16 Views






කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2016 අවුරුද්ද කොහොමද? කන්‍යා ලග්න හිමියන්ගේ සෙනසුරු මේ වසර පුරාවටම තුන් වැන්නේ වූ වික්‍රමස්තාන ගතවයි ගමන් කරන්නේ. ඒ වගේම තමයි ජනවාරි මාසේ 30 වැනිදා රාහු දෙවැන්න වූ ධනස්තානයට පැමිණෙනවා. විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ට ඔන්න තීරණාත්මක වසරක් ලෙසින් මේ 2016වසර හඳුන්වන්න පුළුවන්. පසුගිය වසරට වඩා යහපත් ආර්ථික තත්වයක් පවත්වාගෙන ශක්තිය ලැබෙනවා. හැබැයි අමතක කරන්න එපා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කුමන රාජ යෝගයක් යෙදී තිබුනත් අභියෝග වලට මුහුණ දෙන වසරක් ලෙසින් තමයි 2016 වසර යෙදෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම තමන්ට මේ වසර තුල සුළු සුළු දේවල් සොයා බැලීම අනිවාර්යෙන් ප්‍රගුණ කරගැනීම තමයි වැදගත් වෙන්නේ. එතුලින් තමයි ඔබේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යන්න පුළුවන් කම ලැබෙන්නේ. බොහෝ විට තමන්ට යන්න තියෙන අමාරුම පාර තමයි තමන්ට පහසුම මාර්ගය කරගන්න කන්‍යා ලග්න හිමියන්ට සිද්ධ වෙන්නේ. යුග දිවිය ආශ්‍රිතව ගත කල විවාහ ආදී කටයුතු ප්‍රමාද වුනු ඔබට අනිවාර්යෙන්ම එම කටයුතු ස්ථිර වන වසරක් ලෙසින් 2016 හඳුන්වන්න පුළුවන්. උරුමකම් පිලිබඳ යම්කිසි දුර්වලතාවයක් තිබුනානම් මේ වසරේ ඒ ගැටළු නිරාකරණය වේ. විදේශගත වීම් ගැන බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියන්ට, උසස් අධ්‍යාපන බලාපොරොත්තු ඇති කන්‍යා ලග්න හිමියන්ට අනිවාර්යයෙන් ඒවා ඉෂ්ට කරගන්න ශක්තිය ලැබෙනවා. උදරාගත ආබාධ, ආහාර දිරවීමේ දුර්වලතාවන් වලට ලක් වීමේ ඉඩකඩ වැඩියි. ඒ පිළිබඳව සිතා බලා කටයුතු කරන්න. මේ වසරේ අවහිරතා ජයගැනීමටනම් සෑම මසකම පළමුවන බදාදාට තමන්ගේ ප්‍රදේශයේ පහසුකම් අවම දරුවකුට හෝ අධ්‍යාපනය ලබන සාමනේර භික්ෂුවකට පොතක් පතක්, රස කැවිලි කිහිපයක් දැන් දෙන්න හැකිනම් තිබෙන අභියෝග පහසුවෙන් ජයගෙන 2016 වසර සාර්ථක කරගන්න පුළුවන්.
කැළුම් ගුණතිලක මහතා
දොළොස් වැන්නේ තැන්පත්ව සිටින බ්‍රහස්පති මෙම වසරේ අගෝස්තු මාසයේදී ලග්නයට පැමිණේ. ලග්නයේ තැන්පත්ව සිටින රාහු දොළොස්වැන්නට සම්ප්‍රාප්ත වේ. මේ වසර පුරාම සෙනසුරු තුන් වැන්නේ තැන්පත්ව පවතියි. හත් වැන්නේ තැන්පත් වෙලා ඉන්න කේතු ජනවාරි මස අවසානයේදී හය වැන්නට පැමිණේ. මේ වසර ඔබට වාසනාවන්ත වසරකි. අනාගත බලාපොරොත්තුවක් වෙනුවෙන් මුදල් ආයෝජනයක් කිරීමට සිදු වන අතර ධනලාභ සහ ඉඩකඩම් දේපල ලාභ හිමි වේ. රහස් ගමන් බිමන් ඇති වේ. ඒ නිසා රහසිගතව මුදල් වියදම් කිරීමට සිදු වේ. රැකී රක්ෂා වලින් ඉහලට යාමට හැක. නමුත් බ්‍රහස්පතිගේ මහා දශාවක් හෝ අන්තර් දශාවක් පවතියිනම් රැකි රක්ෂා වල යම් වෙනසක් සිදු වේ. 2016 වර්ෂයේ රැකී රක්ෂා සඳහා විදෙස් ගත වීමටද ඉඩ කඩක් පවතියි. කලක සිට කරගෙන ආ කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කටයුතු වලද දියුණුවක් උදා කරගත හැක. 2016 වසර ඔබට මංගල යෝග උදා කරන වසරකි. ඉදි කිරීම් කටයුතු වලින් වාසි වැඩියෙන් ලැබෙන වර්ෂයකි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ, ලේඛන කලාවේ සහ නිර්මාණශීලී රැකියාවල ඔබ නිරත වේනම් ප්‍රසිද්ධියක් අත් පත් කරගැනීමට හැකියාවක් පවතින වර්ෂයකි. ගොවිතැන් කටයුතු වගේම භුමිය සම්බන්ද කටයුතු වල නිරත වේනම් කල්පනාකාරි විය යුතු වර්ෂයකි. බාධක හිරිහැර ඇති වීමට ඉඩ ඇත. සහෝදර සහෝදරියන්ට යම් යම් ලෙඩ රෝග සහ ආබාධයන්ට ලක් වන වර්ෂයකි. ඔබ කලපසු වන පෙලෙන්නේනම් එයින් අත් මිදිය හැකිය. ජය වර්ණය කොළ පාට වේ. කන්‍යා ලග්න හිමි ඔබ හැකි සෑම විටම වැටකෙයියා පැලයකට වතුර වත් කිරීමට හැකියිනම් උදා වූ මේ 2016 නව වසර ඔබට සාර්ථක වසරක් බවට පත් කරගත හැකි වේ.
