර්ශන අපැහැදිලිබැවින් ඒවා පරීක්‍ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත කොළඹ විශ්වවිද්‍යාලය වෙත භාර දීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය. තාජුඩීන් පැහැරගෙන මෝටර් රථයේ දමා ගත් පුද්ගලයන් දෙදෙනකු ගමන් කරන අයුරු හඳුනා ගැනීමට හැකි වුවද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනාගේ මුහුණු අපහැදිලි බව විශ්වවිද්‍යාලය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සී. සී. ටී. වී. දර්ශන විදේශ රටක අපරාධ පරීක්‍ෂණ ඒකකයක පරීක්‍ෂාව සඳහා යෑවීමට අධිකරණයෙන් නියෝගයක්‌ ලැබුණේය.

මේ වන විට තාජුඩීන් ඝාතනයේ සියලු තොරතුරු හෙළි කර ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත්ව සිටියි. මේ ඝාතනයට සම්බන්ධ දේශපාලනඥයන්ට නීතිය මග හැර යා නොහැක. අත්අඩංගුවට ගැනීම වළක්‌වා අපේක්‍ෂිත ඇප ලබා ගැනීමටද නොහැක. ඒ මන්දයත් මේ දේශපාලනඥයන්ට එල්ල වී ඇත්තේ අපේක්‍ෂිත ඇප ලබා දිය නොහැකි තත්ත්වයේ බරපතළ චෝදනාවන්ය. මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදු වන්නේ තරුණියන් මුල් කරගෙන ඇති වු ආරවුලක්‌ නිසා බවට කලින් සැකයක්‌ මතුව තිබුණේය.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළි වූයේ තරුණියගේ ප්‍රශ්නය තාජුඩීන් ඝාතන පරීක්‍ෂණය වෙනත් මගකට යොමු කිරීමට ගෙතූ බොරුවක්‌ බවය.‘‘
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top