ආදරේ කරන්න හැමෝටම අයිතියක් තියෙනවා. එහෙමයි කියලා සමලිංගික සම්බන්ධතාවලට අපේ රටේ නම් තාම ඉඩක් නෑ. නමුත් කාටත් හොරෙන් මේ විදියට ආදරේ කරන අය ගැන වටින් ගොඩින් එක එක කාලවල් වලදී අපිට ආරංචි වෙනවා.
මේ කියන්න යන්නේ ඒ විදියේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ කටුනායක නිදහස් වෙළඳකලාපේ ගෑණු ළමයි දෙන්නෙකුට. ගෙදරදොර අගහිඟකම් නිසාම මේ දෙන්නා කටුනායකට ඇවිත් තමන්ගේ රස්සාවල් කරගෙන ඉඳලා තියෙනවා.
ඔය අතරේ එකම බෝඩිමේ ජීවත් වුණු තරුණියන් දෙන්නා අතරේ අසම්මත ප්‍රේමයක් ආරම්භ වෙලා තියෙන්නේ ඒ දෙන්නටත් නොදැනිම. නොච්චියාගම ඉඳන් කොළඹ ආව තරුණියයි කුරුණෑගල ඉඳන් කොළඹට ආව තරුණියයි ඉන්න විදිය ගැන අවට හිටපු අයනම් වැඩිය හිතලා නෑ. ඒ මේ දෙන්නා එකිනෙකාට වෙන්වෙන්න බැරිතරම් ආදරේකින් ඉඳලා තියෙනවා කියලා තමයි ආරංචි වුණේ.
කොහොම වුනත් හුඟකාලේක ඉඳන් තිබ්බ මේ සම්බන්දේ එක් තරුණියක් එකපාරම නතර කරන්න හදලා තියෙනවා. ඒ නොච්චියාගම තරුණිය. එයා කරුණෑගල තරුණියට කියලා තියෙන්නේ තමන් විවාහ වෙන්න යන නිසා මේ සම්බන්ධය නවත්වමු කියලා. එහෙම කියලා තියෙන්නේ කුරුණෑගල තරුණිය හැමවෙලේම කෝල් කරලා වදකරන නිසාලු.
තමන් හිත පතුලෙන්ම ආදරේ කරපු අසම්මත පෙම මේ විදියට පිටුපාන හැටි දරාගන්න බැරි තැන කුරුණෑගල තරුණිය නොච්චියාගම ඇවිත් තියෙන්නේ අර තරුණියගේ ගෙදරදිම මේ ප්‍රශ්නේ විසඳගන්න ඕනි කියලා හිතාගෙන. කොහොම වුනත් ගෙදර එනකොට නොච්චියාගම තරුණිය නෑ කියලා මෙයාට ආරංචි වෙලා තියෙනවා.
කොල්ලෙකුගේ ආදරය ලබන්න බැරිවුණත් තමන් තවත් තරුණියකටම ආදරේ කරලා ඒකත් නැතිවුණු දුකට මෙයා කරලා තියෙන්නේ දිවිනසාගෙන තියෙන එක. අන්තිමේදි පොලිසියටත් යන්න වුණු මේ සිද්ධියේදි කුරුණෑගල තරුණිය පිලිඅරන් තියෙනවා තමන් මියගියපු තරුණිය එක්ක අසම්මත පෙමත් බෝඩිමේ ඉන්නකොට පටන් ගත්තා කියලා. මේ විදියට ජීවිතේ එපා කියලා දිවිනසාගත්ත තරුණියගේ වයස අවුරුදු 25ක්. අනිත් තරුණියගේ වයස අවුරුදු 26ක් කියලා තමයි ආරංචි.