තුලා ලග්නය
නිශාන්ත පෙරේරා මහතා
2016 අවුරුද්ද තුලා ලග්නය ට කොහොමද? මේ නව වසරේත් සෙනසුරු ලග්න එරාෂ්ටක තත්වයෙන් එක් වසරක් නිම කරගන්න තුලා ලග්න හිමියන්ට හැකි වේ. සෙනසුරු 2 වැන්නේ ගමන් කරන නිසා ජනවාරි මාසේ 30 වනදා රාහු ඔබේ 11 වැන්නේ අයස්ථානයට පැමිණෙද්දී කේතු පැමිණෙන්නේ විද්‍යාස්ථානය වූ 5 වැන්නටත් බ්‍රහස්පති 12 වැන්න වූ වැයස්තානයටත් ය. තුලා ලග්න හිමියන්ට 2016 අලුත් අවුරුද්ද විශේෂයෙන්ම ධනය ලැබීම් මාර්ග ඉතාමත් ශුභ වුනත් ඒවා රඳවාගැනීමේ දුර්වලතාවන්ට ලක්වීමේ ඉඩකඩ වැඩියි. මන්ද? ඔබේ පාලනයෙන් තොර වූ වියදම් ප්‍රමාණය ටිකක් ඉහල මට්ටමක යි පවතින්නේ. බාහිර අලංකාරය වෙනුවෙන් වෙනදට වඩා වැය පාර්ශවය ටිකක් බහුල කරයි. අන් අයගේ ආකර්ෂණය දිනාගන්න තුලා ලග්නයෙන් උපන් ඔබ උත්සාහවන්ත වන වසරක් වේවි. හැබැයි මුල්‍ය කළමනාකාරිත්වයෙන් යුතුව වසරේ කටයුතු කලොත් ආර්ථික දියුණුව ඔබට ලඟා කරගන්න හැකියි. ගෘහ ජීවිතය අතින් ගත කල බොහෝ විට කලකිරීම් පසුතැවීම් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. අන් අයට කොතරම් හොඳ කලත් ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර නොලැබීම තුල මානසික වශයෙන් පීඩා කරදර ගෙන දෙනවා. අධ්‍යාපන අංශ වල නිරත වන තුලා ලග්න හිමියන්ට ඉතාමත් යහපත්. කතාවේ බලයෙන් ජය අත් කරගනියි. ඔබ නීතිය හදාරන කෙනෙක්නම් ඔබේ කීර්තිය වගේම ජයග්‍රහණය සනිටුහන් කරගන්න පුළුවන් වසරක් තමයි මේ වසර. සෙනසුරුගේ ඒරාෂ්ටකයේ අවසාන වසර කිහිපය පසු කිරීම නිසාවෙන් වම් අත සහ වම් පාදය ප්‍රවේසම් කරගත යුතුයි. එවිට සියලු බාධා මගහැරේ. මේ වසර ජයගන්නටනම් තුලා ලග්න හිමි ඔබ ගිලන්ව ඇති භික්ෂුවකට හෝ පුජ්‍ය පක්ෂයේ කෙනෙකුට මාසයේ සෑම පළමුවන සෙනසුරාදාවකම තමන්ට හැකි විදියට බෙහෙත් ද්‍රව්‍ය ස්වල්පයක්, ආහාර ද්‍රව්‍ය ස්වල්පයක් දෙන්නට පුලුවන්නම් තිබෙන බාධක පහසුවෙන්ම ජයගන්න පුළුවන්.
