Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
28
දේශය ගොඩනංවන ගමනේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් කාගිල්ස් ෆුඩ්සිටි 500 වන ශාඛාව විවෘත කරයි - Photos

- දේශය ගොඩනංවන ගමනේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් කාගිල්ස් ෆුඩ්සිටි 500 වන ශාඛාව විවෘත කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

229 Views
2022 ඔක්තෝබර් 26, කොළඹ : ශ්‍රී ලාංකීය අභිමානවත් දේශීය සන්නාමයක් ලෙස තම 500 වන ශාඛාව විවෘත කිරීමත් සමග සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය.

සිය 39 වසරක සාඩම්බර සහ වේගවත් ගමනේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සුපිරි වෙළඳසැල් ජාලය වන කාගිල්ස් ෆුඩ්සිටි දිවයිනේ සුපිරි වෙළඳසැල් ව්‍යාපාරයේ වර්ධනය වෙනුවෙන්ද දායක වී ඇත්තේ එහි ශාඛාවන් වටා හතු පිපෙන්නාක් සේ මතුවන වෙනත් ව්‍යාපාරයන් සහ දේපළ වෙළඳාම් සංවර්ධන කටයුතු සමග දිවයිනේ සුපිරි වෙළඳසැල් දියුණුව වෙනුවෙන්ද දායක වී ඇත.

සිය තත්වයන් නිරන්තරයෙන්ම ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල් ජාලයන්හි තත්වයන් හා සසඳමින් දේශීය සුපිරි වෙළඳසැල් සඳහා ඉහළ තත්ව සහතිකයන් සළකුණු කළ කාගිල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් අංශයට වැඩි ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමටද සමත් වුණි.

ශ්‍රී ලංකාවේ පිළිගත්, සාර්ථක නාමයක් වීමට අමතරව කාගිල්ස් ෆුඩ්සිටි රටේ ආර්ථිකය සහ දේශීය ප්‍රජාව මතද ඵලදායී සහ තිරසාර බලපෑමක් ඇති කර ඇත.

කාගිල්ස් ෆුඩ්සිටි, සිය මූලික වටිනාකම් වලින් මතුවන වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට කැප වී ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීමට නිරන්තරයෙන් කටයුතු කරයි. දිස්ත්‍රික්ක 25 ආවරණය කරමින් , නාගරීකරණයෙන් ඔබ්බට ශ්‍රී ලාංකිකයන්ට සුපිරි වෙළඳසැල් අත්දැකීමක් හඳුන්වා දුන්නේය.

2004 වසරේදී වව්නියාව කාගිල්ස් ෆුඩ්සිටි ආරම්භ කර දකුණේ සිට උතුරටත් ඇතුළු වූ පළමු සමාගම කාගිල්ස්ය. වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ නැගෙනහිරටත් ගමන් කළ කාගිල්ස් 2007 වසරේ දී ත්‍රිකුණාමලයේ කාගිල්ස් ෆුඩ්සිටි එක්ස්ප්‍රස් සේවාවක්ද පිහිටුවන ලද්දේ යුධ වාතාවරණයක් මධ්‍යයේය. අද වනවිට උතුරු නැගෙනහිර ක්‍රියාත්මක එකම සුපිරි වෙළඳසැල මෙයයි.

ප්‍රභූන්ට සේවය සැලසීමෙන් ඇරඹි කාගිල්ස් ෆුඩ්සිටි අද වනවිට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජීවිතයට සහනයක් සලසමින් රට පුරා අඩුම මිල සහතික කරයි- කාගිල්ස් ෆුඩ්සිටි දින 365 පුරා විවෘතව පවතින අතර වසංගත කාලයේද ක්‍රියාත්මක වූයේ රටේ මිලියන ගණනක ජනතාව අසරණ තත්වයකට පත් නොකරන සෑබෑ සන්නාමයක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ අනාගත මනස හැඩගස්වා ගැනීම සඳහා කණ්ඩායම සතු සම්පත් ලබා දෙමින් කාගිල්ස්, මුල් ළමාවිය අධ්‍යාපන වැඩසටහන ළමුන් 8000කට වැඩි පිරිසකට ඔවුන්ගේ අනාගතයට ස්ථාවර පදනමක් ලබා දී ඇත.

ජීවිත පෝෂණය කිරීමේ සන්නාමයක් ලෙසින් කාගිල්ස් ෆුට්සිටි ,සිය මානුෂීය වගකීම ඉටු කරමින් ඛ්ි්කකස්බ ක්‍දපපමබසඑහ සමග සහයෝගීතාවයෙන් ප්‍රජා ආහාර වැඩසටහනක්ද දියත් කරන ලදී. මෑතකදී ආරම්භ වූ මෙම වැඩසටහන මගින් අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශවල ජනතාවට පෝෂණීය ආහාර වේල් 3,300කට අධික ප්‍රමාණයක් දැනටමත් ලබා දී ඇත.

ආර්ථික වශයෙන් ගත්කල කාගිල්ස් ෆුඩ්සිටි දේශීය වෙළඳනාම සඳහා ඉඩසළසා දෙමින් නිරන්තරයෙන් රට පුරා ව්‍යවසායකත්වය දිරිමත් කිරීමට කටයුතු කරයි. සාර්ථකත්වය කරා ගොස් ඇති එවන් වෙළඳ නාම බොහොමයක් සමාගමේ සහයෝගය ගැන නිරතුරුවම සිය විශ්වාසය තබා ඇත. මෙහිදී සළකා බලන ප්‍රධාන කාරණාවක් වන්නේ සෑම නිෂ්පාදනයක්ම දැඩි තත්ත්ව ප්‍රමිතීන් වලට යටත් විය යුතු වීමයි.

