ඒ දවස්වල ශිහාන්ට ගෑනූ ළමයින්ගෙන් වුණු කරදර ?
"කරදර කියලා හිතෙන්නෙ නැහැ. ඒ ඇත්තටම එයාලගේ ආදරේ වැඩි නිසයි. කටුගස්තොට කොන්සට් එකකක් ලොකු කතාබහකට ලක්වුණා. කට්ටිය පෙරළගෙන වගේ ආවා. මම සිංදු කියනව නෙවේ, අත පය දික් කරනවා විතරයි. ඒ අතරේ එක්කෙනෙක් ලේන්සුවක් වීසි කළා. එයාට මම ඒක ආපහු දුන්නා."
"පස්සෙ හැමෝටම ඕනි වුණා ඒගොල්ලන්ගේ දෙයක් මට දීලා, මම ඒක අල්ලලා ආපහු ගන්න. ඕක තමා එක එක සයිට්වල ගියා, ශිහාන්ගේ අනවශ්‍ය රංගනය නිසා තරුණියන් උඩ වස්ත්‍ර ගලවයි කියලා. කැප්ස් අරවා මේවා රෙදි ගොඩක් ආවා ස්ටේජ් එකට..."
"හැබැයි ඉතින් ඒ ආදරේ.. කරදරයක් නෙවෙයි. මගේ ගෙදර ඇවිල්ලා ඇඹරැල්ලා ගහෙ ගෙඩි පවා ගෑනූ ළමයි කඩාගෙන ගියා. එක කාලෙක අපි හිටපු අම්මගේ ගේ කඩනවා. උපන් ගෙය.. එතකොට ආපු ස්කූල් බස් එකක් ප්‍රසිද්ධ බාලිකා පාසලක. ශිහාන් අයියගේ ගෙදර යනවා කියලත් ඒ ටයිම් ටේබල් එකේ තිබිලා. පස්සෙ ශිහාන්ගේ කාමරේ කොයිද කියලා අම්මගෙන් අහලා ගල්කෑලි පවා අරන් ගිහින් තියනවා.."