කැළුම් ගුණතිලක මහතා
මේ වර්ෂය ආරම්භයේදී දෙවැන්නේ සෙනසුරු තැන්පත්ව පවතියි. ඒ වගේම සෙනසුරු ග්‍රහයා වසර පුරාම තැන්පත්ව සිටින නිසා යම් ප්‍රමාණයකට බලපැවැත්වෙන ඒරාෂ්ටක තත්වයක් පවතියි. බ්‍රහස්පති ග්‍රහයා එකොළොස් වැන්නටත් දොළොස්වැන්නේ සිටින රාහු ග්‍රහයා 11 වැන්නටත් පැමිණේ. ඔබට මේ වසර ආර්ථික වශයෙන් සහනදායි වසරකි. වෙළහෙළදාම් කටයුතු වලින් වාසි ලැබෙන වර්ෂයකි. රැකී රක්ෂා බලාපොරොත්තු වන තුලා ලග්න හිමියන්ට ඒ බලාපොරොත්තු ඉටු වේ. රැකියා උසස් වීම් ලැබේ. ව්‍යාපාර මෙන්ම ගොවිතැන් කටයුතු සාර්ථක වන වර්ෂයකි. පවුල තුල සතුට සැනසීම ලඟා කරදෙන වර්ෂයකි. ගෙදරදොර කටයුතු යහපත් වේ. ඔබට මෙම වර්ෂයේ ඔබේ වචනයේ බලය පෙන්වීමට හැකියාව පවතියි. මුදල් ආයෝජනයට ඉතා සුදුසුය. අවලාද, අපහාස සහ අස්ථානගත චෝදනා වලට ලක් විය හැකි බැවින් 2016 වසර කල්පනාකාරීව කටයුතු කල යුතු වසරකි. සෙනසුරුගේ රාහුගේ මහදශාවක් හෝ අතුරු දශාවක් ගත කරන්නේනම් ඔබට ඇස් රෝග, මුඛ රෝග වලින් මෙන්ම ලේ විෂ වීම වගේ රෝග පීඩාවන් එල්ල විය හැකිය. ඔබට මේ 2016 වසර සාර්ථක වසරක් බවට පත් කරගැනීමට නම් විෂ්ණු දෙවියන් හට මාසයකට සැරයක් තුල්සි කොළ මාලයක් හෝ ගිතෙල් පුජාවක් පුද සත්කාර වශයෙන් කල හැකිනම් ඔබගේ බොහෝ බාධක මේ වසර තුලදී දුරු කර ගැනීමට හැකියාව ලැබේ.
වෘශ්චික ලග්නය
නිශාන්ත පෙරේරා මහතා
2016 අලුත් අවුරුද්ද ඔබට කොහොමද? සෙනසුරු ලග්න එරාෂ්ටකයේ ප්‍රබලතම අවධියක් ගත කරන්නට සිද්ධ වනවා. එමෙන්ම ජනවාරි 30 වනදා සිංහ රාශියට කේතුගේ කුම්භ රාශිය ගත වීමෙන් වගේම බ්‍රහස්පති අගෝස්තු 11 වැනිදා 11 වැන්නවු අයස්ථානයට පැමිණීම ඉතාමත් යහපත්. වසරේ මුල් මාස කිහිපය තුල සාමාන්‍ය මට්ටමේ ආර්ථික රටාවක් තමයි නිර්මාණය වන්නේ. බොහෝ විට මහන්සියේ තරමට ප්‍රතිපල නොලැබෙන ආකාරයක කනස්සලු ගතියක් ඇති කරන්නට පුළුවන්. හැබැයි ඔබ වසරේ මුල සැලසුම් කරගන්නාවූ මුල්‍යමය ඉලක්ක වසර අවසානයේදී සනිටුහන් කරගන්න බ්‍රහස්පතිගේ අගෝස්තු 11 වනදා සිදු වන ග්‍රහමාරුවෙන් ඔබට මනාව හැකි වේවි. අවසාන මාස 4 ආර්ථික දියුණුව ලඟා කරගන්න ඉතාමත් ශුභයි. ගෘහ ජීවිතය අතින් ගත්කල බොහෝ විට වෙනදාට වඩා ආවේගශීලී ගති ලක්ෂණ මතු කරන ආකාර තමයි තිබෙන්නේ. පවුලේ අය සමග සිටීමේ කටයුතු තරමක හීන කරන තත්වයන් ඇති කරන්න පුළුවන්. දුර බැහැර ගමන් බිමන් වගේම රැකී රක්ෂා ආශ්‍රිතව දුර බැහැර ස්ථාන මාරු වීම් වලට වෘශ්චික ලග්න හිමි ඔබට මේ වසරේ උරුමකම් තිබෙනවා. ප්‍රථමික අධ්‍යාපනය ලබන ඔබට යම් යම් පීඩා කරදර ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම සෙම් රෝග පීඩාවන් උත්සන්න කිරීමෙන් උසස් අධ්‍යාපනය ලබන දුවා පුතුන්ට මේ වසරේ ජයගන්න ඉතාමත් ශුභ ග්‍රහ සිත්තමක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම සෙම් රෝග පීඩා වලින් පරිස්සම් වීම වැදගත්. ජලයෙන් විපත් සිදු වීමේ ඉඩකඩ වැඩියි. ගංගා, ඇළ දොළ ආශ්‍රිතව ස්නානය කිරීම වගේම අවේලාවේ ස්නානය කිරීම නම් මේ වසර තුල හිතන්නවත් එපා. මේ වසරේ තිබෙන අභියෝග ජයගැනීමටනම් සෑම සෙනසුරාදා දිනකම ඔබේ නිවසේ බස්නාහිර දිශාවේ උදෑසන 6.50 ට ප්‍රථම කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ස්වල්පයක් දී වැඩ කටයුතු අරඹන්න. එවිට අඟහරුගෙන් වගේම සෙනසුරුගෙන්ද ආශිර්වාදය ලැබේ.