කාගිල්ස් ෆුඩ්සිටි කීර්තියක් උසුලා ඇත්තේ ඒ ඉහළ තත්වය නිසායි. මෙමගින් පාරිභෝගිකයන් සඳහා වඩාත් නැවුම් සහ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සහතික කරනවා පමණක් නොව, ශ්‍රී ලංකාව ඉහළම ගුණාත්මක මිනුම් සලකුණු පිළිපදින බව ලෝකයටම ප්‍රදර්ශනය කරයි.

මෙම හරහා ආර්ථිකයේ කොඳු නාරටිය වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය වීමට කාගිල්ස් ෆුඩ්සිටි සමත් වී ඇත. ලෝක බැංකු අධ්‍යනයකින් හෙළි වූයේ කාගිල්ස් සැපයුම් දාමයේ සේවය කරන ගොවීන්ට ඔවුන්ගේ උත්සාහයට ඉහළ මිලක් ලැබෙන අතර එමගින් පාරිභෝගිකයින්ට අඩු මුදලක් නියම කිරීමට ඉඩ සැලසෙන බවයි. Gates’ පදනම විසින් කාගිල්ස් හි වටිනාකම් පද්ධතිය අනුකරණය කළ යුතු ආදර්ශයක් ලෙසට ප්‍රකාශයට පත් කළ අතර එය ගෝලීය මට්ටමේ ජයග්‍රහණයකි.

සෑමවිටම ශ්‍රී ලාංකීය ගොවීන්ට වෙළඳපොළට පිවිසීමට බාධක පැවති නමුත් රට පුරා සිය ට්‍රක් රථ යවමින් කාගිල්ස් විසින් හඳුන්වා දුන් නැවුම් අස්වැන්න ගොවිපළෙන් වෙළඳපළට සංකල්පය නිසා ගොවීන් වෙනුවෙන් විශේෂ වෙළඳපොළක් නිර්මාණය වී ඇත.

ඒ හරහා ඔවුන්ට නැවුම් සහ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන පහසුවෙන් සැපයීමට හැකියාව ලැබේ. නැවුම් නිෂ්පාදන සෘජුවම ගොවීන්ගෙන් මිලදී ගැනීමෙන්, කාගිල්ස් ඔවුන්ගේ ඔවුන්ගේ ජීවන තත්වය උසස් කළා පමණක් නොව සරුබිම අරමුදල හරහා අනාගතය පිළිබඳ බලාපොරොත්තුද ලබා දුන්නේය. අද වනවිට කාගිල්ස් යනු 5000කට අධික ගොවීන් ජාලයකින් නැවුම් පලතුරු සහ එළවළු ලබා ගනිමින් නැවුම් නිෂ්පාදන එකතු කරන්නා වන අතර ජාතික පලතුරු හා එළවළු නිෂ්පාදනයෙන් 4% කට වඩා දායක වේ.

එය අඛණ්ඩව වර්ධනය වන ප්‍රතිශතයකි. කාගිල්ස් ශ්‍රී ලංකාවේ විශාලතම නැවුම් කිරි එකතු කරන්නාද වන අතර ජාතික කිරි නිෂ්පාදනයෙන් 14% කට වඩා දායකත්වය සපයයි. එමෙන්ම සමාගම පශු සම්පත් . කුකුළු හා සත්ව පාලන ක්ෂේත්‍ර සඳහා ද ප්‍රමුඛ දායකත්වයක් සපයයි.

නොනැවතී වර්ධනය වන ජාලයත් සමඟ කාගිල්ස් ෆුඩ්සිටි දැවැන්ත රැකියා සපයන්නෙක් ලෙස හැඳින්විය හැකිය. 2019 වසරේ ඔක්තෝබර් මස ශාඛා 400 ක් පැවති කාගිල්ස් 2022 වනවිට 500 වන ශාඛාව විවෘත කිරීමත් සමඟ නව ශාඛා 100 ක් තම ජාලයට එක් කරගැනීමට සමත් වී ඇත. මෙම ව්‍යාප්තියත් සමඟ රට පුරා තරුණයින් දහසකට වැඩි ප්‍රමාණයකට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා සැකසී ඇති අතර රට පුරා සෑම දිස්ත්‍රික්කයකම සේවකයින්ට යහපත් ආහාර හා පෝෂණ පිළිවෙත් සම්බන්ධ අත්දැකීම් හා දැනුම සැපයීම සිදු වේ.

සෑම අවශ්‍යතාවයක්ම එකම වහලක් යටින් සැපයීමට කැපවී ඇති කාගිල්ස් ෆුඩ්සිටි හි පවතින ඔසුසල සෑම දෙනාගේම ඖෂධ අවශ්‍යතා පහසුවෙන් සපුරයි. බැංකුවකින් සමන්විත පළමු සුපිරි වෙළඳසැල මෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත හරහා සුපිරි වෙළඳසැල් තුළ ගෙවීම් සිදු කිරීමේ ක්‍රමය හඳුන්වා දුන්නේද කාගිල්ස් විසිනි. 2004 වසරේ ස්ථාපිත කරන ලද ඇල්බට් ඒ පේජ් ආයතනය හරහා රටේ තාරුණ්‍යට පුහුණුව, වර්ධනය සහ ජාත්‍යන්තරව පිළිගත් සහතිකකරණයන් සැපයේ.

කාගිල්ස් හි හදවත නිරන්තරයෙන්ම ගැහෙන්නේ දේශයට සේවය කිරීම සහ දේශීය ප්‍රජාව ඉහළ නැංවීම වෙනුවෙනි.
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top