කැළුම් ගුණතිලක මහතා
2016 වසර වෘශ්චික ලග්න හිමි ඔබට තරමක් කාර්යබහුල වසරක් මෙන්ම මානසික පීඩා ඇති විය හැකි වසරක් වේ. මේ වසරේදී ඔබගේ රැකියා මාරුවක් සිදු වන අතර එහිදී ඔබ තරමක් කල්පනාකාරී විය යුතුය. ඔබ ගන්නා තීන්දු තීරණ පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතු වසරක් වන අතර වෙළෙඳාම්, ගොවිතැන් කටයුතු වලටද එතරම් යහපතක් සිදු නොවේ. වගකීම් වැඩි එමෙන්ම වැඩකටයුතු අධික වසරකි. මේ වසර පුරාම තිබෙන ඒරාෂ්ටක තත්වයෙන් ඔබගේ යානවාහන වලට මෙන්ම යන්ත්‍ර සුත්‍ර වලටද දැඩි අලාභ හානි සිදු විය හැක. මලානික, අප්‍රාණික මෙන්ම හදවත් රෝග සහ වාත රෝග සහ වම අතක හෝ වම පාදයක යම් ආබාධ තත්වයක් ඇති විය හැකියි. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුය. 2016 වසරේදී ඔබට කුරුළු ජෝඩුවක් නිදහස් කිරීමට පුලුවන්නම් එමෙන්ම විෂ්ණු දෙවියන්ට මල් මාලාවක් නිල් රෙදි යාර තුනක් සමග පුජා වට්ටියක් පුජා කර 2016 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කල හැකිනම් මේ වසර ඔබට ඉතාමත්ම සුභ වසරක් බවට පත් කර ගත හැක.
ධනු ලග්නය
නිශාන්ත පෙරේරා මහතා
ඔබට මේ වසර කොහොමද? ධනු ලග්නයෙන් උපන් ඔබටත් 2014 නොවැම්බර් 2න් පසු එළඹුනා වූ ලග්න ඒරාෂ්ටකය තවමත් පවතින බව අමතක නොකරන්න. ඒ වගේම රාහු ජනවාරි මාසේ 30 වනදා සිංහ රාශියට ප්‍රවේශ වෙද්දී කේතු පැමිණෙන්නේ කුම්භ රාශියටයි. ඒ වගේම බ්‍රහස්පති අගෝස්තු මාසේ 11 වනදා 10 වැන්න වූ කන්‍යා රාශියට පැමිණෙනවා. විශේෂයෙන්ම ඔබට 2016 ජනවාරි 30 වනදා දක්වා කාලය තුල ආර්ථික දියුණුව ලඟා කරගන්න පහසුයි. හැබැයි ඉන් පසු කාලයේනම් විශේෂිත වූ සැලසුමකට අනුව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. බොහෝ විට වැය පාර්ශවයන් ඉතාමත් ඉහල මට්ටමක පවතින නිසාවෙන් තැන්පත් ධනය වැය වීම් වැඩි කරන්න පුළුවන්. රැවටීම් ,මුලාවීම් වලට පහසුවෙන් ලක් විය හැකියි. මේ වසරේ ආයෝජන කටයුතු ,හවුල් ව්‍යාපාර කටයුතු වගේම ණය මුදල් දීමේදී, සහ ගැනීමේදී කිහිප වතාවක් සිතා බැලීම ඉතාමත් වැදගත්. ධනු ලග්න හිමියන්ට යුග ජීවිතය ආශ්‍රිතව වෙනදාට වඩා කුසීත ගති ලක්ෂණ ඇති කිරීමේ ඉඩකඩ තිබෙනවා. බලාපොරොත්තු ඇතත් ඒවා ක්‍රියාවට නංවන්න ඔබ තුල මන්දගාමී ස්වභාවයක් ඇති කරනවා. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම තමන්ගේ මානසික ශක්තිය වැඩි දියුණු කරගැනීමයි. පිය පාර්ශවීය අසනීප තත්වයන් වෙනුවෙන් වැඩි පුර කාලය ශ්‍රමය ධනය වැය කරන්නට සිද්ධ වෙනවා. පදිංචි ස්ථානය ආශ්‍රිතව ඊසාන දිශාව දුර්වලනම් ඔබට ඉතාමත් අහිතකරතා ගෙන දේවි. රවිගේ බුධගේ මහා දශාව අතුරු දශාව ගත කරන උදවිය ටිකක් කල්පනාකාරී වෙන්න. මන්ද සෞඛ්‍ය පීඩා තත්වයන් ඉහල මට්ටමකට ගෙන දෙන නිසා. අත් පා ආශ්‍රිත හිරිවැටීම්, වාත වේදනා වලට ලක් විය හැකියි. ඒ පිලිබඳ සිතා බලා කටයුතු කිරීම වැදගත්. ඔබට මේ වසර ජයග්‍රහණය කරා යන්නනම් සෑම මසකම පුරපසළොස්වක පෝය දින වල සිල් සමාදන් වන උපාසක උදවියට කොළ කැඳ ස්වල්පයක් දන් දෙන්න. එවිට සියලු බාධක මගහැරී ජයග්‍රාහී ලෙස වසර නිම කිරීමට ධනු ලග්න හිමි ඔබට හැකි වනු නොඅනුමානයි.
කැළුම් ගුණතිලක මහතා
2016 වසර පුරාම සෙනසුරුගේ එරාෂ්ටක තත්වයක් පවතින බැවින් රැකියා ස්ථානයේ ගැටළු ඇති විය හැකි වසරකි. වචන භාවිතා කිරීමේදී තරමක් ප්‍රවේශම් වියයුතු අතර නිකරුනේ ධන හානිද සිදු විය හැකිය. මිල මුදල් භාවිතයේදී සැලකිලිමත් විය යුතු අතර ඔබේ කීර්ති නාමයටද මේ වසරේ යම් යම් ගැටළු ඇති වීමක් සිදු විය හැකියි. අන් අය සමග ගනුදෙනු කිරීමේදී මෙන්ම යම් මුදල් ගනුදෙනුවක් සඳහා අත්සන් කිරීමේදී ද සැලකිලිමත් වන්න. ඔබගේ ගෙදර දොර කටයුතු තරමක් අවුල් වියවුල් තත්වයක් ඇති වන අතර අධ්‍යාපනයට තරමක් වාසිදායක තත්වයක් ඇති වේ. කල්පසුවන රෝග ඇති වන අතර අස්ථි බිඳීම් වම් අත හෝ වම් පාදයේ යම් රෝගාබාධයක් ඇති වේ. සතුරන්ගෙන් නින්දා අපහාස සහ පරාජයන්ට මුහුණ දීමට සිදු විය හැකි වසරකි. ධනු ලග්නයෙන් උපන් ඔබේ මේ වසරේ ජයග්‍රාහී වර්ණය කහ වර්ණය වන අතර පුෂ්පරාග මැණිකක් ඇල්වූ මුදුවක් පැළඳීම යහපත් වේ. විෂ්ණු දෙවියන් ට ඊතන මිශ්‍ර නිල් පාට මල් ඇල්වූ මල් මාලයක් පැළඳවීම මගින් මේ වසර ජයග්‍රාහී වසරක් බවට පත් කරගත හැකි වේ.
මකර ලග්නය
නිශාන්ත පෙරේරා මහතා
රාශි චක්‍රයේ 10 වැනි රාශිය වූ මකර ලග්නයෙන් උපන් ඔබට 2016 කොහොමද? ලග්නාධිපති සෙනසුරු මේ වසර පුරාවටම ගමන් කරන්නේ අයස්ථානය වූ 11 වැන්නේ. ජනවාරි මස 30 වනදා රාහු සිංහ රාශියට පැමිණෙද්දී කේතු කුම්භ රාශි ගත වනවා. ඒ වගේම මෙතුවක් කල් 8 වන්නේ ගමන් කරපු බ්‍රහස්පති අගෝස්තු මාසේ 11 වැනිදා පුණ්‍යස්තාන ගත වනවා. මකර ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද ඇත කරගන්න හැකි වසරකි. කරන කියන කටයුතු වගේම, කරන්න බලාපොරොත්තුවන කටයුතු වලින් අති සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන්ගේ ආයෝජන කටයුතු, තමන් කරන කටයුතු වලට අමතරව වෙනත් ආදායම් මාර්ග හෙළි පෙහෙළි වන වසරක් ලෙසින් 2016 හඳුන්වන්න පුළුවන්. බොහෝ විට තමාගේ උදවුවට උපකාරයට සිටින අය දුරස් වීමේ ස්වභාවයක් ගෙන දෙන්න පුළුවන්. ආවේගශීලී කතා බහ නිසාවෙන් කට පරිස්සම් කරගත්තොත් මේ වසර ඔබට සුවිශේෂී වරප්‍රසාද ලඟා කරගන්න පුළුවන්. ගෘහ ජීවිතය අතින් ගත කල පවුලේ සමගිය,සහජීවනය වර්ධනය වන වසරක්. අලුත් අමුත්තන්, එකතු වන වසරක්. නෑදෑ සම්බන්දකම් වගේම දුර බැහැර සිටින පිරිස් පවා තමාගේ ඇසුරට පත් වන වසරක්. ලේ විෂ වීම්, විෂබීජ ශරීරගත වීම වැනි තත්වයන්ට හේතු වේ. සුරතල් සතුන්ගෙන් ටිකක් පරිස්සම් වුවහොත් සියලු අවහිර ඔබට මගහරවාගන්නට පුළුවන්. රූපලාවන්‍ය හදාරන ඔබට මේ වසරේ ඔබේ ජයග්‍රහණ ඉහල මට්ටමකට ගෙන එනවා. විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාද ලබාගෙන මේ වසරේ කටයුතු දියත් කලොත් මකර ලග්නයේ උපන් ඔබෙ ජයග්‍රහණය වලක්වන්නට කාටවත් බැරි වේවි.
කැළුම් ගුණතිලක මහතා
2016 වසර මකර ලග්න හිමි ඔබට කොහොමද? ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ඔබේ එකොලොස් වැන්නේ තැන්පත් වෙලා සිටියදී තමයි 2016 වසර ආරම්භ වන්නේ. ඒ වගේම රාහු ග්‍රහයා පුණ්‍යස්ථානයේ සිට අට වැන්නට සම්ප්‍රාප්ත වෙනවා. අටවැන්නේ තැන්පත් වෙලා හිටපු බ්‍රහස්පති ග්‍රහයා පුණ්‍යස්තානයට පැමිණෙන්නේ අගෝස්තු මාසයේයි. මේ නිසා මකර ලග්න හිමි ඔබට 2016 වසර ඔබට සැබවින්ම වාසනාවන්ත වසරක්. රැකී රක්ෂා වල උසස් වීම් වගේම වැටුප් වැඩි වීම් ලබන්න පුළුවන් වාසනාවන්ත කාලයක්. ඔබ වෙළඳාම් කටයුත්තක නිරතව සිටින අයෙක්නම් ඒ කටයුතු වලිනුත් නිසි පරිදි දියුණුවක් ලබාගන්න පුළුවන්. ඔබට උසස්, උගත් මිත්‍රයන් ආශ්‍රය කරන්නට ලැබෙන වර්ෂයක්. එමෙන්ම ඒ අයගේ උදවු උපකාර වගේම අදහස් උදහස් නිසා ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වගේම රැකියාව තුල පැමිණිය හැකි අර්බුධත් ඔබට පහසුවෙන් මගහරවාගන්නට පුළුවන් වසරක්. ඒ වගේම මකර ලග්නයෙන් උපන් ඔබ භුමිය සම්බන්ධ ව්‍යාපාරික කටයුතු වල නිරත වෙන අයෙක්නම් මේ 2016 වසර ඔබට තවදුරටත් පත් කරගන්න පුළුවන්. ඇඟලුම් ක්ෂේත්‍ර වල, යාන වාහන අලෙවි කිරීම් වැනි ව්‍යාපාරික කටයුතු වල නිරත වන මකර ලග්න හිමියන්ට 2016 වසර සැබවින්ම වාසනාවන්ත වසරක්. තමන් කැමති ආකාරයට කටයුතු කරන්න අවස්තාව සැලසෙනවා වගේම තමන් වටා ඉන්න පිරිසගේ නිසි උදවූ උපකාර ලබාගන්නත් ඔබට මේ 2016 වසරේදී හැකියාව ලැබේ. ඒ වගේම හදිසි ධන ලාභ ලැබෙන වසරක් හැටියටත් 2016 වසර මකර ලග්න හිමියන්ට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබට නව දරු උපතක් හෝ විවාහ කාරනාවක් මුල් කරගෙන ඔබේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු විය හැකි වසරක්. අලුතින් දේපල ඉඩකඩම් එකතු කරගන්නට වගේම යාන වාහන මිලදී ගැනීමටත් මකර ලග්න හිමි ඔබට අවස්තාව උදා වෙනවා. ඒ වගේම මකර ලග්නයෙන් උපන් ආදරවන්තයින්ටත් 2016 වසර සැබවින්ම වාසනාවන්තයි. ඔබට යහපත් ආකාරයකින් ආදර සම්බන්ධතා පවත්වාගෙන යන්නටත්, ඒ වගේම ඒවා ස්ථිර කරගන්නටත් සුදුසූ වර්ෂයක් ලෙස 2016 වසර හඳුන්වන්නට පුළුවන්. මකර ලග්නයෙන් උපන් ඔබට රාහුගේ මහා දශාව හෝ අතුරු දශාවක් පවතිනවානම් ඔබ තරමක් ප්‍රවේශම් විය යුතුයි. ගමන් බිමන් අධික වීම මෙන්ම බලාපොරොත්තු කඩ වීමත් සිදු වෙන්න පුළුවන්. ඔබට ගෙවුණු අවුරුද්දේ යම් යම් රෝගාබාධ තිබුනත් ඒවා සුව වෙන වර්ෂයක් බවට 2016 වර්ෂය පත් වෙනවා. මේ දේවල් මගහරවාගන්නටනම් වර්ෂය ආරම්භයේදීම උතුම් විෂ්ණු දෙවියන් හට පුජාවක් පවත්වන්නට හැකියාවක් ලැබේනම් 2016 වර්ෂය ඔබට සෞඛ්‍ය සම්පන්න වගේම ජයග්‍රාහී වර්ෂයක් බවට පත් කරගන්නට හැකියාවක් ලැබෙන වර්ෂයක්.
කුම්භ ලග්නය
නිශාන්ත පෙරේරා මහතා
2016 නව වසර කුම්භ ලග්නයෙන් උපන් ඔබට කොහොමද? ඔබේ ලග්නාධිපති සෙනසුරු වසර පුරාවටම ගමන් කරන්නේ දහවැන්නේ. ජනවාරි මාසේ 30 වනදා රාහු පැමිණෙන්නේ ඔබේ 7 වැන්නටයි. ඒ වගේම කේතු ලග්නයට පැමිණෙන වසරක්. එය කිසිසේත් අමතක කරන්න එපා. බ්‍රහස්පති අගෝස්තු මාසයේ 11 වැනිදායින් පසු 8 වන්න වූ කන්‍යා රාශියට ප්‍රවේශ වන වසරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඔන්න කුම්භ ලග්න හිමියන්ට සුවිශේෂී අත්දැකීම් සමුදායක් උරුම කරලා දෙන්න මේ වසර සුදානම්. අගෝස්තු මාසයේ 11 වෙනිදා කාලය ඔබට ආර්ථික දියුණුව ඇති වන වසරක්. හැබැයි එම දිනයෙන් පසු කාලය අනපේක්ෂිත වැය පාර්ශවය වැඩි කරන්නට පුළුවන්. නීති කරදර ලක්වීමේ ඉඩකඩ ඇත. ඇප ආදිය අත්සන් කරන විට සිය පාරක් සිතා බලන්න අමතක කරන්න එපා. ගේ දොර පදිංචි ස්ථාන යම් යම් වෙනස් වීම් ඇති කරන්න පුළුවන්. මුදලක් ගැනීමේදී වගේම ණය මුදලක් දීමේදී වැඩි පරිස්සම වැදගත්. මොකද අනපේක්ෂිත වූ වියපැහැදම් වලට තමයි නව වසර කුම්භ ලග්න හිමියන්ට ලියවී තිබෙන්නේ. නිසි මුල්‍ය කළමනාකාරිත්වයෙන් යුතුව තිබෙන කරදර ජයගෙන ඔබට ඉහලට යාමේ ශක්තිය ලැබෙනවා. පවුල් ජීවිතය ආශ්‍රිතව කියනවනම් පවුලේ අයගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් මේ වසරේ වැඩි කාලයක් වෙන් කරන්නට සිද්ධ වෙනවා. උස ස්ථාන වලට යාමේදී කල්පනාකාරී නොවුනොත් කියූ අනාවැකිය වසර මුලදීම සිදු වීමට ඉඩ ඇත. මේ වසරේ ජයග්‍රහණය පතා කටයුතු කරද්දී සෑම සෙනසුරාද දිනකම එළඟි තෙල් මිශ්‍ර පහන් නවයක් මත තබා තමන් අදහන කුමන හෝ ශාස්තෘවරයෙකු වෙනුවෙන් දල්වා කටයුතු කලොත් ඔබේ ජයග්‍රහණය වලක්වන්නට කාටවත්ම බැරි වේවි.
කැළුම් ගුණතිලක මහතා
කුම්භ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා මේ වර්ෂය ආරම්භයේදීම 10 වැන්නේ තැන්පත් වෙලා තිබෙන්නේ. මේ සෙනසුරුත් සමඟ කුජත් මාස හයක පමණ කාලයක් යෝග වනවා. ඒ වගේම අට වැන්නේ තැන්පත් වෙලා ඉන්න රාහු ජනවාරි මාසයේ අවසානයේදී හත් වැන්නට පැමිණෙනවා. හත් වැන්නේ තැන්පත් වෙලා ඉන්න බ්‍රහස්පති ග්‍රහයා අගෝස්තු මාසයේදී අට වැන්නට සම්ප්‍රාප්ත වෙනවා. මේ ග්‍රහ රටාව අනුව කුම්භ ලග්න හිමියන්ට තරමක් කාර්යබහුල සහ ව්‍යාකූල වසරක් ලෙස 2016 වසර හඳුන්වන්න පුළුවන්. ඒ නිසා කුම්භ ලග්න හිමි ඔබ වසර මුලදීම සැලසුම් සහගතව කටයුතු ආරම්භා කරන්න හිතට ගන්න. ඒ වගේම ඔබ 2016 වසරෙදි ගන්න තීන්දු තීරණ වලදී ඔබට වඩා උසස්, උගත් පුද්ගලයින්ගෙන් අවවාද අනුශාසනා ලබාගන්න. කොහොම වුනත් දහ වැන්නේ සෙනසුරු සහ කුජ ග්‍රහයා තැන්පත් වෙලා ඉන්න නිසා රැකියාවට සම්බන්ධ කටයුතු වලදී තරමක් ප්‍රවේශම් වන්න. ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ සතුරන් ඇති වෙන්න පුළුවන්. 2016 වසර තරමක් උදාසීන ගති උත්සන්න වන වසරක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසාම ඔබ වෙනදා ආශ්‍රය කරන අයගෙන් තරමක් ඇත් වෙන්න උත්සාහ කරාවි. විශේෂයෙන් ඔබ දන්නා දේ සහ ඔබ දරන අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට උත්සහ කරන වසරක්. හැබැයි අදහස් පල කිරීමට අවස්ථාව ලැබෙන සහ අදහස් පල කල යුතු තැන් වලදී නිවැරදිව සහ ශක්තිමත්ව එයට මුහුණ දුන්නොත් 2016 ඔබට මුහුණපාන්නට වෙන ගැටළු බොහොමයක් මගහරවාගන්න පුළුවන්. පවුල හා සම්බන්ධ කටයුතු වලදී යම් යම් බාධා එල්ලවෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබට රාහුගේ සහ කුජගේ අතුරු දශාවක් හෝ මහා දශාවක් ගත කරනවානම් ඔබ බොහෝ සේ ප්‍රවේශම් විය යුතුයි. සමේ රෝග, වකුගඩු ආශ්‍රිත රෝග ඇති වන්නට පුළුවන්. කුම්භ ලග්නයේ උපන් ඔබට සෑම මාසයකම පුර පසළොස්වක පෝයට කලින් යෙදෙන සෙනසුරාදා දිනවල මහා විෂ්ණු දේවතාවුන් වෙනුවෙන් පුද සත්කාර, සම්මාන පවත්වන්න පුලුවන්නම් 2016 වසර ඔබට සාර්ථක වසරක් බවට පත් කරගන්න හැකියාවක් ලැබේවි .
මීන ලග්නය
නිශාන්ත පෙරේරා මහතා
අවසාන ලග්නය වූ මීන ලග්නයෙන් උපන් ඔබට 2016 වසර කොහොමද? මීන ලග්නයෙන් උපන් ඔබට වසර පුරාවටම සෙනසුරු ගමන් කරන්නේ පුණ්‍යස්තානය වූ නව වැන්නෙයි. ජනවාරි මාසයේ 30 වැනිදා රාහු සිංහ රාශියට පැමිණීම සිදු වේ. කුම්භ රාශියට කේතු සම්ප්‍රාප්ත වී ඇත. අගෝස්තු මස 11 වන දා මීන ලග්න හිමියන්ගේ 7 වැන්නට ලග්නාධිපති බ්‍රහස්පති ප්‍රවිෂ්ට වේ. බොහෝ විට වසරේ මුල සහ අග ආර්ථික තත්වයේ උස් පහත් වීම් සිදු වේ. ලැබීම් සඳහා යහපත් නමුත් අපේක්ෂා කරන වෙලාවට ලැබීම් නැත. ඒ හේතුවෙන් අපේක්ෂා භංග වීම් සිදු විය හැක. වසරේ ජලාශ්‍රිත ව්‍යාපාර හෝ ආහාර ආශ්‍රිත ව්‍යාපාර කරන අයටනම් අනිවාර්යෙන්ම ජයග්‍රහණ අත් වේ. එමෙන්ම ඔබ පවුලේ කටයුතු කරන විට දුවා දරුවන් පිළිබඳව තීන්දු තීරණ ගන්නා විට වගේම ඔබ ව්‍යාපාරයක් කරනවානම් සේවක සේවිකාවන් පිළිබඳව තීන්දු තීරණ ගන්නා විටත් වැඩි වාර ගණනක් සිතා එය සිදු කිරීමට වග බලාගන්න. අමතක කරන්නට එපා. මේ වසර තුල තමා සන්තකයේ ඇති ද්‍රව්‍ය විනාශ වී යාමට ඉඩ ඇත. ඇඟිලි ආශ්‍රිත ව කරදර බාධක ඇති නිසා යන්ත්‍ර සුත්‍ර ආශ්‍රිතව කටයුතු කරද්දී සැලකිලිමත් වන්න. වසරේ ජයග්‍රහණය වෙනුවෙන් සෑම මසකම පළමු වන අඟහරුවාදා දින ඔබේ නිවසේ නිරිත දිශාවේ පක්ෂීන්ට ධාන්‍ය වර්ගයක් දන් දෙන්න.
කැළුම් ගුණතිලක මහතා
මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා හය වැන්නේ සිට හත් වැන්නට සම්ප්‍රාප්ත වන්නේ අගෝස්තු මාසයේදීයි. හත් වැන්නේ හිටපු රාහු ග්‍රහයා හය වැන්නට පැමිණෙනවා ජනවාරි 30 වෙනිදා. වර්ෂය පුරාම සෙනසුරු ග්‍රහයා නව වැන්න වන පුණ්‍යස්ථානයේ රැඳී ඉන්නවා. එත් සමගම කුජ මාස හයකට ආසන්න කාලයක් යෝග වනවා. මේ කියන ග්‍රහ රටාවත් එක්ක ඔබ වෘත්තීයක නිරත වන්නෙක්නම් රැකී රක්ෂා වලින් ඉහලට යන්නත් තනතුරු ලාභ ලබන්නත් මේ 2016 දී අවස්තාව ලැබෙනවා. ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයක නිරත වන කෙනෙක්නම් බාධක කම්කටොලු ඇති වෙන්න පුළුවන්. වියදම් පාර්ශවය අධික විය හැකි වසරක්. නව සැලසුම් අසාර්ථක වීමට අවස්තාව වැඩියි. ඒ නිසා ඔබ සැලසුම් සකස් කරද්දී වැඩිහිටි උදවියගෙන් උදවු උපකාර ලබාගැනීම වඩා යහපත්. ඔබට සතුරු කරදර චිත්ත පීඩා මානසික ව්‍යාකුලතා තිබේනම් ඒවා පහව යන වසරක්. ඔබට නොපෙනී සතුරුකම් කල පුද්ගලයන් සිටියානම් ඒ අයව ප්‍රසිද්ධියේ හඳුනාගන්න පුළුවන් වසරක්. විශේෂයෙන් රාහුගේ බලපෑම අට වැන්නට ලැබිල තියෙන නිසා බොහෝ රෝගාබාධ අඩුව යන්නට පුළුවන්. හදිසි අනතුරු ගැන සැලකිලිමත් වන්න. ක්ෂණික කේන්තිය අඩු කරගන්න. බ්‍රහස්පතිගේ මහා දශාවක් හෝ අන්තර් දශාවක් ගත කරන ඔබට 2016දී නිරන්තරයෙන් ධන ලාභ ලැබිය හැකිය. හැබයි ඔබට ඇස් වල රෝග තත්ත්ව බෝවන වසන්ගත රෝග ඇති විය හැකියි. මෙවැනි බාධක තත්ත්ව මගහරවා ගැනීමට වෛරෝඩි හෝ පුෂ්පරාග මැණිකක් ඔබ්බපු මුදුවක් පළඳින්න හෝ අභිසන්භිධාන යන්ත්‍රයක් පළඳින්න පුලුවන්නම් මේ 2016 වසර අති සාර්ථක වර්ෂයක් බවට පත් කරගැනීමට ඔබට හැකියාව ලැබේවි.

